නියමයන් සහ කොන්දේසි

 

සිල්ලර වෙළෙන්දන් සඳහා වන සංශෝධිත සහ නැවත ප්‍රකාශයට පත් කරන ලද සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි

බලාත්මක වන දිනය: 2026 සැප්තැම්බර් 7

මෙම නියමයන් සහ කොන්දේසි මගින් සිල්ලර වෙළඳුන් සඳහා වන ඩයලොග් ස්වර්ණ ශක්ති ලෝයලිටි වැඩසටහන සඳහා සිල්ලර වෙළෙන්දන්ගේ සහභාගීත්වය පාලනය වේ.

පසුබිම — සංශෝධනය සහ නැවත ප්‍රකාශයට පත් කිරීම

  • මෙම නියමයන් සහ කොන්දේසි මගින් සිල්ලර වෙළඳුන් සඳහා වන 2024 ස්වර්ණ ශක්ති රිවෝඩ් සහ ලෝයලිටි වැඩසටහනේ පොදු නියමයන් සහ කොන්දේසි සම්පූර්ණයෙන්ම සංශෝධනය කර, නැවත ප්‍රකාශ කර, ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.
  • මෙම වැඩසටහන කිසිදු බාධාවකින් තොරව ඉදිරියටම ක්‍රියාත්මක වන අතර, මෙම නියමයන් සහ කොන්දේසි මගින් නව හෝ වෙනත් වැඩසටහනක් නිර්මාණය නොකෙරේ.
  • බලාත්මක වන දිනය දක්වා, පෙර නියමයන් සහ කොන්දේසි යටතේ සිල්ලර වෙළෙන්දෙකු විසින් වලංගු ලෙස උපයා ගත් සියලුම පොයින්ට්ස් (Points) ඉදිරියට ගෙන යනු ලැබේ. ඒවා පොයින්ට්ස්වල (Points) වලංගුභාවය, කල් ඉකුත්වීම සහ පොයින්ට්ස් භාවිතා කිරීම (Redemption) පිළිබඳ විධිවිධාන ඇතුළත් මෙම නියමයන් සහ කොන්දේසිවලට යටත්ව වලංගුව පවතිනු ඇත.

1. අර්ථ දැක්වීම් සහ අර්ථ නිරූපණයන්

1.1. පද සන්දර්භය අනුව වෙනත් අදහසක් ගම්‍ය නොවන්නේ නම්, මෙම නියමයන් සහ කොන්දේසිවලදී පහත සඳහන් අර්ථ දැක්වීම් අදාළ වේ:

  • "බෝනස් පොයින්ට්"යන්නෙන් පූර්ව ස්වර්ණ ශක්ති අලෙවිකරණ ලිපිලේඛනවල සඳහන් කර ඇති අවශ්‍ය පරාසය වෙත ලඟාවීමෙන් පසු සිල්ලර වෙළෙන්දෙකුට පිරිනමනු ලබන අතිරේක පොයින්ට් එකක් අදහස් කෙරේ.
  • "සී.බී.එස්.එල්" යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කෙරේ;
  • "ඩයලොග්" යනු PQ38 දරන සමාගම් ලියාපදිංචි අංකය හිමි, නො. 475, යුනියන් පෙදෙස, කොළඹ 02 යන ලිපිනයේ ස්වකීය ලියාපදිංචි කාර්යාලය පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ නීති යටතේ නිසි පරිදි සංස්ථාපිත සමාගමක් වන ඩයලොග් ආසියාටා පී.එල්.සී ය;
  • "ඩයලොග් ෆිනෑන්ස්" හෝ "DF" යනු ඩයලොග් ෆිනෑන්ස් ගිණුම පවත්වාගෙන යනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන ඩයලොග් ෆිනෑන්ස් පී.එල්.සී ය;
  • "ඩයලොග් ෆිනෑන්ස් ගිණුම" යනු මෙම වැඩසටහන යටතේ පොයින්ට්ස්වල (points) මුදල් වටිනාකම තැන්පත් කරනු ලබන, සිල්ලර වෙළෙන්දෙකු විසින් ඩයලොග් ෆිනෑන්ස් හි පවත්වාගෙන යනු ලබන ඉතුරුම් ගිණුමයි;
  • "ඩයලොග් පේ" (Dialog Pay) යනු දැනට "Dialog Pay" ලෙස සහ මෙයට පෙර "Genie" ලෙස හඳුන්වන ලද, අදාළ නීති සහ රෙගුලාසිවලට (කලින් කලට හඳුන්වා දෙන සහ සංශෝධනය වන පරිදි) මෙන්ම අදාළ කොන්දේසි සහ නියමයන්ට යටත්ව, අවසර ලත් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට පරිශීලකයින්ට පහසුකම් සලසන, ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC) මගින් සපයනු ලබන ඩිජිටල් ගෙවීම් වේදිකාව සහ ඊට අදාළ සේවාවන් වේ;
  • "බලාත්මක වන දිනය" යනු 2026 සැප්තැම්බර් 7වෙනිදාය;
  • "පොයින්ට් එකක්" (Point) යනු මෙම නියමයන් සහ කොන්දේසිවලට අනුකූලව වැඩසටහන යටතේ සිල්ලර වෙළෙන්දෙකුට පිරිනමනු ලබන ලෝයලිටි පොයින්ට් එකකි;
  • "වැඩසටහන" යනු ඩයලොග් විසින් මෙහෙයවනු ලබන සිල්ලර වෙළඳුන් සඳහා වන ඩයලොග් ස්වර්ණ ශක්ති ලෝයලිටි වැඩසටහන වැඩසටහනයි;
  • “RH App" යනු සිල්ලර වෙළෙන්දෙකු මෙම වැඩසටහන වෙත ප්‍රවේශ වන රීටේල් හබ් යෙදවුමයි
  • "සිල්ලර වෙළෙන්දා" යනු ඩයලොග් ආයතනය වෙනුවෙන් විදුලි සංදේශ සේවා අලෙවි කරන ලබන සහ ඩයලොග් පද්ධතිය තුළ සිල්ලර වෙළෙන්දෙකු ලෙස වර්ගීකරණය කර ඇති/හඳුනාගෙන ඇති බලයලත් තැනැත්තෙකු හෝ ආයතනයකි;
  • “PMS ID" යනු පරිශීලක පැතිකඩ කළමනාකරණ පද්ධති අංකය (Profile Management System ID) වේ; ID;
  • "පොයින්ට්ස් භාවිතා කිරීමේ කාල සීමාව" ("Redemption Period") යන්නෙන් අදහස් කරන්නේ සිල්ලර වෙළෙන්දෙකුට සමුච්චිත පොයින්ට්ස් වටිනාකම භාවිත කළ හැකි කාල සීමාව වන අතර, එය ඩයලොග් විසින් කලින් කලට තීරණය කරනු ලැබේ.

1.2. වගන්ති ශීර්ෂයන් පහසුව සඳහා පමණක් වන අතර එය අර්ථ නිරූපණයට බලපෑමක් නොදක්වයි.

1.3. ඒකවචන වචනවලින් බහුවචනාර්ථයද, බහුවචන වචනවලින් ඒකවචනාර්ථයද අර්ථ දැක්වෙන අතර, පුද්ගලයෙකු පිළිබඳ සඳහන් කිරීමකට සංස්ථාපිත ආයතනයක්ද ඇතුළත් වේ.

1.4. යම් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත විධිවිධානයක් පිළිබඳ සඳහන් කිරීමකට, කලින් කලට සංශෝධිත, නැවත පනවන ලද හෝ ප්‍රතිස්ථාපනය කරන ලද ව්‍යවස්ථාව හෝ විධිවිධානය ඇතුළත් වේ.

2. පොයින්ට්ස් භාවිතා කිරීම සඳහා වන සුදුසුකම්

2.1. ඩයලොග් පද්ධතියේ ලියාපදිංචි වී ඇති සහ සුදුසුකම්ලත් අය ලෙස වර්ගීකරණය කර ඇති ඩයලොග් සිල්ලර වෙළෙන්දන්ට පමණක් මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට සුදුසුකම් ඇත.

2.2. පොයින්ට්ස්වල මුදල් වටිනාකම ලබා ගැනීමට නම්, සිල්ලර වෙළෙන්දෙකු ඩයලොග් පේ (Dialogue Pay) හරහා ඩයලොග් ෆිනෑන්ස් හි ඩයලොග් ෆිනෑන්ස් ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යා යුතු අතර, RH App යෙදවුම හරහා එම ගිණුම් තොරතුරු ඩයලොග් වෙත ලබා දිය යුතුය.

2.3. ඩයලොග් පේ (Dialogue Pay)හරහා ඩයලොග් ෆිනෑන්ස් ගිණුමක් ආරම්භ කරන අවස්ථාවේදී, එය පාරිභෝගිකයින් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය (customer onboarding), පාරිභෝගික පරිශීලන පරීක්ෂාව (customer due diligence) සහ ගනුදෙනුකරු හඳුනාගැනීමේ (KYC) අවශ්‍යතාවලට මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ උපදෙස්වලට යටත් වන අතර, ඩයලොග් ෆිනෑන්ස් ගිණුමක් සඳහා ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලුම්පත්‍රයක් අනුමත වන බවට ඩයලොග් ආයතනය විසින් කිසිදු සහතිකයක් ලබා නොදෙයි.;

3. පොයින්ට්ස් පිරිනැමීම සහ ගණනය කිරීම

3.1. මෙම වැඩසටහන යටතේ ලැබෙන සෑම පොයින්ට් එකක් සඳහාම සිල්ලර වෙළෙන්දෙකුට ශ්‍රී ලංකා රුපියල් එකක (LKR 1.00) වටිනාකමක් හිමිවේ.

3.2. 2026 ඔක්තෝම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, පොයින්ට්ස් ගණනය කිරීමේදී බෝනස් පොයින්ට්ස් (Bonus points) ඉවත් කරනු ලබන අතර, ඉන් පසුව කිසිදු බෝනස් පොයින්ට් එකක් පිරිනමනු නොලැබේ.

3.3. .2026 ඔක්තෝම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, රීචාජ් කාඩ්පත් (Recharge cards) හරහා සිදුකරන ගනුදෙනු සඳහා පොයින්ට්ස් හිමි නොවේ.

3.4. සිල්ලර වෙළෙන්දෙකුට RH App යෙදවුම හරහා හෝ ඩයලොග් විසින් කලින් කලට නියම කළ හැකි වෙනත් යෙදවුමක් හෝ වේදිකාවක් හරහා වැඩසටහන යටතේ එකතු වූ මුළු පොයින්ට්ස් ප්‍රමාණය පරීක්ෂා කිරීමට හැකි වේ.

3.5. පොයින්ට්ස් සිල්ලර වෙළෙන්දාට පෞද්ගලික වන අතර, මෙම නියමයන් සහ කොන්දේසිවලට අනුකූලව භාවිත කිරීමට අවකාශ සලසනු ලබන අවස්ථාවකදී හැර වෙනත් කිසිදු මුදල් වටිනාකමක් නොමැත. තවද විකිණීම, තෑගි දීම හෝ වෙනත් ක්‍රමයකින් වෙනත් කිසිදු තැනැත්තෙකුට හෝ ගිණුමකට පැවරිය නොහැක.

3.6. උප නියෝජිතයන් (sub-agents) විසින් සිදු කරනු ලබන ගනුදෙනු ද ඇතුළත්ව, පොයින්ට්ස් ජනනය වීම් සහ එකතු වීම් ප්‍රධාන සිල්ලර වෙළෙන්දාගේ PMS ID ( පරිශීලක පැතිකඩ ) පදනම් කරගෙන සිදු විය යුතුය. සියලුම උප නියෝජිත ලකුණු ප්‍රධාන සිල්ලර වෙළෙන්දාගේ PMS ID වෙත එකතු වන අතර, සියලුම උප නියෝජිතයන් ප්‍රධාන PMS ID වෙත වගකීමට බැඳී සිටිය යුතුය.

