Body

eZ Cash හවුල්කරුවන්ට PickMe රියැදුරන් සඳහා පහසු ගෙවීම්

2019 ජනවාරි 17         කොළඹ

 

news-1

ඡායාරූපය • ඩයලොග් ආසිආටා පීඑල්සී (වමේ සිට 5 වෙනියා) ඩිජිටල් සේවා, උප සභාපති, ෆාරික් කාදර් මහතා (ඩිජිටල්) මොබයිල් සොලියුෂන් ලංකා ලිමිටඩ්හි ( දකුණේ සිට 5 වෙනියා) ප්‍රධාන විධායක නිලධාරි සුල්ෆර් ජිෆ්රි වෙත ගිවිසුම් පත්‍රය භාරදීම (වමේ සිට) ඩයලොග් ආසිආටා පීඑල්සී හි සුසන්ත පුෂ්පකුමාර, ගිණුම් කළමනාකරු, ව්‍යාපාර විකුණුම්, ජංගම මුදල්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජංගම මුදල් ජ්‍යෙෂ්ඨ කළමනාකාර පද්මනාත් මුතුකුමාරණ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රධාන කළමනාකරු - Merchant Acquisition සහ Sales, ජංගම මුදල් - උදය ජයසුන්දර Digital Mobility Solutions Lanka පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉසිර පෙරේරා, Digital Mobility Solutions Lanka පුද්ගලික සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ෂිෆාස් රියාස්, Digital Mobility Solutions Lanka පුද්ගලික සමාගමේ අලෙවි ප්‍රධානී ගව්ෂික් සතියසිවා සහ Digital Mobility Solutions Lanka පුද්ගලික සමාගමේ කළමණාකරු - ලියාපදිංචි - ඉම්රාන් ඩීන්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම ජංගම මුදල් හා ගෙවීම් සේවාව වන eZ Cash, එහි නවතම හවුල්කාරිත්වය මෙරට නව්‍යතම සහ විශාලතම ටැක්සි සේවාව සපයන PickMe සමඟ එක්වෙමින් eZ Cash ඔස්සේ දෛනික ග්‍රාහක ගෙවීම් සක්‍රීය කිරීම නිවේදනය කරයි. සියළුම PickMe රියැදුරන්ට ඕනෑම මොහොතක, ඕනෑම තැනකදී eZ Cash ජංගම දුරකතන යෙදුම (app) ඔස්සේ හෝ දිවයින පුරා පිහිටි 20,000 කට අධික eZ Cash වෙළෙඳ මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් වඩාත් පහසුවෙන් ගෙවීම් සිදු කළ හැකිය.