ඩයලොග්, ක්‍රීඩා ලෝලීන්ට ප්‍රභූ පන්නයේ ක්‍රිකට් තරග ප්‍රේක්ෂක අත්දැකීමක් පිරිනමමින් සිය අනුග්‍රාහකත්වයේ 12 වැනි වසර සමරයි
2025 පෙබරවාරි 18 කොළඹ

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, රටෙහි ආදරණීය ක්‍රීඩාව වන ක්‍රිකට් වෙනුවෙන් තම කැපවීම මොනවට පෙන්නුම් කරමින් වාසනාවන්ත ක්‍රිකට් ලෝලීන් සිය දෙනෙකු (100) හට සුවිශේෂී තරග දින ප්‍රේක්ෂක අත්දැකීමක් හිමිකරදෙන අතරවාරයේ ආවේණික වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකේය ක්‍රීඩා උද්‍යෝගය නංවාලීම වෙනුවෙන් සිය කැපවීම සහ සහභාගීත්වය විදහා දක්වන ලදි.
මෙම අපූරු කටයුත්තේදී, සමාජ මාධ්‍ය ඔස්සේ පවත්වනු ලැබූ තරගයකින් තෝරාගනු ලැබූ අදාළ ජයග්‍රාහකයන්, පපරේ වාදක වෘන්දයක සජීවී වැයුම් සහිත විචිත්‍රවත් තට්ටු දෙකේ බස් රථයකින් ක්‍රීඩාංගණය වෙත රැගෙන යන ලදී. ඩයලොග් සමාගම අඛණ්ඩව කොපමණ වසරක් ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙත අනුග්‍රහය දැක්වූයේද යන්න පැනය ලෙසින් ඉදිරිපත් කළ අදාළ තරගයට, නොවූ විරූ ප්‍රතිචාර හිමිවූ අතර ඒ අතරෙන් ‘වසර 12ක්’ ලෙසින් නිවැරදි පිළිතුර සැපයූ උදවිය හට ඔවුන් පුල පුලා බලා සිටි තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත් සමගින්, ප්‍රභූ පහසුකම් මධ්‍යයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අත්විඳීමට අවස්ථාව හිමිවුණි.
ඩයලොග් සමාගම, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් වසර 12ක කාලයක් පුරා බැඳී සිටීම , ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩාව හා එම සමාගම අතර ඇති අවියෝජනීය බැඳීම දැක්වෙන ප්‍රබල සාක්ෂියකි. නව්‍ය ඩිජිටල් වේදිකා මෙන්ම සදා මතකයේ රැඳෙන අත්දැකීම් පිරිනැමීම ඔස්සේ ක්‍රීඩාවට ක්‍රීඩාලෝලීන් බඳවා තබන ඩයලොග්, සාම්ප්‍රදායික අනුග්‍රාහකත්වයන් අභිබවා ක්‍රීඩාලෝලීන් සහ ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩාව අතර ඇති බැඳීම ශක්තිමත් කරවයි. ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වන උද්‍යෝගය, ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ හදවත්වලට සමීප කරවීම උදෙසා ඩයලොග් විසින් කරනු ලබන අඛණ්ඩ මෙහෙවරට මෙම නවතම වැඩසටහන ක්‍රියා කරයි.