பொருள் விரிவாக்கம்

AI තාක්ෂණයෙන් බලගැන්වෙන Dialog MyOffers, දැන් පාරිභෝගිකයාට වඩාත් ගැළපෙන පරිදි වාසි තවත් වැඩි කරයි

2024 ජුලි 30         Colombo

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් පිරිනමන MyOffer සේවාව, පාරිභෝගිකයින්ට සුවිශේෂී වූ ප්‍රතිලාභ පිරිනැමීමේ අරමුණෙන් තවදුරටත් වැඩිදියුණු කෙරේ. ඒ අනුව, එක් එක් පාරිභෝගිකයින් සඳහාම විශේෂයෙන් ගැළපෙන ලෙස දීමනා හා ප්‍රතිලාභ පිරිනමන Dialog MyOffer, දැන් ජනප්‍රියතම Blaster plans සඳහා offers හා දිනපතා අලුත් වන Flash Offers පිරිනැමෙන අලුත්ම විශේෂංග එක්කර, තවත් වැඩිදියුණු කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ පාරිභෝගිකයින්ගේ භාවිතය අනුව, ඔවුන්ට වඩාත් ගැළපෙන ලෙස AI තාක්ෂණය භාවිත කරමින් මෙම සේවාව ලබාදීමයි.

ඩයලොග් විසින්, මොබයිල් පාරිභෝගිකයින්ට දැනටමත් call සහ data දීමනාවන්ට අමතරව, පාරිභෝගිකයින් කැමතිම Unlimited Blaster, Fun Blaster, Call Blaster හා Triple Blaster යන Blaster plans සඳහා ආකර්ෂණීය දීමනාවන් මෙන්ම, දිනෙන් දින අලුත් වන Flash Offers ගණනාවක් අතරින් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව අනුව ඔවුන් කැමතිම සහ වාසිදායකතම data දීමනාව තෝරා ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. එමෙන්ම, Dialog Home Broadband පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මාසික Wi-Fi plan එකට අමතර data දීමනාද පිරිනමනු ලබයි. AI තාක්ෂණයෙන්, සෑම පාරිභෝගිකයකුටම එකිනෙකාට වෙනස් වශයෙන් ඔවුන්ගේ භාවිතයට ගැළපෙන පරිදි MyOffer දීමනා පෙළ ගස්වා තිබීම විශේෂත්වයකි.

පාරිභෝගිකයින්ට MyDialog App හරහා දීමනා පිළිබඳ දැනගැනීමට මෙන්ම දීමනා ලබාගැනීමටද හැකියාව පවතින අතර, ළඟම වෙළෙඳ නියෝජිතගෙන්ද එම දීමනා ලබාගත හැකිය. පාරිභෝගිකයින් වෙත අදාළ දීමනා පහසුවෙන් පිරිනැමීම සඳහා වෙළෙඳ නියෝජිතවරුන්ට Retailer Hub app එක භාවිත කිරීමද සිදුකළ හැකිය.

මෙලෙස නවතම විශේෂාංග හඳුන්වාදෙමින්, සම්බන්ධතාව වඩාත් උසස් කරන අතරෙහි පහසු මිලට අති නවීන විසඳුම් පිරිනැමීම අතින් ඩයලොග් වෙළෙඳ පොළ පුරෝගාමියා ලෙසින් අඛණ්ඩව කටයුතු කරයි. පාරිභෝගික අවශ්‍යතා අභිබවන උසස්ම සේවාවක් පිරිනැමීමට සමාගම දක්වන කැපවීම මෙවැනි නවීනතම විසඳුම් මගින් තවදුරටත් ශක්තිමත් වේ.

වැඩි විස්තර සඳහා https://www.dialog.lk/ වෙත පිවිසෙන්න.