Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා තවත් ඇමරිකන් ඩොලර් මිලියන 100 ක් වෙන් කරයි
රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා (FDI ලෙස සමුච්චිත ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 3.37 ඉක්මවයි.
2025 මැයි 15 කොළඹ

(වමේ සිට) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් ලෝ, Axiata Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සුඩ්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ සමාගම් ලේකම් විරන්ති ආටිගල යන මහත්ම මහත්මීන්.
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා (FDI) වන ඩයලොග් ආසිආටා සමූහයේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය මව් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් සිදුකරන බවට දැනුම් දෙනු ලැබීය. මෙම සුවිශාල ආයෝජනයත් සමග ඩයලොග් සිදුකර ඇති සමුච්චිත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.37 ද ඉක්මවයි. සමාගම සිදුකරන මෙම ආයෝජනය තුළින්, සියලු දෙනා සඳහා සම්බන්ධතාවය ලබාදෙන අතරෙහි උසස්ම සේවාවක් පිරිනමමින්, මෙරට ඩිජිටල් අනාගතය සඳහා අඛණ්ඩ කැපවීම නැවත වරක් තහවුරු කරයි.
මෙම සුවිසල් ආයෝජනය, ඩයලොග් ආසිආටා පීඑල්සී (DAP) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 81 කින් සහ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් පුද්ගලික සමාගම (DBN) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 19 කින් යුත් ආයෝජනයක් වන අතර, එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ අතිරේක ගිවිසුම් දෙකක් මගින් විධිමත් කර තිබේ. ඒ අනුව, ඩයලොග් හි මොබයිල් සහ ස්ථාවර ටෙලිකොම් ජාල වැඩිදියුණු කිරීමෙන් හා අනාගත තාක්ෂණය වේගවත් කිරීමෙන් පමණක් නොනැවතී, සම්බන්ධතා සහ සේවාවන් සඳහා පාදක වන ඩිජිටල් අවකාශ පුළුල් කිරීමටද මෙම ආයෝජන අරමුදල් යොදා ගැනේ. මේ තුළින්, 4G සේවා පුළුල් කිරීමටත් සහ 5G සඳහා ඉවහල් වන ඩිජිටල් යටිතල පහසුකම් ඉහළ නැංවීමටත් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර අතර, නියාමන අනුමැතීන්ට අනුකූලව, වාණිජ 5G සේවාවන් කඩිනමින්ම දිවයින පුරා දියත් කිරීමටද ඩයලොග් සූදානම්ව සිටියි.
ඩයලොග් ආසිආටා පීඑල්සී (DAP) හි ආයෝජනයට අදාළ අතිරේක එකඟතා ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් ලෝ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්වරුන් විසිනි. ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් පුද්ගලික සමාගම (DBN) සඳහා වන අතිරේක එකඟතා ගිවිසුම සුපුන් වීරසිංහ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ සමාගම් ලේකම් විරන්ති ආටිගල මහත්මිය විසින් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) පාර්ශවයෙන් එහි සභාපති, අර්ජුන හේරත් මහතා ගිවිසුම් දෙකට අත්සන් තබන ලදී. අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය සහ Axiata Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සුඩ් මහතා ද සහභාගී වූහ.
“මෙවැනි සුවිසල් ආයෝජන අඛණ්ඩව සිදු කරමින් ඩයලොග් සිය මෙහෙයුම් අඛණ්ඩව ව්‍යාප්ත කිරීමට කටයුතු කරන අතර, මෙරට ටෙලිකොම් ක්ෂේත්‍රයට සහ සමස්තයක් වශයෙන් රටට ඇති ශක්තිමත් අපේක්ෂාවන් මෙයින් පිළිබිඹු කරනවා. සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියෙන් ඉහළම සම්බන්ධතාවයක් සැලසීම, රටේ අතිශය දුෂ්කර ප්‍රදේශත් ඉහළම සම්බන්ධතාවයෙන් ආවරණය කිරීම පමණක් නොවෙයි, රට පුරාම පාරිභෝගිකයින්ටත්, ආර්ථිකයටත් ධනාත්මක බලපෑමක් ඇති කරමින්, රටේ ඩිජිටල් නාවෝත්පාදන සඳහාද පොළඹීමක් ඇති කරන බව අපේ විශ්වාසයයි.” යනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පැවසීය.