4. පොයින්ට්ස්වල වලංගුභාවය සහ කල් ඉකුත්වීම

4.1. පොයින්ට්ස් උපයාගත් දින සිට වසර තුනක (3) කාලයක් සඳහා වලංගුව පවතින අතර, එම පොයින්ට්ස් එකතු වූ දින සිට තුන්වන වසර සම්පූර්ණ වන විට කල් ඉකුත් වේ. එසේවුවද, මෙම වසර තුනක (3) කල් ඉකුත්වීමේ පූර්ව කොන්දේසිය අදාළ වන්නේ එම කාලසීමාව තුළ ඩයලොග් සමාගම විසින් පොයින්ට්ස් භාවිත කිරීමේ වැඩසටහනක් (redemption program) ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී සහ ඒ සඳහා පමණි. සඳහන් කළ කාලසීමාව තුළ ඩයලොග් සමාගම විසින් එවැනි පොයින්ට්ස් භාවිත කිරීමේ වැඩසටහනක් (redemption program) ක්‍රියාත්මක කරන්නේ නම්, එකී වැඩසටහනෙහි කොන්දේසිවලට අනුකූලව එම පොයින්ට්ස් වලංගුව පවතින අතර පොයින්ට්ස් භාවිත කිරීමට ද හැකියාව පවතී. කල් ඉකුත් වූ පසු, එම පොයින්ට්ස් පද්ධතිය තුළ තවදුරටත් සටහන් වී තිබුණද, ඒවායේ වලංගුභාවය අහෝසි වන අතර, භාවිත කිරීමට හෝ මුදල් බවට පත් කිරීමට සුදුසුකම් නොලබන අතර, කිසිදු මූල්‍යමය හෝ වෙනත් වටිනාකමක් ද නොමැති වේ. කල් ඉකුත් වූ පොයින්ට්ස් පද්ධතිය තුළ තබා ගැනීමට සහ එවැනි පොයින්ට්ස් කල් ඉකුත් වීමට ආසන්න බව සහ/හෝ ඉවත් කිරීමට නියමිත බව සිල්ලර වෙළෙන්දන්ට දැනුම් දීමට ඩයලොග් සමාගමට පූර්ණ අයිතියක් ඇත. ඉන් පසුව, ඩයලොග් සමාගම විසින් තීරණය කරනු ලබන දිනයකදී, එම කල් ඉකුත් වූ පොයින්ට්ස් පද්ධතියෙන් ඉවත් කිරීමට, අවලංගු කිරීමට , එකවර ඉවත් කර දැමීමට (flush) හෝ වෙනත් ආකාරයකින් පද්ධතියෙන් ඉවත් කිරීමට ඩයලොග් සමාගමට හැකියාව ඇත.

4.2. සිල්ලර වෙළෙන්දන් 2026 ජූනි 30 දක්වා ඉතිරිව ඇති පොයින්ට්ස් අනිවාර්යයෙන්ම භාවිත කළ (Redeem) යුතු අතර, පොයින්ට්ස්වලින් කොටසක් පමණක් මාරු කිරීමට (Partial point transfers) අවකාශ නැත.

4.3. අදාළ අවසාන දිනය වන විට ලබා නොගත් හෝ වෙනත් ආකාරයකින් කල් ඉකුත් වූ ඕනෑම පොයින්ට් එකක් අහෝසි වන අතර කිසිදු වටිනාකමක් නොදරයි.

5. පොයින්ට්ස් භාවිත කිරීමේ ක්‍රමවේදය (REDEMPTION METHOD)

5.1. බලාත්මක වන දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි, පොයින්ට්ස් භාවිතා කිරීම (redemption) සඳහා සරල කරන ලද ක්‍රමවේදයක් අදාළ වේ. සිල්ලර වෙළෙන්දන්ට RH App හරහා හෝ ඩයලොග් සමාගම විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම යෙදවුමක් ( App) , වේදිකාවක් (platform) හෝ නාලිකාවක් හරහා තෑගි ලබා ගැනීමට සහ ඊට අදාළ වැඩසටහන් විශේෂාංග වෙත ප්‍රවේශ වීමට හැකිය.අතීතයේ හෝ පූර්වයේ පැවති පොයින්ට්ස් ලබා ගැනීමේ ක්‍රමවේදයන්ගෙන් පැනනඟින හෝ ඊට සම්බන්ධ කිසිදු හිමිකම් පෑමක්, ඉල්ලීමක් කිරීමට හෝ අයිතිවාසිකමක් ලබා ගැනීමට සිල්ලර වෙළෙන්දන්ට කිසිදු අයිතියක් නොමැත.

