Body

DIALOG-SLESA සමස්ත ලංකා Free Fire තරගාවලියෙන් මොණරාගලට රුපියල් මිලියනයක ජයග්‍රාහී ත්‍යාග මුදලක් රැගෙන යයි

දෙසැම්බර් 23, 2022         කොළඹදී

 

All lsland free fire championship trophy

ඡායාරූපය - මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන nA NEVERSTOP කණ්ඩායමේ නායක ලකිඳු ද සිල්වා විසින් සමාරම්භක ‘ Dialog SLESA සමස්ත ලංකා free fire තරගාවලියේ ජයග්‍රාහී ශූරතාව ඩයලොග් ආසිආටා පී.එල්.සී හී උප සභාපති ( සමූහ අලෙවි, සන්නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක අතින් හිමිකරගත් අවස්ථාව
එසේම (ඡායාරූපයේ වමේ සිට) මොහොමඩ් ගසාලී (ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ අලෙවි, ඩජිටල් අලෙවි ප්‍රධානී) රවීන් විජයතිලක ( සභාපති, ශ්‍රී ලංකා ඊ-ස්පෝර්ටස් සංගමය) අමිත් පෙරේරා (නිෂ්පාදන කළමනාකරු, Gaming Services, ඩයලොග් ආසිආටා පී.එල්.සී)

nA NEVERSTOP celebrating their Victory

Dialog SLESA සමස්ත ලංකා free fire තරගාවලියේ ශූරතාව දිනාගත් මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කළ nA NEVERSTOP කණ්ඩායම ශූරතාව සමගින්..
nA NEVERSTOP කණ්ඩායමේ නායක ලකිඳු ද සිල්වා සහ nA NEVERSTOP කණ්ඩායම සිය ජයග්‍රහණය සමරමින්
එසේම ඡායාරූපයේ (වමේ සිට) සමාජ මාධ්‍ය ක්‍රියාකාරී - Chanux Bro, මොහොමඩ් ගසාලී (ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ අලෙවි, ඩජිටල් අලෙවි ප්‍රධානී) හර්ෂ සමරනායක (ඩයලොග් ආසිආටා පී.එල්.සී හී උප සභාපති - සමූහ අලෙවි, සන්නාම සහ මාධ්‍ය) රවීන් විජයතිලක ( සභාපති, ශ්‍රී ලංකා ඊ-ස්පෝර්ටස් සංගමය) අමිත් පෙරේරා (නිෂ්පාදන කළමනාකරු, Gaming Services, ඩයලොග් ආසිආටා පී.එල්.සී) ද වෙති

All-Island Free Fire

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ Wolf Gang’s INFINITY ENDGAME කණ්ඩායමේ තිලිණ පෙරේරා විසින් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ අලෙවි, ඩජිටල් අලෙවි ප්‍රධානී මොහොමඩ් ගසාලී වෙතින් හිමිකරගත් අවස්ථාව
එසේම ඡායාරූපයේ වමේ සිට - හර්ෂ සමරනායක (ඩයලොග් ආසිආටා පී.එල්.සී හී උප සභාපති - සමූහ අලෙවි, සන්නාම සහ මාධ්‍ය) රවීන් විජයතිලක ( සභාපති, ශ්‍රී ලංකා ඊ-ස්පෝර්ටස් සංගමය) අමිත් පෙරේරා (නිෂ්පාදන කළමනාකරු, Gaming Services, ඩයලොග් ආසිආටා පී.එල්.සී) ද වෙති.

පසුගියදා දිස්ත්‍රික් මට්ටමින් පැවැති ජාතික Esports තරඟාවලියක් වන DIALOG-SLESA සමස්ත ලංකා Free Fire ශූරතාවලියේ සමාරම්භක තරගාවලයේදී මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන Noob Alliance’s කණ්ඩායම හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සම්පාදකයා වන Dialog Axiata විසින් මාස හතරක කාලයක් පුරා බලගන්වන ලද මෙරට අංක එකේ Esports ක්‍රීඩකයන් තරගවැදුණු ශ්‍රී ලංකාවේ අංක එකේ Esports තරගාවලිය වන මේ උදෙසා මිලියන 1 ක ජයග්‍රාහී ත්‍යාග මුදලක් වෙන් කරන ලදී.

මෙම ශූරතාවලියට ශ්‍රී ලංකා Free Fire ක්‍රීඩකයින් 2,000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටි අතර, අවසන් පූර්ව වටය සහ දිස්ත්‍රික් අවසන් මහා තරගය සඳහා තම දිස්ත්‍රික්කය නියෝජනය කිරීමේ අවස්ථාව ලබා ගැනීමට කණ්ඩායම්වලට තියුණු තරගයක් දීමට සිදු විය. තියුණු තරඟ වට ගණනාවක් අවසානයේ දිස්ත්‍රික් අවසන් මහා තරගය සඳහා ක්‍රීඩකයන් තෝරා පත්කරගැනීම සිදුවිය.

