Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනු සඳහා Daraz Sri Lanka එක්වෙයි
2026 ජූලි 15 කොළඹ
(වමේ සිට) ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් Platforms සහ සහයෝගිතා අංශයේ, උප සභාපතිනි මුදිතා ප්‍රේමරත්න මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සහ Daraz Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රුක්ෂාන් සේවියර් මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Dialog Pay හරහා මෙරට ජනතාවගේ ජීවිතවලට ඩිජිටල් ගෙවීමේ ක්‍රම තව තවත් සමීප කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, දිවයිනේ ප්‍රමුඛතම අන්තර්ජාල වාණිජ වෙබ් අඩවියක් වන Daraz Sri Lanka හා එක්ව, පාරිභෝගිකයින්ට පහසුවෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව ලබාදී ඇති බව සතුටින් දැනුම් දෙයි. ඒ අනුව දැන් පාරිභෝගිකයන්ට, තමන් ඇණවුම් කරන භාණ්ඩ, COD (Cash on Delivery) ක්‍රමයට ගෙදරටම ගෙන්වා ගත හැකි අතර, භාණ්ඩය රැගෙන එන නියෝජිතයා විසින් ඉදිරිපත් කරන Dialog Pay QR කේතය Scan කර, Dialog Pay හරහා ආරක්ෂිතව හා පහසුවෙන් ගෙවීම් සිදුකළ හැකි වේ. මෙලෙස සිදුකරන සෑම ගනුදෙනුවක් සඳහාම නොමිලේ Dialog Data වාසිද ඔවුන්ට හිමි වේ.
මෙම සුවිශේෂී සහයෝගිතව පිළිබඳව අදහස් දක්වමින් Daraz Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රුක්ෂාන් සේවියර් මහතා මෙලෙස සඳහන් කළේය. "ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද මගින්, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වාණිජ ක්ෂේත්රයේ වෙනස්කම් සඳහා ඉවහල් වන විශාල කාර්යභාරයක් ඉදිරියේදී ඉටු කෙරෙන බව Daraz Sri Lanka හි අපට විශ්වාසයි. Dialog ආයතනය සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාව තුළින්, අපගේ පාරිභෝගිකයින්ට Online මඟින් භාණ්ඩ මිලදීගැනීමට පහසු හා ආරක්ෂිත අත්දැකීමක් පිරිනමමින්, ඩිජිටල් ගනුදෙනු සමගින් වේගයෙන් දියණුවන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට දායක වීමට, ආයතන දෙකේම පොදු කැපවීම පිළිබිඹු වෙනවා. ඒ වගේම, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් ඩිජිටල් ගෙවීම්වලට වැඩි වශයෙන් යොමු කරමින් ඔවුන්ට උපරිම වාසි ලබාදීම අපේක්ෂාවයි. Daraz Sri Lanka සතු පුළුල් අන්තර්ජාල වාණිජ ව්‍යාප්ති හැකියාව සමඟ ඩයලොග් හි ඩිජිටල් ගෙවීම් තාක්ෂණය එක්කර පාරිභෝගිකයින්ට වාසිදායක, වඩාත් පහසු, අත්දැකීමක් සමගින්, රට පුරා ඩිජිටල් ගෙවීම් සංස්කෘතිය දිරිමත් කිරීමටත් අපි කැප වෙනවා.”
MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවීම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී පාරිභෝගිකයින්ට ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයින්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද ද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනාඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි.