Body

ඩයලොග් රටේ අනාගත තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂයින්ගේ හැකියා ඔප්නැංවීම සඳහා බදුල්ලේදී ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් පවත්වයි

2019 ඔක්තෝබර් 28         කොළඹ

 

news-1

 

news-1

 

news-1

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවෙදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින්, Dialog Kids වෙනුවෙන් 2019 ඔක්තෝබර් 05 වෙනිදා බදුල්ලේදී ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙය දිවයිනපුරා විසිරී සිටින තාක්ෂණ විෂය කෙරෙහි දක්ෂතා දක්වන දරුවන්ගේ හැකියා සහ දක්ෂතා ඔප්නැංවීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනට සමගාමීව සිදුවන අතර, මේ හරහා එම දරුවන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය අනාගත වෘත්තීය ලෙස තෝරාගැනීම සඳහා උනන්දු කරවයි.

දරුවන් 100 කට අධික පිරිසක් සහභාගි වූ මේ වැඩමුළුව ESOFT ආයතනය සමඟ සහයෝගීත්වයෙන් සංවිධාන කරනු ලැබූ අතර, බදුල්ලේ පිහිටි ESOFT Metro College හීදී එය පැවැත්විණි. මෙම නවතම මුලපිරීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට දායකවී එය ශක්තිමත් කිරීම සඳහා දරුවන් සක්‍රීයව සවිබලගන්වන, ඩයලොග් හි තිරසර කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමක් ලෙස දැක්විය හැක.