Dialog Television, Emerging Media හරහා පහසුවෙන්ම සිය නාලිකාවල වෙළෙඳ දැන්වීම් පළ කිරීමට ඉඩ සලසයි
2025 මාර්තු 19 (කොළඹ)

වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි නිෂ්පාදන කළමනාකරු - වෙළඳ දැන්වීම් ව්‍යාපාර, යමිත් අනුරාධ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි නාලිකා වෙළෙඳ දැන්වීම් ප්‍රධානී - DTV ජෙෆ්රි බෝල්ඩ්සින්ග්, එහි ව්‍යාපාර ප්‍රධානී- මාධ්‍ය හා අන්තර්ගතයන්, පුබුදු අලුත්ගෙදර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපසභාපති - සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක, එම සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිම් ලී සන් සහ Emerging Media හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ සංජීව රාජපක්ෂ, එහි සම නිර්මාතෘ/අධ්‍යක්ෂ ටයිනර් ප්‍රනාන්දු, Emerging Media හි ප්‍රධාන විධායක නිලධාරි එන් හේරත් හා ඩයලොග් ආසිආටා පීඑල්සී හි ආයතනික විකුණුම් කළමනාකරු - දේශීය නාලිකා, රොහාන්ත වීරසේකර යන පිරිස ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක එකේ Pay-TV සේවා සම්පාදකයා වන Dialog Television, වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය නව මානයකට ගෙන යමින්, ඩිජිටල් අලෙවිකරණය සම්බන්ධ ප්‍රමුඛ ආයතනයක් වන Emerging Media හා අත්වැල් බැඳ ගනියි. මෙම සහයෝගිතාවය තුළින් මෙරට ප්‍රේක්ෂකයින්ට ජාත්‍යන්තර මට්ටමේ උසස්ම විනෝදාස්වාදය පිරිනමන Dialog Television හි ශක්තිය සමගින් ඩිජිටල් දැන්වීම්කරණය හා වෙනස් පාරිභෝගික කණ්ඩායම් ඉලක්ක කරගත් අලෙවිකරණය සම්බන්ධ විශේෂඥ ආයතනයක් වන Emerging Media හි නිපුණත්වය එක් කෙරේ. මෙමගින් Dialog Television හි දැන්වීම් ප්‍රචාරණය, වඩාත් පහසු හා කාර්යක්ෂම මෙන්ම ප්‍රතිඵලදායක ක්‍රියාවලියක් බවට පත් කිරීම අරමුණයි.
මෙම සහයෝගිතාවය ඔස්සේ, Dialog Television හි ජනප්‍රිය දේශීය හා විදේශීය නාලිකා 18ක දැන්වීම් ප්‍රචාරණය කිරීම සඳහා Emerging Media හි විශේෂඥ සහය හිමි වේ. ඒ අනුව, වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන දෙස් විදෙස් Dialog Television නාලිකාවල පහසුවෙන්ම තම දැන්වීම් කිරීමට මෙරට ව්‍යාපාරවලට සහ දැන්වීම් ආයතනවලට හැකි වේ. මේ හේතුවෙන් එම දැන්වීම් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වන අතර ඒවාට ඉහළම ප්‍රචාරයක් ද හිමි වේ. එමෙන්ම, චිත්‍රපට, ළමා වැඩසටහන්, සංගීතය හා ක්‍රීඩා ඇතුළුව එකිනෙකට වෙනස් රසාස්වාදය සහිත ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් Dialog Television වටා එක්ව සිටින බැවින්, ඉලක්කගත ප්‍රේක්ෂකයින් සුවිශාල සංඛාවක් වෙත වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමටද හැක. එම වාසිය ප්‍රයෝජනයට ගනිමින්, වෙළෙඳ දැන්වීමෙන් අපේක්ෂා කරන ඉහළම ප්‍රතිඵල ළඟාකර ගැනීමට ව්‍යාපාරවලට හැකි වේ.
