பொருள் விரிவாக்கம்

Dialog සවිබලගන්වන MASTERSPELLER 2k19 තරගකරුවන් 17,500 ක් අතරින්අවසන් 20 දෙනා වෙත පැමිණෙයි

ජූලි 3, 2019         කොළඹ

 

news-1

වමේ සිට දකුණට (හිඳගත්)වමේ සිට දකුණට (හිඳගත්) සහරා ෆයිස්, මුස්ලිම් කාන්තා විද්‍යාලය, කොළඹ 04 / ධනනි පෙරේරා, උසස් බාලිකා විදුහල, මහනුවර / රන්සිත් ක්ලෙමන්ට්, ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මහනුවර / අනූරදීන් ෆාතිමා සම්රීනා, ජනාධිපති විද්‍යාලය, පුත්තලම / ලූහන්සා දහනායක, උසස් බාලිකා විදුහල, මහනුවර / දුලයින් බස්නායක, ට්‍රිනිටි විද්‍යාලය, මහනුවර / රශ්මි නාගහපිටිය, උසස් බාලිකා විදුහල, මහනුවර / හශේන් ෆර්ඩිනන්ඩ්, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ
වමේ සිට දකුණට (සිටගත්) සෙනායා විදුනි අබේවර්ධන, ගෝතමී බාලිකා විද්‍යාලය, බොරැල්ල, කොළඹ 10 / අෆ්තා රහමාන්, අකුරණ මුස්ලිම් බාලිකා මහා විද්‍යාලය, කටුගස්තොට / ධනන්ජනී සෙනෙවිරත්න, ශාන්ත ඇන්තනි බාලිකා විද්‍යාලය, මහනුවර / විහඟි තන්ත්‍රිගේ, සසෙක්ස් කොලේජ්, ගාල්ල / යුම්නා ෆවුසර්, සහිරා ජාතික පාසල, ගම්පොල / නිපුණි රණසිංහ, ශාන්ත ජෝසෆ් විද්‍යාලය, කෑගල්ල / කෞෂල්‍යා බස්නායක, මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර / සමාහ් ස්වර්, සහිරා විද්‍යාලය, මාවනැල්ල / අස්රා නලීම්, බදි උද් දීන් මාහ්මුද් බාලිකා පාසල, මහනුවර / හනානී හානා අබ්දුල් හලීම්, මීරා බාලිකා මහා විද්‍යාලය, මැද මඩකළපුව.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා බලගන්වන, ධර්මවාහිනී පදනම වෙතින් සංවිධානය කරනු ලබන MASTERSPELLER 2k19 හි දෙවන අදියර දිවයින පුරා වූ තරගකරුවන් 17,500 ක් අතුරින් දැන් අවසන් 20 දෙනා වෙත පැමිණ තිබේ. පවුලේ අධ්‍යාපන හා විනෝදකාමී වැඩසටහනක් වන මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ 2018 අගෝස්තු මස සිට ඇරඹිණි.

සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් දිවයින පුරා විහිදුනු පාසල්වල අවු 14 සහ 18 අතර සිසු සිසුවියන් 17,500 ක් පමණ සහභාගී වන මෙම ඉංග්‍රීසි අක්ෂර වින්‍යාස තරගය ජාතික මට්ටමෙන් පැවැත්වෙන තරගාවලියකි. තරගය මුල් වටයන්හිදී 15,000, 7000, 1000, 500 සහ 100 ලෙස දක්ෂයන් තෝරා ගනිමින් තරගකාරීව ඉදිරියට පැමිණි අතර, දිවයින පුරා මධ්‍යස්ථාන 25 ක පැවැත්වුණු කියවන විට ලිවීම (Dictation) යන තරග කාණ්ඩය මගින් MASTERSPELLER හි පළමු වටය මගින් සිසුන් 15,000 ක් තෝරා ගන්නා ලදී. දෙවන වටයේදී වාචික තරගයකින් තරගකරුවන් 7000 ක් තෝරා ගත් අතර අනතුරුව 1000, 500 සහ 100 දෙනෙකු තෝරාගැනීම සඳහා ද එම ක්‍රමවේදයම අනුගමනය කරන ලදී.

ඊට අමතරව, MASTERSPELLER සම්ප්‍රදායික අක්ෂර වින්‍යාස තරගයකින් ඔබ්බට යමින් විනාඩියකදී වචන 25 ක අකුරු කීම හෙවත් ‘Rapid Fire’ වටයකින්, භාෂා ප්‍රවර්ග 6 කින් තෝරාගත් වචන සහිත ‘Back to Origin’ වටයකින්, පොත් 5 ක් තුළින් තෝරාගත් පොතකින් අහඹු වචනයක් ලබා දීම හෙවත් ‘My Favourite Book’ වටයකින්, දෙන ලද වචන 4කින් නිවැරදිව ලියූ වචනය තේරීම හෙවත් ‘Spot the Mistake’ වටයකින්, දෙන ලද වචනයක අකුරු කීම හා අර්ථදැක්වීම කරන ‘We Define You Spell’ වටයකින්, අර්ථ දැක්වීම අනුව වචනය තෝරා ගැනීම සිදු කරන ‘Find the Homonym’ වටයකින් සහ සංස්කෘතිය, මුදල්, සමාජ විද්‍යාව, ඖෂධ ඇතුළු ප්‍රවර්ග 9 කින් දෙන ලද වචන ඇතුළත් ‘Classified Pick’ වටයකින් සමන්විත විය.

එපමණක් නොව, මෙම වැඩසටහන දරුවන්ගේ පෞරුෂත්වය, වාග් මාලාව සහ සන්නිවේදන හැකියාවන් දියුණු කරගනිමින් රට වටා වූ දරුවන් සමග අන්තර්ක්‍රියාකාරීව කටයුතු කිරීමේ අත්දැකීම ලැබීමට ද මෙය තෝතැන්නක් වේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ නියෝජිතයෙක් දක්වා සිටියේ “ඩයලොග් සමාගම දිගු කලෙක සිට ජාතික මට්ටමේ වැඩසටහන්වලට අත දෙමින් ශ්‍රී ලාංකික ජීවිත ඔප් නංවන්නට කටයුතු කරනවා. මෙම අවස්ථාව ඊට හොඳම නිදසුනක්” බවයි. MASTERSPELLER 2k19 වෙත සවිබලය සපයමින් අනාගත පරපුරේ හැකියාවන් නගා සිටුවන්නට ලැබුණු මේ අවස්ථාව ගැන ඔවුන් බෙහෙවින් ආඩම්බරවන බවත් ඔහු තව දුරටත් අදහස් දක්වා සිටියේය.

Dialog සවිබලගන්වන MASTERSPELLER 2k19 වැඩසටහන සෑම ඉරිදාවකම Dialog Television හි නැණස 25 චැනලයේ ප. ව. 6.30 ටත්, නැණස 24 චැනලයේ ප. ව. 8.30 ටත් විකාශය වේ.