ඩයලොග් ආසිආටා ‘Play for a Cause’ වැඩසටහන පෙරට රැගෙන යමින් 2025දී තවත් පාසල් හතරකට අතහිත දෙයි
2025 මාර්තු 06 කොළඹ

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි ලසන්ත තෙවරප්පෙරුම සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාරත්ව ප්‍රධානී සහ අවදානම් හා අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන විසින් ශාන්ත තෝමස් විද්‍යාලයේ වැඩබලන පාලක අංසක පෙරේරා හා රාජකීය විද්‍යාලයේ විදුහල්පති ක්‍රිෂාන්ත සිල්වා සමග, පාසල් හතරක නියෝජිතයින් වෙත ක්‍රිකට් භාණ්ඩ භාරදුන් අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, හෙට දවසේ ශූරයන් බලගැන්වීම පිණිස වන සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාව පුරා සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් සවිබලගැන්වීමේ සිය දැක්ම යටතේ, සුවිශේෂී ‘නිල් මහ සටන’ හා සබැඳිව ක්‍රියාත්මක තිරසර වැඩසටහනක් වන, Play for a Cause සඳහා සිය සහය අඛණ්ඩව පෙරට රැගෙන යනු ලබයි.
ඒ අනුව, ක්‍රීඩාව සඳහා වන ළැදියාව ප්රමුඛ අධ්‍යාපන ආයතනවල සිට බිම්මට්ටම දක්වාම විහිදෙන බව සනාථ කරමින්, මේ වසරේ ද අදාළ වැඩසටහන යටතේ සුදුසු පාසල් හතරක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ පිරිනැමෙනු ඇත. රාජකීය විද්‍යාලයේ විදුහල්පති ක්‍රිශාන්ත සිල්වා මහතා සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ වැඩබලන විද්‍යාලාධිපති අසංක පෙරේරා මහතාගේ මඟ පෙන්වීය යටතේ රාජකීය-ශාන්ත තෝමස් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුව විසින් මෙම 2025 වසරේ අදාළ ප්‍රතිලාභීන් වශයෙන් ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය, ශ්‍රී සංඝබෝධි විද්‍යාලය, වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසල තෝරාගෙන තිබේ. ඒ යටතේ මෙම පාසල් වෙත අත්‍යවශ්‍ය ක්‍රිකට් උපකරණ හිමිවනු ඇති අතර යොවුන් ක්‍රීඩකයන් සිය ක්‍රීඩා ඉලක්කයන් හඹා යෑම පිණිස අවශ්‍ය උපකරණවලින් සමන්විත කෙරෙනු ඇත.
ශ්‍රී ලාංකේය ක්‍රීඩාව වෙත නිබඳව උපකාර කරමින් දිගුකල් රැඳුණු ඩයලොග් ආසිආටා පී.එල්.සී, රාජකීයන් සහ ශාන්ත තෝමසුවන් උරිනුර ගැටෙන මහ තරගයේ වාර්තා වන එක් ලකුණක් සඳහා රුපියල් 1000ක්ද, දැවී යන එක කඩුල්ලක් සඳහා රුපියල් 10,000ක්ද ලෙසින් අදාළ වැඩසටහන වෙනුවෙන් මෙවරද බැර කෙරෙයි. ඉකුත් වසරේදී මෙම තරගය ඇසුරින් පමණක් රුපියල් 1,034,000 ක මුදලක් බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම උදෙසා වන මෙම වැඩසටහන වෙනුවෙන් හිමිවුණි. මෙම Play for a Cause වැඩසටහන ඇරඹුමේ සිට මෙතෙක් පාසල් 48කට අධික සංඛ්‍යාවකට අතහිත ලැබී ඇති අතර මීළඟ පරම්පරාවේ ක්‍රීඩකයන් පෝෂණය කිරීම වෙනුවෙන් රුපියල් 10,604,800ක් වටිනා ක්‍රිකට් උපකරණ පරිත්‍යාග කර තිබේ.
නිල් මහ සටන යනු තවත් එක් ක්‍රිකට් තරගයකින් ඔබ්බට යන්නක් වන අතර අඛණ්ඩව වසර 146ක් පුරා පැවත එන උරුමයක් ලෙසින්, ලොව වැඩිම කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වන වාර්ෂික ක්‍රිකට් තරග අතර දෙවැනි තැන උසුලන මෙය, දෙවැනි වන්නේ එයට වසරකට පෙර ඇරඹුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි ශාන්ත පීතර විද්‍යාලය සහ ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විද්‍යාලය අතර ඇරඹුණු වාර්ෂික ක්‍රිකට් තරගයට පමණි.
ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩයලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.