ශ්‍රි ලංකාවේ නිවාස මිලියන 1.7කට ප්‍රමාණයකට ටෙලිවිෂන් රසාස්වාදය පිරිනමන අතරෙහි වෙනස් රසාස්වාදය සහිත පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත වෙළෙඳ දැන්වීම් රැගෙන යන Dialog Television, මෙම නව සහයෝගිතාවයට එළඹෙමින්, සිය දැන්වීම්වලට ඉහළම ප්‍රචාරයක් ලබාගැනීමට ව්‍යාපාරවලට හා දැන්වීම් නිර්මාණකරුවන්ට මෙලෙස මාර්ගය විවර කරයි. ඒ අනුව, &flix, Star Movies, TLC, Animal Planet, AXN, Zee Café, Comedy Central, Star Plus, A+, Nickelodeon, මෙන්ම Vijay, Zee Tamil, Star Sports, Ten Cricket, Sony SIX, ThePapare TV, Channel One, Citi Hitz සහ Channel C යන ජනප්‍රිය දෙස් විදෙස් චැනල් 18 ක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට හැකි වේ. ඒ හැරුණු විට, වෙළෙඳ දැන්වීම් අලෙවි කිරීමේ කාර්යය හා මාධ්‍ය මිලදී ගැනීමේ කාර්යය සඳහාද මෙම සහයෝගිතාවයට අනුව Emerging Media වෙතින් පහසුකම් සැලසෙන බැවින්, එම කටයුතු වඩාත් පහසුවෙන් හා සරලව කරගත හැකිය.
මෙම සහයෝගීතාවය පිළිබඳව ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිම් ලී සන් මෙලෙස අදහස් දැක්වූවාය. “ශ්‍රී ලංකාවේ අංක 1, Pay-TV සේවා සම්පාදකයා විදිහට රටපුරාම, නිවාස මිලියන 1.7 ක, ප්‍රේක්ෂකයින් මිලියන 6කට අධික පිරිසක් අප සමග එක්ව සිටිනවා. එම ප්‍රේක්ෂක පිරිස හා Dialog Television සන්නාම ශක්තිය, ව්‍යාපාරවලට තමන්ගේ වෙළෙඳ දැන්විම්වලට ඉහළම ප්‍රචාරයක් ලබාගැනීමට උපකාරී වන සුවිශාල වාසියක්. දිවයින පුරාම ව්‍යාපාරවලට, Emerging Media හරහා පහසුවෙන්ම Dialog Television නාලිකාවේ වෙළෙඳ දැන්වීම් පළ කිරීමට ඉඩකඩ සලසමින් මෙබඳු සහයෝගිතාවයට එළඹීමට හැකිවිම අපට සතුටට කාරණයක්.”
Emerging Media හි කළමනාකාර අධ්‍යක්ෂ සංජීව රාජපක්ෂ මහතාද මෙලෙස සිය අදහස් දැක්විය. “මෙම සහයෝගීතාවය අපට සතුටට කාරණයක් වගේම, මෙරට මාධ්‍ය සහ දැන්වීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවටත් එය පත් වෙනවා. Dialog Television හා Emerging Media යන දෙපාර්ශයේම අනාගත වර්ධනය තවදුරටත් ළඟාකර ගැනීමට උපකාරී වන සහයෝගිතාවයක් හැටියටත් මෙය සැලකීමට පුළුවන්. Dialog Television නාලිකාවේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය හා ඒවායෙන් සිදු කෙරෙන බලපෑමත් ඉහළ නැංවෙන මෙම සහයෝගිතාවයෙන්, සුවිශාල ප්‍රේක්ෂක පිරිසක් වෙත වෙළෙඳ දැන්වීම් රැගෙන යන බවට සහතික කෙරෙනවා. මේ හරහා විවිධ ප්‍රේක්ෂක පිරිස් සමග සම්බන්ධ වීමට සන්නාමවලට හැකියාව සලස්වමින්, වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ අනගතය හැඩගස්වන අතරම මෙම ක්ෂේත්‍රයේ නවතම සන්ධිස්ථානයක් අපි එක්ව සනිටුහන් කරනවා.”
Dialog Television මගින් ප්‍රචාරය කෙරෙන පුළුල් වූ අන්තර්ගතයන් සමඟින් ඩිජිටල් වෙළෙඳ දැන්වීම් සම්බන්ධ Emerging Media හි විශේෂඥභාවය මෙලෙස කිරීම තුළින් වෙළෙඳ දැන්වීම් ක්‍රියාවලිය වඩා විධිමත් සහ ප්‍රශස්ත වනු ඇත. එමෙන්ම, වෙළෙඳ දැන්වීම් නිර්මාපකයින්ට ඔවුන්ගේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වෙත පහසුවෙන් සහ වඩාත් කාර්යක්ෂමව ළඟා වීමටද මෙය මහත් රුකුලක් වනු ඇත.