feature-today

ඩිජිටල් සබැඳි පාලම

පසුබිම

ලංකාවේ පසුබිම ගතහොත්, එහි පිටිසරබද ආර්ථිකය සම්ප‍්‍රදායිකව ම පදනම්වී ඇත්තේ කෘෂිකර්මය මත යි. එහි සිටින අඩු අදායම්ලාභී පවුල් විශාල වශයෙන් රඳාපවතින්නේ රජයේ මූල්‍යාධාර මතයි. මෙයට ප‍්‍රධාන හේතුව රටේ නාගරික සහ ග‍්‍රාම්‍ය පෙදෙස් අතර අධ්‍යාපනික මට්ටම් අතර මහා විෂමතාවක් තිබීම යි. තදාසන්න පෙදෙස්වල දක්ෂ ගුරුවරුන්ගේ විශාල අඩුවක් පවතින නිසා හැදැරීමේ වේගය ඉතා අඩුය. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය මෙබඳු වුව සෑම ශිෂ්‍යයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබයි. මෙම ශිෂ්‍යයින්ගෙන් බොහොමයක් දෙනා නාගරික පාසල්වල නිෂ්පාදනයන් නොවේ. අධ්‍යාපන පද්ධතිය තුළ පුළුල්වෙමින් තිබෙන නාගරික-ග‍්‍රාමීය digital දැනුම් පරතරය අතර පාලමක් ගොඩනැංවීමේ වෑයමක් ලෙස, Dialog ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය (MoE) හා සහයෝගීතාවෙන් ග‍්‍රාමීය පාසල් කරා දුරස්ථර අධ්‍යාපනික digital පාලමක් ගොඩනැගීම මෙහෙයවනු ලබයි. මෙම ව්‍යාපෘතිය වසර දෙකක නියාමක අවධියක් සම්පූර්ණ කර ඇත. බොහෝ තාක්ෂණික සහ අධ්‍යාපනික නව ව්‍යූහයන් හරහා කටයුතු කරන මෙම ව්‍යාපෘතිය 2009 වසරේ ජූලි 20වන දා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී.

ඉලක්ක

මෙම ඩිජිටල් සම්බන්ධතා පාලම් ව්‍යාපෘතිය විසින් ඉලක්ක කරනුයේ පරිවාරගත ග‍්‍රාමීය ශිෂ්‍යයින්ට පළපුරුදු ගුරුවරුන් හා හැදෑරීමේ අන්තර්ක‍්‍රියාවන්හි නියුතු වන්නට අවස්ථාව ලබා දීම යි.

මෙම ව්‍යාපෘතිය මගින් පාසල් 1000ක් හා සම්බන්ධ වීමට ඉලක්ක කරයි. එය දල වශයෙන් රටේ මුළු පාසල් ප‍්‍රමාණයෙන් 10්‍ර කි. එහිදී එම පාසල්වල ශිෂ්‍යයින්ට නැණස (ප‍්‍රඥාව* නැමති අධ්‍යාපනික සැටලයිට් චැනලයට ප‍්‍රවේශවීමේ හැකියාව සපයා දෙන රූපවාහිනී යන්ත‍්‍ර සහ ඩිකෝඩරයන් සපයනු ලැබෙයි.

මෙය සිදු කිරීම මගින් ග‍්‍රාමීය සිසුන් 500,000කට ආසන්න සංඛ්‍යාවකට උසස් ගුණාත්මක අධ්‍යාපනික අන්තර්ගතයන් සහ මෙවලම් දෙසට ප‍්‍රවේශ වීමේ පහසුකම සැපයේ. නැණස හරහා රටේ අධ්‍යාපන මට්ටමේ වැඩි දියුණුව වේගවත් කිරීමට බලාපොරොත්තු වෙයි. තවද අන්තර්ක‍්‍රියාකාරී අධ්‍යාපනික සම්භාවිතාවන් මඟින් මෙම ව්‍යාපෘතිය තවදුරටත් ශක්තිමත් කරනු ලැබේ. එය සිදු කරනු ලබන්නේ Dialog Broadband මගින් නඩත්තු කරනු ලබන අමතර අන්තර්ක‍්‍රියාකාරි අන්තර්ජාලමය අධ්‍යයන කළමනාකරණ පද්ධතියක් (Learning Management System) හරහා ය.

දියත් කිරීම

නැණස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දියත් කරනු ලදී. නැණස යනු දුරස්ථර අධ්‍යාපනික පාලම මත පදනම් වූ අති නවීන සැටලයිට් රූපවාහිනී සේවාවකි. මෙම දුරස්ථර අධ්‍යාපනික පාලම කළමනාකරණය කරනු ලබන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය මගිනි. මෙම විවෘත කිරීමේ උළෙල 2009 ජූලි 20දා මොනරාගල පැල්වත්ත පිහිටි රන්ජන් විජේරත්න මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

වැදගත් සිද්ධි
  • මෙම ඓතිහාසික සන්ධිස්ථානයට මුළ පිරුවේ 2009 පෙබරවාරි මාසයේ දී අදාළ පාසල් වෙත රුපවාහිනී යන්ත‍්‍ර ලබා දීම මගිනි.
  • 2009 වසරේ ජූනි 02දා මෙම නැණස රූපවාහිනිය විවෘත කිරීම සිදු කරනු ලැබුවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.