නිවේදනයයි
Bill Format Update
හිතවත් පාරිභෝගිකය, 2026 මාර්තු 27 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2481/22 මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, 2026 ජූලි 1 වැනිදා සිට නව බිල්පත් ආකෘතියක් හඳුන්වා දීමට Dialog සමාගම විසින් කටයුතු යොදා තිබේ.
මෙම යාවත්කාලීන කළ ආකෘතියට අනුව, ඔබේ බිල්පතෙහි නිමාවෙහි සහ එහි ඇතුළත් තොරතුරුවල වෙනස්කම් සිදුකෙරේ.
VAT බදු සඳහා ලියාපදිංචි පාරිභෝගිකයින් සඳහා නිකුත් කෙරෙන බිල්පත්වල සිදුවන වෙනස්කම්:
- ශීර්ෂය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආකෘතියට අනුකූලව සකසා ඇත.
- අනුක්‍රමික Invoice අංකය, විශේෂ බදු Invoice අනුපිළිවෙළකට යාවත්කාලීන කර තිබේ.
- දිනය දැක්වෙන ආකාරය, MM/DD/YYYY යන පිළිවෙළට වෙනස්කර තිබේ.
- සැපයුම්කරුගේ තොරතුරු දැක්වෙන්නේ වම්පස ඉහළ කෙළවරෙහිය.
- පාරිභෝගික තොරතුරු දකුණුපස ඉහළින් දැක්වේ.
- VAT බද්දට යටත්, VAT බද්දට යටත් නොවන සහ බදු රහිත නිෂ්පාදන හා සේවාවල විස්තර බිල්පතේ මුල් පිටුවේ වර්ගීකරණය කර දැක්වේ.
- VAT බද්දට යටත් කාණ්ඩය සඳහා නව අයිතම පේළි ඇතුළත් වේ:
- - සැපයුමේ මුළු වටිනාකම
- - VAT බදු මුදල (VAT බදු අනුපාතයට සැපයුමේ මුළු වටිනාකම)
- - VAT බද්ද ඇතුළත්ව මුළු මුදල
VAT බදු සඳහා ලියාපදිංචියක් නොමැති පාරිභෝගිකයින් සඳහා නිකුත් කෙරෙන බිල්පත්වල සිදුවන වෙනස්කම්:
- දිනය දැක්වෙන ආකෘතිය MM/DD/YYYY ලෙස යාවත්කාලීන කර තිබේ.
- සැපයුම්කරුගේ තොරතුරු වම්පස ඉහළින් දක්වා ඇත.
- පාරිභෝගික තොරතුරු දකුණුපස ඉහළින් දැක්වේ.
- VAT බද්දට යටත්, VAT බද්දට යටත් නොවන සහ බදු රහිත නිෂ්පාදන හා සේවාවල විස්තර බිල්පතේ මුල් පිටුවේ ඇතුළත් වේ.
- VAT බද්දට යටත් කාණ්ඩය සඳහා නව අයිතම පේළි ඇතුළත් වේ.
නිතර අසන පැන
Dialog සමාගම විසින් නව බිල්පත් ආකෘතියක් හඳුන්වා දෙන්නේ ඇයි?
2026 මාර්තු 27 වැනි දින, අංක 2481/22 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ සඳහන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නවතම මාර්ගෝපදේශවලට අනුකූලව Dialog සමාගම විසින් සිය බිල්පත් ආකෘතිය වෙනස් කරනු ලබයි.
නව බිල්පත් ආකෘතිය වලංගු වන්නේ කවදා සිටද?
යාවත්කාලීන කළ බිල්පත් ආකෘතිය, 2026 ජූලි 1 වැනිදා සිට හඳුන්වාදෙනු ලැබේ.
මෙම වෙනස්කම මගේ මාසික ගාස්තු හෝ බදුවලට බලපායිද?
නැත. මෙමගින් වෙනස් වන්නේ, ඔබේ බිල්පතේ ඇති තොරතුරු ඉදිරිපත් කිරීමේ ආකෘතිය පමණි. ඔබේ ගාස්තු සහ බදු වල කිසිදු වෙනසක් සිදු නොවේ.
මෙය මා විසින් ලබාගන්නා සේවාවන්ට බලපායිද?
නැත. මෙම වෙනස්කම් හේතුවෙන්, ඔබ Dialog වෙතින් ලබාගන්නා කිසිදු සේවාවකට බලපෑමක් සිදුනොවේ.
මගේ බිල්පත් චක්‍රයේ හෝ බිල් ගෙවීම් සිදුකළ යුතු දිනවල කිසියම් වෙනසක් සිදු වේද?
නැත. ඔබේ බිල්පත් චක්රය, ගෙවීම් සඳහා නියමිත දිනය සහ දැනට පවතින ගෙවීම් ක්රමවේද එලෙසම පවතිනු ඇත.
මා විසින් කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුද?
නැත. ඔබ විසින් කිසිවක් කළ යුතු නොවේ. 2026 ජූලි 1 වැනිදා සිට, ඔබේ ඉදිරි බිල්පත්වල මෙම යාවත්කාලීන කළ ආකෘතිය ස්වයංක්රීයව ඇතුළත් වේ.
නව බිල්පත් ආකෘතියේ ස්වරූපය බලාගන්නේ කෙසේද?
යාවත්කාලීන කළ බිල්පත් ආකෘතියට සමාන ආකෘතියක් ඔබට බලාගැනීම සඳහා ඉහතින් දක්වා ඇත.