නිවේදන


අපගේ හිතවත් පාරිභෝගිකයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි

April 26, 2024 - 4.30 PM

නිවේදනයයි
ඩයලොග් ආසිආටා සමූහ ව්‍යාපාරය නියෝජනය කරන බව කියන ඇතැම් WhatsApp සමූහ සහ සමාජ මාධ්‍ය ගිණුම් අපගේ සන්නාමය අනවසර ලෙස භාවිත කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී තිබේ. මෙම සමාජ මාධ්‍ය ගිණුම් හා සමූහ, ඩයලොග් ආසිආටා සමූහ ව්‍යාපාරයේ හෝ එහි අනුබද්ධිත සමාගම්වල කිසිදු අනුමැතියකින් තොරව ක්‍රියාත්මක වන ඒවා බවත්, ඩයලොග් හා කිසිදු ආකාරයේ නිල සම්බන්ධතාවයක් නොමැති බවත් අපි තරයේ තහවුරු කර සිටිමු.

මාර්තු 15, 2023 - 8.00 AM

හිතවත් පාරිභෝගිකය, Dialog TV හි පද්ධති යාවත්කාලීන කිරීමේ පළමු අදියර සාර්ථකව අවසන් කර, සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්වයට පත්කර ඇති බව අපි ඔබට දන්වා සිටිමු.

ඔබගේ රූපවාහිනි තිරයේ Error පණිවිඩයක් දිස්වන්නේ නම්, කරුණාකර Channel One නාලිකාව (නාලිකා අංක 1) වෙත පිවිස විනාඩි 2ක් රැඳී සිටින්න.

මාර්තු 15 වෙනිදා සිට 31 දක්වා සියලු Dialog Television නාලිකා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව නැරඹිය හැකි බව අපි ඔබට සතුටින් දන්වා සිටිමු.

Learn More

View all