பொருள் விரிவாக்கம்

IdeaMart නව පරම්පරාවේ ජීවන රටා යෙදුම් බලගන්වමින් ‘ISayYouDo’ දියත් කරයි.

2019 ජනවාරි 22         කොළඹ

 

news-1

 

IdeaMart සිය නවතම නිපැයුම ලෙස එදිනෙදා වැඩ කටයුතු, විවිධ ජීවන රටා සහ විනෝදාස්වාදයන් යනාදිය ස්වයංක්‍රීය කිරීමට, ඒ ඒ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි සකස් කරගත හැකි සහයකයෙක් වන ISayYouDo දියත් කරයි. මෙම විප්ලවකාරී නිපැයුම ඔස්සේ වෙබ් / ඩිජිටල් විදුලි සංදේශනය සහ IoT සේවා (Internet of Things) ඒකාබද්ධ කරනු ලබයි.

www.isayyoudo.io ඔස්සේ ISayYouDo වෙබ් අඩවියට පිවිසීමෙන් ස්වයංක්‍රීය කාර්යයන් රැසක් අතරින් සිය අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඕනෑම සේවාවක් තෝරා ගැනීමේ හැකියාව ඇත. ග්‍රාහකයා සිය කැමැත්ත පරිදි අවශ්‍ය මාතෘකා ලබාදී ඇති විට මෙවැනි ස්වයංක්‍රීය සේවා මගින් එයට අදාලව ප්‍රවෘත්ති නාලිකාවල පළවන සෑම ප්‍රවෘත්තියක්ම ඔහු වෙත SMS ඔස්සේ දැනුම් දීම, Facebook පළකිරීමක් ස්වයංක්‍රීයවම ඔහුගේ Twitter ගිණුමේ පළකිරීම, ග්‍රාහකයාට අවශ්‍යවන ඕනෑම මොහොතකදී කාලගුණ වාර්තා ලබාදීම මෙන්ම ISayYouDo භාවිත කරන්නාගේ අවශ්‍යතාවය පරිදි අවශ්‍ය ස්ථානයකට සැණෙකින් කුලී රථ ගෙන්වාදීම ආදී කටයුතු සඳහාද දායක වේ. මේ සමග විවිධ විනෝදාස්වාදයන් ලබා ගැනීම, ඒ ඒ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි සකස් කරගත හැකි සේවාවන්, විශේෂ දීමනා පිළිබඳ දැනුවත් කිරීම්, සෞඛ්‍ය, ශරීර යෝග්‍යතාව, ක්‍රීඩා සහ අධ්‍යාපනය පිළිබඳ තොරතුරු හා සේවාවන් ඉදිරිපත් කරනු ලැබේ.

ISayYouDo ඔස්සේ අසුරු සැණින් සිය එදිනෙදා වැඩ කටයුතු හා විවිධ ජීවන රටා පිළිබඳ තොරතුරු තමන්ට කැමති පරිදි සිය ප්‍රියතම වෙළෙඳ නාමයන් " franchises" online සහ offline සන්නිවේදන නාලිකා සහ වෙබ් සේවා ආදිය පහසුවෙන් ලබා ගත හැකිය.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් සේවා උප සභාපති ෆරික් කාඩර් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “සිය පරිශීලකයින්ට ඒකාබද්ධ අත්දැකීමක් ලබා දීම සඳහා විවිධ අංශ රැසක් එක් කරමින් ISayYouDo ජාලගත පද්ධතිය ස්ථාපනය කරනු ලැබ ඇති” බවයි. නව සේවා සංවර්ධනය කිරීමේ විකල්පය සමඟ ඕනෑම කාර්යයක් ස්වයංක්‍රීය කිරීමට හැකි බැවින් ISayYouDo සඳහා ඇති හැකියාවන් නිමක් නැති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

විශාලතම Telco Developer Ecosystem වැඩසටහන වන IdeaMart, පාරිභෝගිකයන්ට පහසුවෙන් විවිධ සේවා වෙත ළඟාවිය හැකි ISayYouDo වෙබ් අඩවිය කළමනාකරණය, මෙහෙයවීම හා පවත්වාගෙන යෑම සිදු කරයි. මීට අමතරව, මෘදුකාංග නිර්මාණකරුවන් හට ISayYouDo Developer Portal මගින්, නව සේවා නිර්මාණය කර මුදල් උපයාගැනීමේ අවස්ථාවද ඇත.

වැඩි විස්තර සඳහා www.isayyoudo.io වෙත පිවිසෙන්න.