කිසිම විටෙක ඔබගේ පෞද්ගලික විස්තර, OTP එක හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අංක කා සමගවත් share කරන්න එපා. නීත්‍යානුකූලව කටයුතු කරන ව්‍යාපාර කිසිම අවස්ථාවක ඔබේ තොරතුරු දුරකතනයෙන්, කෙටි පණිවිඩයකින් (SMS) හෝ ඊමේල් මගින් ඉල්ලන්නේ නැත. කිසියම් පුද්ගලයකු මේවා ඉල්ලන්නේ නම්, බොහෝ දුරට වංචාවක් විය හැකියි.

STAY ALERT!

වංචනික පුද්ගලයින් පෙනී සිටින්නේ ඔබට විශ්වාස කළ හැකි අය ලෙසයි. ඔබේ ජංගම දුරකතන සමාගමේ නියෝජතයකු, පොලිසියේ හෝ හමුදාවේ නිලධාරියකු, බදු නිලධාරියකු ලෙස හෝ ඇතැම් විට ඔබේම පවුලේ සාමාජිකයෙකු ලෙස පවා පෙනී සිටිමින්, දුරකතන ඇමතුම්, පණිවිඩ, ඊමේල් හෝ Data සම්බන්ධතා හරහා ඔබේ මුදල් මෙන්ම පෞද්ගලික තොරතුරු සොරා ගැනීම හෝ ඔබේ ගිණුම්වලට පිවිසීම, ඔවුන්ගේ උත්සාහයයි.

 

පාරිභෝගිකයින්ගේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඩයලොග් ආයතනය ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙළෙහි තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස, පාරිභෝගිකයින් සයිබර් වංචාවලින් (Digital Scams) ආරක්ෂා කරගැනීම සහ ඔවුන් දැනුවත් කිරීම ඉලක්ක කරගත් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ජාල මට්ටමින් ක්‍රියාත්මක වන මෙම උසස් ආරක්ෂණ ක්‍රමවේදය හරහා පාරිභෝගික සන්නිවේදනය වඩාත් සුරක්ෂිත කෙරෙන අතර, ඕනෑම ඩිජිටල් පණිවිඩයක් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තීරණ ගැනීමට ඔවුන් වෙත සහාය වීම මූලික අරමුණයි.

මෙම වැඩපිළිවෙළ යටතේ හඳුන්වා දෙන පළමු විශේෂාංගය වන්නේ “DIALOG WARNING - SPAM” යනුවෙන් SMS පණිවිඩ සඳහා යොදනු ලබන ලේබලයයි. යම් කෙටි පණිවිඩ එවනු ලබන රටාවන්, එහි අන්තර්ගත ලක්ෂණ හෝ සැක කටයුතු Links මත පදනම්ව එය ව්‍යාජ පණිවිඩයක් ලෙස පද්ධතිය මඟින් හඳුනාගන්නේ නම්, එම පණිවිඩයට ඉහළින් මෙම අනතුරු ඇඟවීමේ ලේබලය එක් කරනු ලැබේ.

මෙම ආරක්ෂණ පද්ධති නිරන්තරයෙන් වැඩිදියුණු වෙමින් පවතින අතර, පාරිභෝගිකයින් ද සැමවිටම අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ. යම් හෙයකින් ඔබට සැක කටයුතු SMS පණිවිඩ ලැබෙන්නේ නම්, ඒ පිළිබඳව Report Scam හෝ 0777 678 678 අංකයෙන් ​WhatsApp හරහා දැනුම් දෙන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. ​

ඔබේ ආරක්ෂාව සඳහා වංචා රටාවන් ගැන දැනගන්න.