5.2. පොයින්ට්ස් ලබා ගැනීම සඳහා, සිල්ලර වෙළෙන්දෙකු විසින්:

  • 2:2 වන වගන්තියට අනුකූලව ඩයලොග් ෆිනෑන්ස් හි ඩයලොග් ෆිනෑන්ස් ගිණුමක් ආරම්භ කළ යුතුය;
  • පොයින්ට්ස් මාරු කිරීමට කැමැත්ත ලබා දිය යුතු අතර, ඩයලොග් ෆිනෑන්ස් ගිණුම සාර්ථකව නිර්මාණය කළ පසු, RH App යෙදවුමට ගිණුම් තොරතුරු ඇතුළත් කළ යුතුය; සහ
  • RH App යෙදවුමෙහි ඩයලොග් ෆිනෑන්ස් ගිණුම සම්බන්ධ කළ පසු, සිල්ලර වෙළෙන්දාගේ පොයින්ට්ස්වල මුදල් වටිනාකම ඩයලොග් ෆිනෑන්ස් ගිණුමට මාරු කරනු (පරිවර්තනය කරනු) ලැබේ.

5.3. සිල්ලර වෙළෙන්දෙකුට, ඩයලොග් ෆිනෑන්ස් ගිණුමට මාරු කළ හැක්කේ 2026 ජූනි 30 දක්වා උපයාගත් පොයින්ට්ස් පමණි.

5.4. පොයින්ට්ස්වලින් කොටසක් පමණක් මාරු කිරීමට අවසර නැත. සිල්ලර වෙළෙන්දෙකු එකම ගනුදෙනුවකින් සුදුසුකම් ලත් සම්පූර්ණ පොයින්ට්ස් ශේෂයම මාරු කළ යුතුය.

5.5. පොයින්ට්ස් භාවිතා කිරීමේ කාලසීමාව (Redemption Period) තුළ සිදුකරනු ලබන පොයින්ට්ස් භාවිතා කිරීම් සඳහා පමණක්, අදාළ ගිණුම විවෘත කිරීම හරහා එම පොයින්ට්ස්වලට හිමි මුදල් වටිනාකම සිල්ලර වෙළෙන්දාගේ ඩයලොග් ෆිනෑන්ස් ගිණුමට බැර කරනු ලැබිය හැක.අනාගතයේදී සිදුකරන කිසිදු පොයින්ට්ස් භාවිතා කිරීමක් සඳහා මෙම මුදල් වටිනාකම බැර කිරීමට ඉඩ දෙනු නොලැබේ.භාවිතා කර නොමැති සියලුම පොයින්ට්ස්, එකී පොයින්ට්ස් එකතු වූ දින සිට වසර තුනක් (3) ගත වූ පසු කල් ඉකුත් වේ. එම දිනයේ සිට, ඩයලොග් සමාගම විසින් ඒවා අවලංගු කර පද්ධතියෙන් ස්ථිරවම ඉවත් කරන තෙක් පද්ධතියේ තවදුරටත් දර්ශනය වුවද නැතද, එම පොයින්ට්ස් සඳහා කිසිදු වටිනාකමක් නොමැති වන අතර කිසිදු කාර්යයක් සඳහා සිල්ලර වෙළෙන්දාට තවදුරටත් භාවිත කිරීමට නොහැකි වනු ඇත.

