Body

ඩයලොග් 5G තාක්ෂණික ප්‍රදර්ශන මාලාවේ මීළඟ අදියර මාර්තු 6 සහ 7 මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලයේදී

March 5th, 2020        Colombo

 

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට : ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සන්නාම කළමනාකරණ අංශයේ ප්‍රධාන අලෙවි නිලධාරි ෂමීල් බිෂ්රි සහ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරි ප්‍රදීප් ද අල්මේදා, කෑගල්ල බාලිකා විද්‍යාලයේ පැවති 5 G ඩයලොග් තාක්ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශනයේදී පාසල් සිසුන් සජීවී අත්දැකීම් ලබාගන්නා ආකාරය අත්දකිමින්.

ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් රට පුරා වෙසෙන ශ්රී ලාංකිකයන්ට අනාගත තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා පැවැත්වෙන ඩයලොග් 5G සජිවී අත්දැකීම සහ තාක්ෂණික ප්‍රදර්ශනයේ පළමු දිගහැරුම මාර්තු 02 වෙනිදා කෑගලු බාලිකා විද්යාලයෙන් ආරම්භ කරන ලදී. මෙහිදී ලෝකයේ පවතින නව තාක්ෂණික ප්‍රවණතාවයන් සහ 5G හැකියාවන් ප්රදර්ශනය කරන කෙරිණි.

ඩයලොග් ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන ජාලය වශයෙන් 5G තාක්ෂණය සතු හැකියාවන් මේ හරහා ප්රදර්ශනය කරනු ලැබු අතර, 5G තාක්ෂණය මගින් බලගැන්වෙන නව පරම්පරාවේ කාර්මික සහ පාරිභෝගික යෙදවුම් පිළිබඳ පාසල් ළමුන් සහ මහජනතාව දැනුවත් කරන ලදී. මෙම ප්රදර්ශනයේදී 360° වීඩියෝ ඇමතුම්, 4K වීඩියෝ Streaming, Drone හරහා සජීවීව Ultra -High Definition වීඩියෝ Streaming, Virtual Reality Gaming, Holographic Video Calling, එසැණින්ම මිනිස් ක්රියාකාරකම් අනුකරණය කරන AI තාක්ෂණයෙන් ක්රියාත්මක වන ඩිජිටල් නිමැවුම්, සහ කර්මාන්ත සඳහා ස්වයංක්රිය රොබෝ තාක්ෂණ විදහා දැක්විය. මේ සියල්ල එසැණින්ම ඉදිරිපත් කළ හැකි වන්නේ රැහැන් රහිත 5G අධිවේගී අන්තර්ජාල සැපයුම හරහාය.

5G තාක්ෂණය එළිදැක්වීමත් සමඟ 1.4Gbps ඉක්මවන වේගයකින්ද, මිලි තත්පර 10ට අඩු latency සහ ultra-reliability සහිතව මිනිසුන් අතර සන්නිවේදනයෙන් ඔබ්බට ගොස්, යන්ත්රයන් අතරද සන්නිවේදනයට ඉඩ සලසන තාක්ෂණයන් වන Internet of Things (IoT), කෘතිම බුද්ධිය (Artificial Intelligence), Machine Learning (ML), Mixed/Virtual Reality සහ රොබෝ තාක්ෂණයන්, සිව්වෙනි කාර්මික විප්ලවය බලගැන්වීමට කටයුතු කරයි.

“අනාගතය අදයි” දැක්ම සමඟ සේවාවන් ලබාදීමට කීර්තියක් උසුලන ඩයලොග් ආයතනය, 2018දී දකුණු ආසියාවේදී ප්රථම වතාවට 5G තාක්ෂණය හඳුන්වා දුන් අතර, 2019 වසරේදී ජංගම 5G තාක්ෂණය සම්ප්රේෂණය කරමින් තත්පරයට 1.4 ගිගා බිට්ස් (Gbps) ඉක්මවූ වේගයකින් යුතුව 5G හැකියාවන් ප්රදර්ශනය කරන ලදී.

රට වටා යන ඩයලොග් 5G තාක්ෂණික සහ අධ්යාපන ප්රදර්ශනයේ මීළඟ දිගගැරුම මාර්තු 6 සහ 7 දෙදින මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලයේ පැවැත්වෙන අතර, ප්‍රදර්ශනය පැවැත්වෙන සෙසු ස්ථාන පිළිබඳව දැනගැනීම සඳහා https://www.dialog.lk/dialog-takes-5g-technology-closer-to-every-sri-lankan වෙත පිවිසෙන්න.