பொருள் விரிவாக்கம்

DEWN පූර්ව අනතුරු ඇගවීමේ ඇප් එක භාවිත කර අන්තර් මෝසම් වැසිවලදී සුරක්ෂිතවන්න

2019 අප්‍රේල් 30         කොළඹ

 

news-1

 

ශ්ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු Dialog Axiata PLC, අයහපත් කාලගුණික විපර්යාසවලින් වන උපද්‍රව අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ එක් එක් පාර්ශවයන් සමඟ වසර ගණනාවක් පුරා නොයෙකුත් සහයෝගීතාවයන්ගෙන් යුතුව කටයුතු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ හදිසි ආපදා අනතුරු ඇඟවීමේ ජාලය (DEWN) ජංගම දුරකථන යෙදුම (app) ඔස්සේ අයහපත් කාලගුණයෙන් සිදුවන හානි අවම කරගැනීමට සහ එවන් අනාරක්ෂිත අවස්ථාවන් හිදී ආරක්ෂිතව සිටීමට අවශ්‍ය පූර්ව තොරතුරු දැනුම්දීම් සිදුකරමින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනු ලබයි.

DDialog - Microimage Mobile Media (Pvt) Ltd හි සහයෝගීත්වයත් Dialog – මොරටුව විශ්වවිද්‍යාලයේ ජංගම සන්නිවේදන පර්යේෂණාගාරයත් හා එක්ව නිර්මාණය කළ DEWN යෙදුම (app), පළමුවෙන් ප්‍රතිචාර දක්වන්නන්ට සහ පොදු මහජනතාවට, පුද්ගලානුගතව සැකසූ දැනුම්දීම් සහ ස්වාභාවික විපත් පිළිබඳව අනතුරු ඇගවීම් සිදුකරයි. DEWN පද්ධතිය ස්වාභාවික ව්‍යසනයෙන් සිදුවන ආපදා වළක්වා ගැනීම සඳහා විවිධාකාර පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමේ යාන්ත්‍රණයක් වශයෙන් පළමුවෙන් ප්‍රතිචාර දක්වන්නන්ට අනතුර පිළිබඳ දැනුම් දී සීරුවෙන් තබයි. ඉන්පසුව අනතුර පිළිබඳ සෙසු පාර්ශව දැනුවත් කරනු ලබයි. තවද DEWN පද්ධතිය ඕනෑම සාමාන්‍ය දුරකථනයක පවා අඩංගු වන Cell Broadcast තාක්ෂණය භාවිතා කරමින් ජාතික හෝ කලාපීය වශයෙන් ඉතා වැදගත් අනතුරු ඇඟවීම් පණිවුඩ යැවීමේ හැකියාවෙන් යුතුවේ. මෙම පහසුකම එලෙසින්ම ස්මාර්ට් ජංගම දුරකථනයේද දැකිය හැකි අතර එහිදී උවදුරෙන් මිදී ආරක්ෂිත ස්ථාන කරා ලඟාවීමට තවදුරටත් සිතියම් මඟින් දැක්වීමේ පහසුකමක්ද අන්තර්ගත වේ.

Google Play Store සහ Apple App Store.

වෙතින් DEWN නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.