5.6. පොයින්ට්ස් මුදලට පරිවර්තනය කර ඩයලොග් ෆිනෑන්ස් ගිණුමට මාරු කළ පසු, ඩයලොග් ෆිනෑන්ස් ඩෙබිට් කාඩ්පතක් භාවිත කිරීම සහ වෙනත් ගිණුම්වලට මුදල් මාරු කිරීම ඇතුළුව ඩයලොග් ෆිනෑන්ස් ගිණුම පාලනය වන නියමයන් සහ කොන්දේසිවලට අනුකූලව සිල්ලර වෙළෙන්දාට එම මුදල් භාවිතා කළ හැකිය.

5.7. සැක දුරු කිරීම පිණිස, 2026 ජූනි 30 දිනෙන් පසු එකතු වන පොයින්ට්ස් මුදල් බවට පරිවර්තනය කිරීමට සුදුසුකම් නොලබන අතර, ඩයලොග් විසින් කලින් කලට හඳුන්වා දෙන සහ දැනුම් දෙන වෙනත් පොයින්ට්ස් භාවිතා කිරීමේ ක්‍රමවේදයක් (තිබේ නම්) හරහා පමණක් ලබා ගත හැකිය. එසේ නොමැති නම්, එම පොයින්ට්ස් වලංගුභාවය සහ කල් ඉකුත්වීම පිළිබඳ විධිවිධානවලට අනුකූලව කල් ඉකුත් වී අහෝසි වී යනු ඇත.

6. එකඟත්වය, පෞද්ගලික දත්ත සහ තෙවන පාර්ශවීය නියමයන්

6.1. වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ඩයලොග් ෆිනෑන්ස් ගිණුම විවෘත කිරීම සහ සම්බන්ධ කිරීම, පොයින්ට්ස්වල මූල්‍ය වටිනාකම මාරු කිරීම සහ අදාළ නෛතික සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා සිල්ලර වෙළෙන්දා ඩයලොග් සහ ඩයලොග් ෆිනෑන්ස් විසින් තම පුද්ගලික සහ ගිණුම් තොරතුරු රැස් කිරීම, භාවිතා කිරීම, ගබඩා කිරීම සහ බෙදා ගැනීම සඳහා කැමැත්ත ලබා දෙයි.

6.2. පෞද්ගලිකත්ව නිවේදනය (Privacy Notice):
වැඩසටහනේ කොටසක් ලෙස සිල්ලර වෙළෙන්දා ලබා දෙන පෞද්ගලික දත්ත රැස් කිරීමට ඩයලොග් ආයතනයට සිදු විය හැකිය. එවැනි සියලුම අවස්ථාවලදී, ඩයලොග් විසින් මෙම පෞද්ගලික දත්ත https://www.dialog.lk/legal හි ඇති ඩයලොග් හි පෞද්ගලිකත්ව නිවේදනයට (කලින් කලට යාවත්කාලීන වන පරිදි) අනුකූලව සකසනු ඇත. ඩයලොග් වෙත කිසිදු පෞද්ගලික දත්තයක් ලබා දීමට පෙර පෞද්ගලිකත්ව නිවේදනය සමාලෝචනය කර පිළිගැනීමට සිල්ලර වෙළෙන්දා බැඳී සිටී.

