பொருள் விரிவாக்கம்

මාතර දිස්ත‍්‍රික්කයේ කොටපොල, ”සෙනෙහෙ සියපත 2017” නිවාස ව්‍යාපෘතියට මුල්ගල්තබයි.

21 August 2017         Colombo

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගමේ ප‍්‍රධානත්වයෙන් මාතර දිස්ත‍්‍රික්කයේ කොටපොල ප‍්‍රදේශයේ ඉදි කිරීමට නියමිත ”සෙනෙහෙ සියපත” ගම්මානය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අග‍්‍රාමාත්‍ය, ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

එම අවස්ථාව සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මැතිතුමා, ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක, සුපුන් වීරසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(පරිපාලන), ඩබ්ලිව්.ඒ. කුලසූරිය, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති, කාවන් රත්නායක, ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරිනී, අමලි නානායක්කාර, අපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, චම්පික විජ්සූරිය, කොටපොල ප‍්‍රාදේශීය ලේකම්, ජී. අමරසිංහ සහ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන සේනාංකයේ අනදෙන නිලධාරී, ඒ.එම්.එස්.ඞී අතපත්තු යන මහත්ම, මහත්මීන් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වූහ.

නිවාස 37 ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 57.5 ක් වැය වන අතර, මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ගේ ශ‍්‍රම දායකත්වය නොමිලේ ලබාදෙනු ලබයි. එමෙන්ම මේ උදාර කර්තව්‍යයට නොමසුරු ව දායක වූ Dialog පාරිභෝගිකයන් රුපියල් මිලියන 16.53ක මුදලක් පරිත්‍යාග කළ අතර, එම මුදල තෙගුණ කරමින් තවත් රුපියල් මිලියන 33.47ක් Dialog සමාගම ඊට එකතු කරනු ලැබීය. ඊට අමතරව RIL Property PLC වෙතින් තවත් රුපියල් මිලියන 7.5ක මුදලක් පරිත්‍යාග කිරීමෙන් පසු ‘සෙනෙහෙ සියපත’අරමුදල, රුපියල් මිලියන 57.5ක මුදලක් රැුස් කරගන්නා ලදී.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සකස් කළ (NBRO) නිර්ණායකයන්ට අනුව සෙනෙහෙ සියපත 2017 යටතේ නිවාස 25ක් හා 12ක් පිළිවෙළින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇහැළියගොඩ හා මාතර දිස්ත‍්‍රික්කයේ කොටපොල ‘සෙනෙහෙ සියපත’ ගම්මානවල ඉදි කරනු ලබන අතර, එම ඉදි කිරීම් කටයුතු ඩයලොග් ආසිආටා සමාගමේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි.

‘‘පසුගිය කාලයේ අපේ රට ආපදා අභියෝගයන්ට මුහුණ පෑ අවස්ථාවල උපකාර කිරීමට ඉදිරිපත් වූ අපේ පාරිභෝගිකයන්ට මා අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවර ද ලබාදුන් ආධාරවලින් මනාව පිළිබිඹු වෙන්නේ අපගේ ග‍්‍රාහකයන්ගේ සැබෑ පරිත්‍යාගශීලීත්වයයි. පීඩාවට පත් අයට ස්ථිර නිවාස ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමග එක් වන්නට ලැබීම අපට ගෞරවයක්.’’ යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා පැවසීය.

ස්වාභාවික විපත් නිසා අසරණ වන ජනතාවට සහන සැලසීමේ අරමුණින් 2016 මැයි 20 දින ආරම්භ කළ ‘සෙනෙහෙ සියපත’ ව්‍යාපෘතියෙන් පසුගිය වසරේ කෑගල්ල අරනායක සාමසර කන්ද නායයෑමෙන් විපතට පත් ජනාතව වෙත නිවාස 30ක් ඉදි කළ අතර, මෙවර ද ගංවතුරෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් රු. 50ක පරිත්‍යාගයන් SMS (කෙටි පණිවුඩ සේවාව) හෝ Star Point හෝ eZ Cash මගින් සිදු කරන මෙන් සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ ලැබුණු සෑම රු. 50කටම තවත් රු. 100 බැගින් එකතු කිරීමෙන් රු. 150ක් වන ලෙස මුදල් ප‍්‍රමාණය තෙගුණ කර ව්‍යාපෘති අරමුදලට බැර කරනු ලැබීය.

‘සෙනෙහෙ සියපත’ අරමුදලේ වියපැහැදම් කටයුතු ස්වාධීන ව අධීක්ෂණය කළ ප‍්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් ශී‍්‍ර ලංකා විගණන ආයතනයේ වාර්තාව sm.dialog.lk/floodrelief මගින් ප‍්‍රසිද්ධ කෙරේ.