සංඛ්‍යා දත්ත මගින් හෙළි කරන බලපෑම

ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඩයලොග් දියත් කරන වැඩපිළිවෙළ

2025 ජනවාරි සිට

වංචනික SMS මිලියන 2 ක්

අවහිර කරන ලදී

දිනකට

වංචනික දුරකතන ඇමතුම් 9000 ක්

අවහිර කෙරේ

2025 ජනවාරි සිට

ව්‍යාජ වෙබ් ලිපින (URL) 56 ක්

අවහිර කෙරිණි

වංචා ක්‍රම

වංචාකරුවන් කටයුතු කරන ආකාරය සහ ඔබ ඒවාට ඉලක්ක වන ආකාරය දැනගන්න


SMS

Voice Calls

Data Networks

Smishing යනුවෙන් අදහස් වන්නේ, වංචනික පුද්ගලයින් ඔබගේ බැංකුව, සමාජ මාධ්‍ය platforms, බෙදාහැරීමේ සමාගමක් හෝ ඔබගේ ජංගම දුරකතන සමාගම ආදී විශ්වාසදායී මූලාශ්‍රවල මුවාවෙන්, ව්‍යාජ SMS පණිවිඩ එවීමයි. මෙම පණිවිඩවල බොහෝ විට ව්‍යාජ links හෝ දුරකතන අංක ඇතුළත් වන අතර, ඔවුන්ගේ උත්සාහ දරන්නේ, ඔබ Login වීමේදී භාවිත කරන තොරතුරු, පෞද්ගලික තොරතුරු හෝ මූල්‍ය තොරතුරු ඔබ ලවාම හෙළි කර ගැනීමටයි.

වංචනිකයන් මෙම ක්‍රමය භාවිතා කරන්නේ

  • ඔබේ බැංකු හෝ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු සොරකම් කිරීමට
  • ඔබගේ online ගිණුම්වලට පිවිසීමට
  • ඔබගේ දුරකතනයට වැරදි මෘදුකාංග ඔබ ලවාම ඩවුන්ලෝඩ් කිරීමට

පරීක්ෂාකාරීව කටයුතු කළ යුතු අන්දම

  • නොදන්නා හෝ සැක සහිත මූලාශ්‍රවලින් ලැබෙන පණිවිඩවල ඇති links, click කරන්න එපා.
  • අදාළ නිල වෙබ් අඩවියේ ඇති දුරකතන අංකයකට අමතා, එය සත්‍ය මූලාශ්‍රයක් බවට තහවුරු කර ගන්න.
  • සැක කටයුතු පණිවිඩ පිළිබඳව XXXX අංකය අමතා, ඩයලොග් වෙත දැනුම් දෙන්න.
  • ඔබගේ OTP හෝ PIN අංකය කිසිවෙකු සමඟ, අඩුම තරමේ ඩයලොග් ආයතනයෙන් යැයි පවසන අයෙකු සමඟවත් share කරන්න එපා.

ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

ව්‍යාජ හදිසි තත්ත්වයන් මැවීම හෝ බිය ගැන්වීම්

“URGENT: Your account is locked!” ("හදිසියි: ඔබේ ගිණුම lock කර ඇත!")

සංවේදී තොරතුරු ඉල්ලීම්

කිසිම නීත්‍යානුකූල සමාගමක් කෙටි පණිවිඩ හරහා ඔබගේ මුර passwords , PIN අංක හෝ බැංකු විස්තර වැනි පෞද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැත.

සැක සහිත links

(උදා: නිවැරදි: dialog.lk වෙනුවට, වංචනික: dilaog.lk) • සෑම විටම, එවා ඇති වෙබ් ලිපිනය (URL), අදාළ නිල වෙබ් අඩවියේ ලිපිනයද යන්න පරීක්ෂා කරන්න. වංචනික පුද්ගලයින් බොහෝ විට භාවිත කරන්නේ, කෙටි කළ හෝ වැරදි අක්ෂර වින්‍යාස සහිත වෙබ් ලිපිනයන්ය.

• විශ්වාස කළ නොහැකි දීමනා

"ඔබ රුපියල් මිලියනයක් දිනා ඇත!" හෝ "ඔබට තෑගි පෙට්ටියක් ලැබී ඇත" වැනි පණිවිඩ.

Vishing හෝ Voice Phishing යනුවෙන් අදහස් වන්නේ, රටේ පිළිගත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්, ඔබ ගනුදෙනු කරන බැංකුව, ඩයලොග් පාරිභෝගික සේවාව, රජයේ ආයතනයක් හෝ ඔබගේ සමීපතමයකු ලෙසින් පෙනී සිටින වංචනික පුද්ගලයින් විසින් දුරකතන ඇමතුම් හරහා වංචා සහගත ලෙස ඔබේ පෞද්ගලික තොරතුරු හෙළි කරගැනීම හෝ මුදල් ගෙවීමකට ඔබව පොළඹවා ගැනීමයි.