“මෙම ආයෝජනය, ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ඩයලොග් තුළ පවතින ගැඹුරු විශ්වාසය යළි යළිත් තහවුරු කිරීමක්.” යනුවෙන් Axiata Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සුඩ් මහතා පැවසීය. “අපගේ සමාගම් හරහා ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා අඛණ්ඩව සැලසීමට හැකිවීම අපට ආඩම්බරයට කාරණයක්. ඒ වගේම, වේගවත් ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට ඉවහල් වන 5G වාණිජ කලාපය පිළිබඳවත් අපි අතිමහත් බලාපොරොත්තු තබා සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“ශ්‍රී ලංකාව තුළ ඩයලොග් විසින් සනිටුහන් කර ඇති දීර්ඝකාලීන පැවැත්ම තුළින් පිළිබිඹු කෙරෙන්නේ, මෙරට ආර්ථික වර්ධනයට පමණක් නොව, මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත නංවාලන ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම වෙනුවෙන් අප සමාගම සතු නොසැලෙන කැපවීමයි” යනුවෙන් මේ පිළීබඳව අදහස් දැක්වූ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් ලෝ මහතා පැවසීය. “මේ තුළින් රටේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීම සඳහා ඩයලොග් ප්‍රමුඛ කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කරන බවට සහතික වෙනවා.
ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ “අනාගත පරම්පරාවේ සම්බන්ධතාවය තුළින් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්, ව්‍යාපාර හා ප්‍රජාව සවිබල ගන්වමින් මෙරට ශක්තිමත් ඩිජිටල් ගමන්මග සඳහා අපි අඛණ්ඩව ආයෝජන සිදුකරනවා,” යනුවෙනි. “මෙම නවතම ආයෝජනය, මෙරට ප්‍රගතියට වගේම, සම්බන්ධතාවයෙන් පිරිපුන් අනාගතයක් සඳහා ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමටද සහය වන ආයෝජනයක්. ඒ හරහා, සියලු දෙනාට සම්බන්ධතාව සැලසෙන, අනාගතය සඳහා වන ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමට අප තුළ පවතින අධිෂ්ඨානය තවත් ශක්තිමත් කෙරෙනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Dialog Axiata, මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කාම්බෝජය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ ඉන්දියාව ඇතුළු රටවල් අටක සිය මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කර ඇති, ආසියාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගම් සමූහ අතරෙන් එකක් වන, Axiata Group Berhad හි අනුබද්ධ සමාගමකි. කලාපීය වශයෙන් එම සමාගමේ ව්‍යාප්තිය සහ තාක්ෂණික විශේෂඥභාවය සුවිශාල ශක්තියක් කරගනිමින්, ශ්‍රී ලංකාව ඩිජිටල් වශයෙන් හැඩගැස්වීමේ ප්‍රමුඛතම කාර්යභාරයක ඩයලොග් අඛණ්ඩව නියැළෙයි. ඒ, මෙරට ඩිජිටල් යටිතල පහසුකම් සඳහා තිරසාර ආයෝජන සිදුකරන අතරෙහි, නවෝත්පාදනද බිහිකරමිනි.
මෙම නවතම ආයෝජනය තුළින්, ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධ කරමින්, ඔවුන්ට මාහැඟි ආර්ථික අවස්ථා උදා කරන අතරෙහි, අන්තර්කරණයෙන් හා ඩිජිටල් වශයෙන් ශක්තිමත් සමාජයක් ගොඩ නැගීමෙන් මෙරට ඩිජිටල් අනාගතය බලගැන්වීම සඳහා වන ඩයලොග් කැපවීම තවදුරටත් පිළිබිඹු කෙරේ.