பொருள் விரிவாக்கம்

Dialog ප්‍රශංසා, පාරිභෝගික සේවා හා වැඩිහිටි සතිය සමරයි

2023 නොවැම්බර් 20         කොළඹදී

 

Dialog Prashansa

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ක්‍රියාත්මක කරන ඩයලොග් ප්‍රශංසා හා සමගාමීව, පාරිභෝගික සේවා සහ වැඩිහිටි සතිය පැවැත්වුණු අතර, ඩිජිටල් තාක්ෂණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැනුවත් කරමින් සහ ඔවුන් සවිබල ගන්වමින් පරම්පරා අතර ඩිජිටල් බෙදීම සීමා කිරීම, එම වැඩසටනෙහි ප්‍රධාන අරමුණ විය.

ඒ අනුව Dialog ප්‍රශංසා පාරිභෝගිකයින්ගේ සහභාගිත්වයෙන්, පාරිභෝගික සේවා හා වැඩිහිටි සතිය සැමරීම නිමිත්තෙන් වූ වැඩසටහන Dialog Axiata ප්‍රධාන කාර්යාලයේදී පැවත්විණි. මෙහිදී, වත්මන් ඩිජිටල් ලෝකය හා සැණින් අනුගත වීමට හැකියාව සැලසෙන පරිදි, ප්‍රශංසා පාරිභෝගිකයින් ඩිජිටල් සම්බන්ධව පුළුල් වශයෙන් දැනුවත් කිරීම විශේෂත්වයකි. ඩිජිටල් මූලිකාංග හා ඒ පිළිබඳ හඳුන්වා දීමෙන් පමණක් නොනැවතී, ඩිජිටල් හා සම්බන්ධ වීම, ඒ ආශ්‍රිත මිථ්‍යාවන් සහ පිළිගැනීම් සේම, ඩිජිටල් ආරක්ෂාව ආදී වශයෙන් වන පැතිකඩ ගණනාවක් ඔස්සේ පරිපූර්ණ වූ දැනුමකින් සන්නද්ධ වීමට එහිදී ප්‍රශංසා පාරිභෝගිකයින්ට හැකියාව සැලසිණි.

මෙම වැඩසටහන ඩයලොග් සමාගම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හවුල්කාරිත්වයෙන් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් සඳහාම වූ ප්ලෑන් එකක් වන ඩයලොග් ප්‍රශංසා, සාර්ථකව දියත් කිරීමට සමගාමීව පවත්වන ලද වැඩසටහන් මාලාවක නවතම වැඩසටහනයි. රුපියල් 300 ක් සහ බදු ඇතුළත් ඩයලොග් ප්‍රශංසා මොබයිල් පසුගෙවුම් ප්ලෑන් එක ඕනෑම ජාලයකට මිනිත්තු 1000 ක්, SMS 1000 ක් සහ 2GB Data ලබා දේ. අමතරව, ඩයලොග් ප්‍රශංසා තම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මාසික මොබයිල් බිල්පතට වාරිකය එකතු කර මාස 24ක පහසු ගෙවීමේ සැලසුමක් හරහා 4G smartphone එකක් ද හිමිකර ගැනීමට අවස්ථාව ලබා දේ.

ඩයලොග් ප්‍රශංසා වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, https://dlg.lk/47nW8 වෙත පිවිසෙන්න.