වංචනිකයන්‌ගේ අරමුණු

  • ඔබගේ බැංකු ගිණුම් හෝ කාඩ්පත් තොරතුරු සොරකම් කිරීම
  • ඔබව රවටා OTP හෝ PIN අංක ලබා ගැනීම
  • ඔබගේ උපාංගයට දුරස්ථව පිවිසීම
  • eZ Cash මගින් හෝ බැංකු ගනුදෙනුවක් මගින් මුදල් එවීමට ඔබව පොළඹවා ගැනීම

පරීක්ෂාකාරීව කටයුතු කරන අන්දම

  • යම් ඇමතුමක් සැක සහිත බවට හෝ එහින් ඔබට බලපෑමක් ඇතිවන බවට හැඟේ නම්, වහාම එය විසන්ධි කරන්න
  • දුරකතනයෙන් අමතන කිසිවකු සමඟ ඔබේ OTP අංක, PIN අංක, හෝ බැංකු තොරතුරු share කරන්න එපා.
  • ඩයලොග් හෝ අදාළ ආයතනවල නිල වෙබ් අඩවි මගින් හෝ දුරකතන ඇමතුමක් මගින්, අදාළ ඇමතුම සත්‍ය බවට තහවුරු කර ගන්න.
  • එවැනි වංචාකාරී ඇමතුම් පිළිබඳව, XXXX හරහා හෝ ඔබගේ ළඟම ඩයලොග් සේවා මධ්‍යස්ථානයට දැනුම් දෙන්න.

ඔබ විසින් සැලකිලිමත් විය යුතු කාරණා

වහා කටයුතු කිරීමට අවශ්‍ය බව කියමින් ලැබෙන අනවශ්‍ය ඇමතුම්

දුරකතනය හරහා පෞද්ගලික තොරතුරු හෝ බැංකු තොරතුරු ඉල්ලීම්

බැංකු, eZ Cash හරහා මුදල් එවන ලෙස කරන ඉල්ලීම් හෝ OTP අංක ලබා දෙන ලෙස කරන ඉල්ලීම්

වහා කටයුතු කරන ලෙසට හෝ ඇමතුම පිළිබඳව කිසිවකුට නොපවසන මෙන් ඔබට බලපෑම් කරමින් ලබාදෙන ඇමතුම්

එම වංචනිකයින් විසින්

  • ඔබගේ ගිණුම අවහිර කර ඇති බවට හෝ ඔබේ සැක කටයුතු ගනුදෙනුවක් ඔවුන් විසින් හෙළිදරවු කර ඇති බවට ප්‍රකාශ කළ හැක.
  • ඔබ ත්‍යාගයක් දිනා ඇති බවට (Dialog Mega Wasana වැනි) පවසා, එය ලබා ගැනීමට ඔබේ හැඳුනුම්පත් අංකය (NIC) ලබා දෙන ලෙස හෝ මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා සිටිය හැක.
  • විවිධ ආයතනවල තාක්ෂණික සහය නියෝජිතයින්ගේ මුවාවෙන් apps, install කිරිමට හෝ ඔබගේ දුරකතනයට දුරස්ථව ඇතුළු වීමට ඉඩදෙන ලෙස ඉල්ලා සිටිය හැක.

Smartphones සහ apps භාවිතය වැඩිවීමත් සමඟ, චංචාකාරි පුද්ගලයින් දැන් මාන බලන්නේ, අන්තර්ජාලය හරහා ව්‍යාජ apps, ව්‍යාජ දැන්වීම් හෝ ව්‍යාජ වෙබ් අඩවි මගින් වංචා කිරීමයි. ඔවුන් භාවිත කරන චංචාකාරී උපක්‍රමවලින්, ඔබේ උපාංගයට හානි කිරීමට, තොරතුරු සොරකම් කිරීමට, හෝ වංචා සහගත ලෙස යම් යම් සේවාවන් සඳහා ඔබේ අනුදැනුමෙන් තොරව subscribe කරගැනීමට ඔවුන්ට හැකි වේ.

මෙම වංචා සිදු කරන ක්‍රම

  • බැංකුවල, බෙදාහැරීමේ ආයතනවල, හෝ ඩයලොග් apps මෙන් පෙනෙන, ව්‍යාජ apps ඩවුන්ලෝඩ් කිරීම මගින්
  • ඔබ අන්තර්ජාලය භාවිත කරද්දී, හානිකර මෘදුකාංග install කිරීමට හෝ අවසරයකින් තොරව සේවාවන් සඳහා දායක කරගැනීම සඳහා මතුවන pop-up දැන්වීම් හෝ redirects මගින්
  • නිල වෙබ් අඩවි ස්වරූපයෙන් පෙනෙන ව්‍යාජ වෙබ් අඩවි වෙත ඔබව යොමු කරන login තොරතුරු ඉල්ලා සිටීම මගින්

