பொருள் விரிவாக்கம்

ඩයලොග් බලගන්වන Genie රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි

ඔක්තෝබර් 16, 2019         කොළඹ

 

news-1

(වමේ සිට දකුණට) - ඩයලොග් ආසිආටා පීඑල්සී හි - නිෂ්පාදිත සේවා කළමනාකරු - ජංගම මුදල් සහ ගෙවීම් - ව්‍යාපාර සංවර්ධන ස්ෆ්‍රාස් රසීක්, Lanka Clear Pvt LTD හි සභාපති අනිල් අමරසූරිය මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරී ආචාර්ය නුෂාඩ් පෙරේරා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, විනිශ්චය මණ්ඩලයේ සභාපති වසන්ත දේශප්‍රිය මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් මූල්‍ය සේවා පිළිබඳ ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී ජානක ජයලත්, ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහයට අයත් ෆින්ටෙක් හි ජ්‍යේෂ්ඨ කළමනාකාර ගිමාලි සොයිසා සහ LankaClear Pvt LTD හි සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා.

ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී ගෙනෙන, ශ්රී ලංකාවේ එකම සහ ප්රථම PCI-DSS සහතික ලත් මොබයිල් ගෙවීම් ඇප් එක වන Genie, පසුගියදා පැවති Lanka Pay Technnovation සම්මාන ප්රදානෝත්සවයේදී ‘වඩාත් ජනප්රිය විද්යුත් ගෙවීම් ඇප් එක ලෙසද (ෆින්ටෙක්)’ , ‘Retail Payments’ සඳහා වන හොඳම මොබයිල් ඇප්ලිකේෂන් එක’ සඳහා රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. 2019 ඔක්තෝබර් 07 වෙනිදා සම්මාන ප්රදානෝත්සවය පැවැත්විණි.

සම්මාන ප්රදානෝත්සවය සංවිධාන කරනු ලැබුවේ Lanka Clear Ltd විසිනි. මේ ආයතනය Lanka Pay ජාතික ගෙවීම් ජාලයේ ක්රියාකරු වශයෙන් කටයුතු කරයි. පාරිභෝගික පහසුව නිරන්තරයෙන් වැඩිදියුණු කරමින්, ශ්රී ලංකාව තුළ විද්යුත් ක්රමවේදය භාවිත කරමින් සිදුකරන ගෙවීම් ප්රවර්ධනය කිරීම සිය ස්ථිර දැක්ම කරගත්, නවීන තාක්ෂණික ගෙවීම් ක්ෂේත්රයේ පෙරගමන්කරුවන් ලෙස කටයුතු කරන ආයතන හඳුනාගැනීම Lanka Clear Ltd ආයතනයේ අරමුණයි.

සැබැවින්ම Genie ඇප් එක සාම්ප්රදායික පසුම්බිය ඩිජිටල් පසුම්බියක් දක්වා පරිවර්තනය කරයි. මෙමඟින් ක්රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්, ජංගම සහ ඉතුරුම් ගිණුම් සහ ජංගම දුරකතනයේ ඇති eZ Cash ගිණුම ආරක්ෂිතව ඇප් එකට එකතුකර ගනී. Genie ඇප් එක හරහා QR මගින්, web මගින් සහ දුරස්ථ ගෙවීම් ලෙස දිවයින පුරා පිහිටි 12,000 කට අධික නියෝජිත මධ්යස්ථානවලින් ගෙවීම් සිදුකල හැක. ජාත්යන්තරව පිළිගැනීමට ලක්වන PCI දත්ත ආරක්ෂණ ප්රමිති ආයතනයේ පූර්ණ සහතිකය ලත් Genie, ශ්රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රය තුළ ආරක්ෂිතව සහ පහසුවෙන් ගනුදෙනු සිදුකළ හැකි මාධ්යයකි. අති නවීන තාක්ෂණයෙන් බලගන්වා ඇති මෙම ස්මාට්ෆෝන් ඇප් එක, භාවිතයට පහසුවන ආකාරයට නිර්මාණය කර ඇත. එමෙන්ම එය ඩිජිටල් තාක්ෂණය භාවිත කෙරෙන ගනුදෙනුවලින් වෙළඳහිමියන් සහ පාරිභෝගිකයන් සවිබලගන්වයි. මීට අමතරව ජංගම දුරකතනය ඔස්සේ ඍජුවම සිදුකරන ගෙවීම් සඳහාද Genie පහසුකම් සලසයි.

මෙම සුවිශේෂී ජයග්රහණය පිළිබඳව ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්රධාන ඩිජිටල් සේවා නිලධාරී ආචාර්ය නුෂාඩ් පෙරේරා මෙලෙස අදහස් දැක්වීය. “ජංගම මුදල් සහ ගෙවීම්වලින් සිදුකරන ගනුදෙනු සඳහා වැඩි යොමුවීමක් ජාත්යන්තර මට්ටමින් දක්නට ලැබෙන මෙවැනි කාලයක, ඒ පිළිබඳ ශ්රී ලංකාව තුළ පෙරගමන්කරුවෙක් වන්නට ලැබීම අපට මහත් ආඩම්බරයක්. Genie, ‘වඩාත් ජනප්රිය විද්යුත් ගෙවීම් ඇප් එක (ෆින්ටෙක්)’ සහ ‘Retail Payments සඳහා වන හොඳම මොබයිල් ඇප්ලිකේෂන් එක’ යන රන් සම්මාන දෙකෙන් පිදුම් ලැබීම අපට විශාල ගෞරවයක්. මම මේ අවස්ථාවේදී ශ්රී ලංකා මහ බැංකුවේ නව්යකරණ ප්රතිපත්තිය සිහිපත් කරමින් ඔවුන් සමඟත්, ශ්රී ලාංකීය ජනජීවිත සහ ව්යවසායන් සවිබලගන්වමින් පොහොසත් කිරීම වෙනුවෙන් වූ අපේ දැක්ම ඉදිරියට ගෙන යන, ඒ වෙනුවෙන් නවීන තාක්ෂණය වැඩි දියුණු කරමින් නිරන්තරයෙන් කැපවන ඩයලොග් හි අපේ සමස්ත කණ්ඩායම සමඟත් මෙම ජයග්රහණයේ සතුට බෙදාගන්නවා.”

දැන් ඔබට Pay by Genie සේවාව Google Google Play Store සහ Apple App Store වෙතින් ද, www.genie.lk ඔස්සේද ලබාගත හැක.