දිස්ත්‍රික් අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායම් ඉන් අනතුරුව සමස්ත ලංකා අර්ධ අවසන් පූර්ව වටයට සහභාගි වූ අතර එම කණ්ඩායම් අතරින් හොඳම කණ්ඩායම් 12ක් දින දෙකක් තිස්සේ පවත්වන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

ඒ අනුව අම්පාර (Ae-S SLR GHOST), මොණරාගල (nA NEVERSTOP), මඩකලපුව (nA Archangels A), අනුරාධපුර (WG INFINITY ENDGAME), මහනුවර (nA NEGU SL), කළුතර (FAKE HAWK), නුවරඑළිය (RK TRIPLE) , යාපනය (Me-S MOSTWANTED ELLITE), ගාල්ල (Me-S Brtherhood), ත්‍රිකුණාමලය (Me-S BRAIN DEADZ), කොළඹ (4 QUESTIONS ) සහ කිලිනොච්චිය (JUSTICE X) යන කණ්ඩායම් 12 අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ.

මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන nA Neverstop කණ්ඩායම තරගාවලිය පුරාම කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් ලකුණු 181ක් ලබා දෙවැනි ස්ථානයට පත්වූ අනුරාධපුරය නියෝජනය Wolf Gang’s INFINITY ENDGAME කණ්ඩායමට වඩා ලකුණු 44කින් පෙරමුණ ගෙන ශූරතාව හිමිකර ගත්තේය. ඒ අනුව ලකුණු 181ක් ලැබූ අනුරාධපුර Wolf Gang’s INFINITY ENDGAME කණ්ඩායම දෙවැනි ස්ථානයත් ,ලකුණු 156ක් ලැබූ අම්පාරේ Ae-S SLR GHOST කණ්ඩායම තෙවැනි ස්ථානයත් හිමිකරගත්තේය.

දින 2 ක අවසන් මහා තරගයේදී eliminations 40ක් සමඟින්,අනුරාධපුර Wolf Gang ගේ INFINITY ENDGAME කණ්ඩායමේ තිළිණ ‘ජෙස්ටර්’ පෙරේරා කැපී පෙනෙන දක්ෂතා රැසක් පෙන්වමින් අවසන් මහා තරගයේ MVP බවට පත්විය. තරඟාවලිය පුරාවටම ඉහලම දස්කම් රැසක් සමඟින්, Me-S BROTHERHOOD (ගාල්ල) කණ්ඩායමේ Semin ‘BOH xDREAM’ Thamash eliminations 114ක් සමඟින් තරඟාවලියේ ඉහළම දස්කම් දක්වන ක්‍රීඩකයා බවට පත්විය.

“මෙම දිස්ත්‍රික් මට්ටමේ ඉසව්ව සමඟින් අපි Esports ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගෙන යාමට සූදානම් .මෙම වැඩසටහන සඳහා ලැබුණු ප්‍රතිචාර ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. Esports සඳහා තරුණයින් 2,000 කට වැඩි පිරිසක් සහභාගී වූණා .ඒ ක්‍රීඩකයන්ට දැන් ජාත්‍යන්තර ක්‍රීඩා වල ඉහළම මට්ටම්වලට පවා තරඟ කිරීමට සුදුසුකම් තියෙනවා . නුදුරු අනාගතයේ දී ශ්‍රී ලාංකීය Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රට වෙනුවෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ගෙන ඒමටත් හැකියාව ලැබෙන බව අපිට විශ්වාසයි.”ලෙස මෙම අවස්ථාවට සම්බන්ධ වූ ශ්‍රී ලංකා Esports සංගමයේ සභාපති සහ Gamer.LK හි ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා පැවසීය.

SLESA 2010 වසරේදී Gamer.LK විසින් ආරම්භක සාමාජිකයින් 4 දෙනෙකු සමඟින් ආරම්භ කරන ලද වැඩසටහනක් වන අතර ජාත්‍යන්තරව පවා පිළිගැනීමට ලක්ව ඇති මේ තරග රටාව අද වන විට මෙම ක්‍රීඩාව ක්‍රමානුකූලව රට තුළ වර්ධනය වෙමින් පවතී. මෙම ශූරතාවලියට SLESA සහ Gamer.LK විසින් සහාය දක්වන ලද ක්‍රීඩා ප්‍රකාශක Garena හී මෙය පිළිගැනීමට ලක්වේ.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.