Body

ඩයලොග් ආසිආටා, ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සන්නිවේදන සහකරු ලෙසින්, ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ගමන බලගන්වයි

2026 ජූලි 24         කොළඹ

 

Left Image - ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා සමඟ ගිවිසුම හුවමාරු කර ගනිමින්.

Right Image - (වමේ සිට): ඩයලොග් ආසිආටා පීඑල්සී හි ක්‍රීඩා අලෙවිකරණ, සන්නාම කළමනාකරු සුදර්ශන මුතුතාන්ත්‍රි මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අලෙවිකරණ මෙහෙයුම් ප්‍රධානී, රියාස් හනීෆා මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවිකරණ උප සභාපති හර්ෂ සමරනායක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) සභාපති අසංග සෙනෙවිරත්න මහතා, NOCSL හි උප සභාපතිනි නිලූ ජයතිලක මහත්මිය, NOCSL හි උප සභාපති ප්‍රිත්විරාජ් පෙරේරා මහතා සහ NOCSL හි මහ ලේකම් රිෆ්දි ෆහ්මි මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම ක්‍රීඩාවේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දක්වා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) නිල සන්නිවේදන සහකරු බවට පත්වෙමින් රටේ ඔලිම්පික් සිහින වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් විදහා දැක්වීය.

මෙම සුවිශේෂී සබැඳියාව හරහා, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කරා යන ගමනේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීමට ඩයලොග් කටයුතු කරනු ඇත. එමගින් ක්‍රීඩා විශිෂ්ටත්වය පෝෂණය කිරීමටත්, දේශීය ක්‍රීඩකයින්ට ජගත් වේදිකාවේ තරග කිරීම උදෙසා සවියක් වීම පිණිස එම සමාගමේ කැපවීම තවදුරටත් තහවුරු වේ.

ජාත්‍යන්තර තලයේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග රටේ ප්‍රමුඛතම පදක්කම් බලාපොරොත්තුවක් ලෙස පෙරට එමින් සිටින මොහොතක මෙවන් සබැඳියාවක් සනිටුහන් වීම, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් අලුත් ඉතිහාස කථාවක් ලිවීම පිණිස ශක්තිමත් පසුබිමක් සලසයි. වර්ෂ 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඩන්කන් වයිට් මීටර් 400 කඩුලු පැනීමේ රිදී පදක්කම ද, 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහ කාන්තා මීටර් 200 රිදී පදක්කම ද ලෙසින් ශ්‍රී ලංකාව තම ඔලිම්පික් ඉතිහාසයේ පදක්කම් දෙකක් දිනාගෙන සිටියි.

"දශක දෙකකට වැඩි කාලයක් පුරා, ශ්‍රී ලාංකේය ක්‍රීඩාව බලගැන්වීමට ඩයලොග් කැපවී සිටින්නේ, ක්‍රීඩාව තුළින් රටේ එකමුතුභාවය ඇතිකර, අනාගත පරපුර දිරිගැන්වීමට ඇති හැකියාව කෙරෙහි විශ්වාසය තබමින්. මින්ජාතික ඔලිම්පික් කමිටුව සමඟ අප ඇති කරගත් මෙම සබැඳියාව තුළින්, ජාත්‍යන්තර වේදිකාවේදී ජයග්‍රහණ කරා යාමට ක්‍රීඩකයින්ට සහය වීම වෙනුවෙන් අපගේ අඛණ්ඩ දායකත්වය පිළිඹිබු කෙරෙනවා. ග්ලාස්ගෝ හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ආරම්භ වී, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දක්වා දිවෙන ගමනේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටීමටත්, රන් පදක්කම් සඳහා වන ජාතියේ අභිලාෂය බලගන්වමින්, අපගේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විශිෂ්ටත්වය සහ ජාතික අභිමානය වෙනුවෙන් සහය වීමට ලැබීම අපට ආඩම්බරයට කරුණක්." යැයි ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තේවෙරප්පෙරුම මහතා පැවසීය.

මෙම අනුග්‍රාහක සබැඳියාව පිළිබඳව අදහස් දැක්වූ, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා "අපගේ අරමුණ වන්නේ ක්‍රීඩාවේ ශක්තිය තුළින් සියලු ශ්‍රී ලාංකිකයින් එක්කරමින්, දිවයින පුරා සිටින ජනතාව දිරිගන්වන, ඔවුන් එක්සත් කරන සහ ජනතාවගේ ජීවිත නංවාලීමට උපකාරී වන අවස්ථාවන් නිර්මාණය කිරීමයි. ඩයලොග් සමාගම සමඟ එක්ව, අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනය කරමින්, තරුණ තරුණියන්ට අභීතව සිහින දැකීමටත්, විශිෂ්ටත්වය ළඟා කර ගැනීමටත්, ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව සාඩම්බරයෙන් නියෝජනය කිරීමටත් අපි ශක්තිය පිරිනමනවා"

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩය‌ලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.