පරීක්ෂාකාරීව කටයුතු කරන අන්දම

  • Apps ඩවුන්ලෝඩ් කිරීම, නිල මෘදුකාංග හරහා පමණක් සිදු කරන්න. (Google Play Store හෝ Apple App Store)
  • පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට පෙර වෙබ් ලිපිනය (URL) දෙවරක් පරීක්ෂා කරන්න.
  • හානිකර මෘදුකාංග සඳහා, මොබයිල් ආරක්ෂක apps හෝ antivirus scan මෘදුකාංගයක් භාවිත කරන්න
  • නොමිලේ Data, තෑගි, හෝ හදිසි අනතුරු ඇඟවීම් මුවාවෙන් ලැබෙන Ads, click කරන්න එපා.
  • ඔබේ දුරකතනයේ මෙහෙයුම් පද්ධතිය සහ apps, update කර තබාගන්න.

ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

නිල නොවන මූලාශ්‍රවලින් ලැබෙන Apps (උදා: SMS හෝ links හරහා බෙදා හරින APK ෆයිල්)

වැරදි ලෙස ලියන ලද අක්ෂර සහිත හෝ වෙනස් ලාංඡන ඇතුළත්, බැලූ බැල්මට ව්‍යාජ ලෙස පෙනෙන වෙබ් අඩවි

නව app එකක් install කිරීමෙන් පසු දුරකතනයේ ක්‍රියාකාරීත්වයේ ගැටලු ඇතිවීම (හානිකර මෘදුකාංගයක් ඇති බවට ලකුණකි)

ඔබේ දුරකතනයේ විශේෂාංගවලට ඇතුළුවීමට, අනවශ්‍ය පරිදි අවසර ඉල්ලීම (උදා: SMS, contactsවලට හෝ files වලට පිවිසීමේ අවසර)

Awaiting Content

නිතර අසන පැන

DIALOG WARNING: SPAM” විශේෂාංගය යනු කුමක්ද?

මෙම විශේෂාංගය හඳුන්වා දීමට හේතුව කුමක්ද?

මගේ දුරකතනයේ මෙය දැකගත හැක්කේ කෙසේද?

DIALOG WARNING: SPAM” ලෙස සඳහන් වූ පමණින් එම පණිවිඩය අනිවාර්යයෙන්ම වංචනික (Scam) එකක් බව අදහස් වේද?

මෙය WhatsApp හෝ වෙනත් සමාජ මාධ්‍ය Apps සඳහාත් ක්‍රියාත්මක වේද?

පණිවිඩයක් “DIALOG WARNING: SPAM” ලෙස සලකුණු කරනු ලබන්නේ ඇයි?

මගේ පණිවිඩ කියවීමට ලක්වෙනවාද? නැතහොත් පද්ධතිය මඟින් ස්පෑම් (Spam) හඳුනාගන්නේ කෙසේද?

වංචනික පණිවිඩයක් (Scam message) හඳුනා ගන්නේ කෙසේද?

සැක කටයුතු පණිවිඩයක් ස්පෑම් (Spam) ලෙස සලකුණු වී නොතිබුණහොත් කුමක් කළ යුතුද?

මගේ පණිවිඩයක් වැරදීමකින් “DIALOG WARNING: SPAM” ලෙස සලකුණු වුවහොත් කුමක් කළ යුතුද?

මා පණිවිඩයක් පිළිබඳව වාර්තා කළ විට කුමක් වේද?

මට සුපුරුදු පරිදි සාමාන්‍ය පණිවිඩ යැවීමට හැකිද?

මම ව්‍යාපාරික කටයුතු සඳහා පණිවිඩ යවන්නෙක් නම් කුමක් කළ යුතුද?

මෙය ජාත්‍යන්තර හෝ හඳුනානොගත් අංකවලින් ලැබෙන පණිවිඩ සඳහාත් අදාළද?

මෙම විශේෂාංගය සඳහා මා විසින් ගෙවීමක් කළ යුතුද?

මට “DIALOG WARNING - SPAM” විශේෂාංගය අක්‍රිය කළ හැකිද?

මෙම විශේෂාංගය සක්‍රිය (Enable) කර ගැනීමට මා යමක් කළ යුතුද?

මෙම සේවාව ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති මටත් ලබාගත හැකිද?