பொருள் விரிவாக்கம்

සෙන්කඩගල සිරි දළදා පෙරහැර 18 වැනි වරටත් ඩයලොග් අනුග්‍රහයෙන් පැවැත්වේ

2024 අගෝස්තු 12        කොළඹ

 

Digital Innovation Fund (DIF), Managed By BOV Capital And Powered
                    By Dialog Axiata PLC

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම, දිවයිනේ සුවිශේෂී සංස්කෘතික හා ආගමික උත්සවය වන කන්ද උඩරට ඇසළ පෙරහර හෙවත් සෙන්කඩගල සිරි දළදා පෙරහර මංගල්‍යය සඳහා මෙවරද සිය බැතිබර අනුග්‍රාහකත්වය පුද කරයි. ශ්‍රී ලංකාවේ ඉපැරණිම ආගමික උත්සවය ලෙසින් කන්ද උඩරට ඇසළ පෙරහර, මහත් හරසරින් යුතුව වාර්ෂිකව සමරනු ලබයි. මෙවරද ඩයලොග් අනුග්‍රාහකත්වයෙන් සෙන්කඩගල සිරි දළදා පෙරහර මංගල්‍යය අගෝස්තු 10 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන්නේ, ශ්‍රි ලාංකේය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම පිණිස වන ඩයලොග් කැපවීමද යළිත් වරක් තහවුරු කරමිනි.

බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමෙන් ඉක්බිති පළමු ධර්ම දේශනාව පැවැත් වූ කාල වකවානුව සිහිපත් කරමින් මෙලෙස පුරා දින 10 ක් තිස්සේ, සෙන්කඩගල සිරි දළදා පෙරහැර මංගල්‍යය බැතියෙන් සමරනු ලබන්නේ, අති පූජනීය දන්ත ධාතූන් වහන්සේ හා උන්වහන්සේගේ ආරක්ෂාව භාර නාථ, විෂ්ණු, කතරගතම හා පත්තිනි යන දෙවි දේවතාවුන්ට ගරු බුහුමන් පුද කිරීම අරමුණු කරමිනි. එමෙන්ම, එය බෝග වගාව වෙනුවෙන් නිසි කල වැසි ලබා ගැනීම සඳහා වන සාමූහික යැදුමක්ද වෙයි.

පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා යාබද ප්‍රදේශවලින් මෙන්ම, දුර බැහැර ප්‍රදේශවලින්ද බොහෝ පිරිසක් පැමිණෙන අතර, ඩයලොග් සමාගම, A+ Kids නාලිකාව (චැනල් අංක 48) හරහා සිය නිවසේ සිටම පෙරහැර දැකබලා ගැනීමේ මාහැඟි අවස්ථාව ඩයලොග් ටෙලිවිෂන් ඔස්සේ තම හිතවත් පාරිභෝගිකයන් වෙත උදාකර දෙයි.

ශ්‍රී ලාංකීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම, දීර්ඝ කාලයක් මුළුල්ලේ රටේ ප්‍රධාන සංස්කෘතික හා ආගමික උත්සව සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දෙයි. ශ්‍රී ලාංකේය බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වූ, පූජනීය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය, ශ්‍රී දළදා පෙරහැර සඳහා මෙවර ඩයලොග් සමාගම බැතිබර දායකත්වය උසුලනු ලබන්නේ, 18 වෙනි වරටය.