6.3. ඩයලොග් මූල්‍ය ගිණුම – තෙවන පාර්ශවීය නිෂ්පාදන අයිතිය අතහැරීමේ ප්‍රකාශය.
ඩයලොග් ෆිනෑන්ස් ගිණුම යනු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන වෙනම නෛතික ආයතනයක් සහ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ඩයලොග් ෆිනෑන්ස් පී.එල්.සී හි නිෂ්පාදනයක් වන අතර එය ඩයලොග් ෆිනෑන්ස් හි නියමයන් සහ කොන්දේසිවලට (අදාළ ගාස්තු ඇතුළුව) දැඩි ලෙස යටත් වේ. ඩයලොග් ෆිනෑන්ස් ගිණුම සම්බන්ධයෙන් සිල්ලර වෙළෙන්දාගේ සබඳතාව පවතින්නේ සිල්ලර වෙළෙන්දා සහ ඩයලොග් ෆිනෑන්ස් අතර පමණි. ඩයලොග් ෆිනෑන්ස් ගිණුම සම්බන්ධයෙන් ඩයලොග් විසින් කිසිදු නියෝජනයක්, වගකීමක් හෝ නිර්දේශයක් නොකරන අතර සිල්ලර වෙළෙන්දාට කිසිදු මූල්‍ය හෝ ආයෝජන උපදෙසක් ලබා නොදෙයි. ඩයලොග් ෆිනෑන්ස් ගිණුමක් ආරම්භ කිරීම, අනුමත කිරීම, ප්‍රතික්ෂේප කිරීම, ක්‍රියාත්මක කිරීම, පවත්වාගෙන යාම, ප්‍රවේශවිමට අවකාශ තිබීම, අත්හිටුවීම හෝ වසා දැමීම සම්බන්ධයෙන් හෝ ඩයලොග් ෆිනෑන්ස් හි කිසිදු ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් සම්බන්ධයෙන් ඩයලොග් වගකියනු නොලැබේ. තවද එවැනි කිසිදු කරුණක් මගින් සිල්ලර වෙළෙන්දාට ඩයලොග් වෙතින් කිසිදු හිමිකම් පෑමකට හෝ මෙම නියමයන් සහ කොන්දේසිවලට අනුකූලව හැර වෙනත් ආකාරයකින් පොයින්ට්ස් ලබා ගැනීමට කිසිදු අයිතියක් හිමි නොවේ.

7. බදු

7.1. පොයින්ට්ස් පිරිනැමීම, භාවිත කිරීම හෝ පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් පැන නගින එකතු කළ අගය මත බද්ද (VAT), සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සහ රඳවා ගැනීමේ බද්ද (WHT) ඇතුළු (එහෙත් ඒවාට පමණක් සීමා නොවී) සියලුම බදු, අයකිරීම් සහ ගාස්තු සඳහා සිල්ලර වෙළෙන්දා වගකිව යුතුය.

7.2. අදාළ නීතිය යටතේ ඩයලොග් විසින් අඩු කිරීමට හෝ රඳවා ගැනීමට අවශ්‍ය වන ඕනෑම මුදලක් වැඩසටහන යටතේ වන ඕනෑම ගෙවීමකින් හෝ මාරු කිරීමකින් අඩු කිරීමට හෝ රඳවා ගැනීමටත්, එම මුදල අදාළ බලධාරියා වෙත යැවීමටත් ඩයලොග් වෙත හිමිකම ඇත.

8. වැඩසටහන වෙනස් කිරීම, අත්හිටුවීම සහ අවසන් කිරීම

8.1. මෙම වැඩසටහන ඩයලොග්හි තනි අභිමතය පරිදි සිදු කරනු ලබන අතර, ඕනෑම අවස්ථාවක සිය තනි අභිමතය පරිදි වැඩසටහන ඉවත්කර ගැනීමට ඩයලොග් හටවෙත සම්පූර්ණ බලය ඇත.

8.2. පූර්ව දැනුම්දීමක් සහිතව හෝ රහිතව, ඕනෑම අවස්ථාවක මෙම නියමයන් සහ කොන්දේසි, පොයින්ට්ස් ව්‍යූහය හෝ වැඩසටහනේ වෙනත් ඕනෑම අංශයක් වෙනස් කිරීමේ අයිතිය ඩයලොග් සතුව ඇත්තේය.

8.3. සිල්ලර වෙළෙන්දෙකුගේ ගිණුම අක්‍රිය වුවහොත් හෝ ඩයලොග් සමඟ ඇති සිල්ලර වෙළෙන්දාගේ සබඳතාව අවසන් වුවහොත්, එකතු වූ සියලුම පොයින්ට්ස් අහෝසි වනු ඇත.

8.4. පද්ධති හෝ සැකසුම් දෝෂයක ප්‍රතිඵලයක් ලෙස, හෝ යම් වංචනික, වෙනස් කරන ලද, අවලංගු කරන ලද හෝ ආපසු හරවන ලද ගනුදෙනුවක් සම්බන්ධයෙන් හෝ මෙම නියමයන් සහ කොන්දේසි උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් වැරදීමකින් පිරිනමන ලද හෝ බැර කරන ලද පොයින්ට්ස් (සහ ඊට අදාළ මුදල් වටිනාකම) ඕනෑම අවස්ථාවක පරීක්ෂා කිරීමේ, සකස් කිරීමේ, ආපසු හැරවීමේ, අවලංගු කිරීමේ හෝ රඳවා ගැනීමේ අයිතිය ඩයලොග් සතුය.

