පාසල් රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඩයලොග් හි කැපවීම යළිත් සනාථ කරමින් 2025 තරගවාරය ඇරැඹේ
2025 අප්‍රේල් 24 කොළඹ

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් පාසල් රග්බි සංගමයේ සභාපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා වෙත අදාළ අනුග්‍රාහක චෙක්පත භාරදුන් අවස්ථාව. ඩයලොග් ආසිආටා පීඑල්සී හි සන්නාම සහ මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා (වමේ සිට දෙවැන්නා), පාසල් රග්බි සංගමය නියෝජනය කරමින් එහි භාණ්ඩාගාරික චානක ධනංජය, ලේකම් මනුජ නිම්මන සහ සමස්ත තරගාවලි ලේකම් නිරෝධ විජේරාම මහතාද ඡායාරූපයේ වෙති.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ඩයලොග් වයස අවුරුදු 19න් පහළ පාසල් රග්බි වාරය 2025 වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය හා අත්වැල් බැඳගන්නා ලදී. පළමුව ලීග් තරගාවලියෙන් ඇරැඹී අනතුරුව පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය පැවැත්වූ ඉකුත් වසරවල පාසල් රග්බි වාරයේ තරග සම්ප්‍රදායෙන් වෙනස්ව, 2025 අප්‍රේල් 25 වැනිදායින් ඇරැඹෙන ප්‍රමුඛතම පාසල් 16ක් අතර වන, පිළිමළුන් පිටුදැකීමේ, ජනාධිපති කුසලාන තරගාවලියෙන් මෙවර තරගවාරය දියත්වීමට යෙදී තිබේ. එයින් පසුව, පාසල් 90ක ක්‍රීඩකයන් 2500කට අධික පිරිසක් තරගවදින 2025 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය පැවැත්වෙනු ඇත.
මෙම වසරේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාසල් රග්බි දක්ෂතා ප්‍රදර්ශනය වන වේදිකාවක් බවට පත්වනු ඇති අතර එහි තරග කොළඹ විවිධ ස්ථාන ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය. අප්‍රේල් 25 වැනිදා අර්ධ අවසන් පූර්ව ගැටුම් දෙකෙකින් මෙම පාසල් රග්බි වසන්තය ඇරැඹෙනු ඇත. ඒ අනුව කොළඹ රාජකීය විදුහල් පිටියේදී වෙස්ලි විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය සමඟ තරඟ වදින අතර, ධර්මරාජ විද්‍යාලය සී.ආර් ඇන්ඩ් එෆ්.සී පිටියේදී පිටියේදී ඩී.එස්. සේනානායක විද්‍යාලය සමඟ තරග වැදීමට යෙදී තිබේ. අදාළ තරග දෙකම සවස 4:15 ට ආරම්භ වීමට නියමිතය.
අප්‍රේල් 26 වැනිදා දිනයේදී ප්‍රේක්ෂකයන් වෙනුවෙන් උද්වේගතර තරග 4ක් පෙළගස්වා තිබේ. එහිදී දිනයේ තරග අරඹමින් ශාන්ත තෝමස් විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර තරගය පස්වරු 3.30ට සී.ආර් පිටියේදී පැවැත්වීමට යෙදී ඇත. අනතුරුව ත්‍රිත්ව විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය එහිදීම පස්වරු 6.30 සිට ඇරැඹීමට නියමිතිය. එදිනම, සහිරා විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය හැව්ලොක් පිටියේද, ශ්‍රී සුමංගල විදුහල සහ ඉකුත්වර ශූරයන් වන ඉසිපතන අතර තරගය රාජකීය පිටියේදීද පැවැත්වීමට යෙදී ඇති අතර එම තරග දෙකම පස්වරු 4.15ට ඇරැඹීමට යෙදී තිබේ. තරගාවලියේ ආරම්භක සති අන්තයේදී හෙවත් අප්‍රේල් 27 වැනිදා ශාන්ත පීතර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය සමගින් රාජකීය විදුහල් පිටියේදීද, රාජකීය විදුහල හා කිංගස්වුඩ් විද්‍යාලය අතර තරගය සී.ආර් පිටියේද පැවැත්වෙන අතර අදාළ තරග දෙකම පස්වරු 4.15ට ඇරැඹීමට සැලසුම් කර තිබේ. මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මැයි මස 3 සහ 4 දිනවල පැවැත්වීමට නියමිත අතර මෙවර ශූරයන් කිරුළු පළඳින අවසන් මහා තරගය මැයි 18 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ඩයලොග් ආයතනය තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින්, ThePapare TV (නාලිකා අංක 62 & 63) සහ ThePapare TV HD (නාලිකා අංක 126 සහ 127) ඔස්සේ තරගාවලියේ සජීවී විකාශනය සඳහා කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන්, ආදි සිසුන්, දෙමාපියන්, ඒ ඒ පාසල්වල ජය පතන්නන් සහ රග්බි ලෝලීන්ට අඛණ්ඩ සහ පුළුල් ආවරණයක් භුක්ති විඳීමේ අවස්ථාව සහතික කරමින්, නරඹන්නන්ට Dialog ViU සහ ThePapare.com හරහාද තරග නැරඹීමට අවස්ථාව හිමිවේ.
"හෙට දවසේ ශූරයන් බල ගැන්වීම සඳහා අපගේ වන අඛණ්ඩ කැපවීමට අනුව, පාසල් ක්‍රීඩා දින දර්ශනයේ පුල පුලා බලා සිටින ඉසව්වක් වන 2025 පාසල් රග්බි වාරය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ඉමහත් සතුට පත්වනවා "යි ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පැවසීය. "ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයට මෙන්ම 2025 වාරය සඳහා සහභාගී වන සියලුම පාසල් ක්‍රීඩකයන්ට අපගේ සුබ පැතුම් පිරිනමනවා"යි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
"ලීග් සහ පිළිමළුන් පිටුදැකීම යන තරගාවලි දෙකම බලගන්වමින්, වසර ගණනාවක් පුරා අඛණ්ඩව සහයෝගය දැක්වීම වෙනුවෙන් ඩයලොග් ආයතනයට ස්තූති කරන අතරම, මෙම තරගාවලිය පාසල් ක්‍රීඩකයන්ට ජාතික මට්ටමෙන් රග්බි නියෝජනය කිරීමේ තම සහින සැබෑ කරදීමේ හැකියාව පිරිනමන බවද පැවසිය යුතුයි. මෙවර තරගවාලිය අපූර්ව ක්‍රීඩාශීලීත්වයක්, සහ මතකයේ රැඳෙන විශිෂ්ට ක්‍රීඩා විලාසයක් රැඳි තරගාවලියක් බවට පත්වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. ඒ උදෙසා, 2025 ඩයලොග් පාසල් රග්බි වාරයට සහභාගී වන සියල්ලන් හට සුභ පැතුම් එක්කරනවා" යනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ (SLSRFA) සභාපති කමල් ආරියසිංහ මහතා පැවසීය.
ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සහ ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් අඛණ්ඩව කටයුතු කරනු ලබයි.