8.5. වංචාවක්, අනිසි භාවිතයක් හෝ මෙම නියමයන් සහ කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදු වූ බවට ඩයලොග් ආයතනය සාධාරණ ලෙස සැක කරන්නේ නම්, සිල්ලර වෙළෙන්දෙකු වැඩසටහනෙන් තාවකාලික ඉවත්කිරීමට හෝ ඉවත් කිරීමටත්, එම සිල්ලර වෙළෙන්දාගේ පොයින්ට්ස් අහෝසි කිරීමටත් ඩයලොග් ආයතනයට හැකිය.

8.6. පූර්ව දැනුම්දීමකින් තොරව වැඩසටහන අත්හිටුවන අවස්ථාවකදී ඩයලොග් වෙතින් හිමිකම් පෑමට හෝ නෛතික පියවර ගැනීමට සිල්ලර වෙළෙන්දාට කිසිදු අයිතියක් නොමැත. එවැනි අත්හිටුවීමකදී, පොයින්ට්ස් ලබා දීම ඩයලොග්හි තනි අභිමතය පරිදි සිදුවේ.

9. වගකීම් සීමා කිරීම

9.1. අදාළ නීතියෙන් ඉඩ ලබා දෙන උපරිම ප්‍රමාණයට, වැඩසටහන, පොයින්ට්ස් හෝ ඒවා පිරිනැමීම, ගණනය කිරීම, වලංගුභාවය, කල් ඉකුත්වීම, භාවිතා කිරීම හෝ පරිවර්තනය කිරීම, RH App යෙදවුම, ඩයලොග් ෆිනෑන්ස් ගිණුම, හෝ වැඩසටහනේ යම් වෙනස් කිරීමක්, අත්හිටුවීමක් හෝ ආපසු ගැනීමක් සම්බන්ධයෙන් පැන නගින කුමන හෝ ආකාරයක අලාභයක්, හානියක්, පිරිවැයක් හෝ වියදමක් (සෘජු, වක්‍රාකාර, ආනුභූතික, විශේෂ හෝ ආනුෂංගික) ගිවිසුම් නීතිය, තෝරත නීතිය (නොසැලකිලිමත්කම ද ඇතුළුව) යටතේ , උල්ලංඝනය කිරීමක් හෝ වෙනත් ආකාරයකින් පැන නැගුනද ඩයලොග් විසින් සිල්ලර වෙළෙන්දෙකුට වගකියනු නොලැබේ. සිල්ලර වෙළෙන්දා වැඩසටහනට සහභාගී වන්නේ සම්පූර්ණයෙන්ම තමාගේම අවදානමිනි.

10. වන්දිපූරණය

10.1. පහත සඳහන් කරුණු වලින් පැන නගින හෝ ඊට සම්බන්ධව ඩයලොග් වෙත සිදුවන සියලුම අලාභ, හානි, වගකීම්, හිමිකම් පෑම්, ඉල්ලීම්, පිරිවැය සහ වියදම් (සාධාරණ නීතිමය ගාස්තු ඇතුළුව) සඳහා සිල්ලර වෙළෙන්දා විසින් ඩයලොග් වෙත වන්දි ගෙවිය යුතු අතර, ඩයලොග් ආයතනය හානිපූරණය කළ යුතුය.

  • මෙම නියමයන් සහ කොන්දේසි හෝ මෙහි සඳහන් කර ඇති වගන්ති සිල්ලර වෙළෙන්දා විසින් උල්ලංඝනය කිරීම
  • සිල්ලර වෙළෙන්දා විසින් සිදු කරනු ලබන ඕනෑම වංචාවක්, අපරික්ෂාකාරීත්වයක්, චේතනාන්විත දුරාචාරයක් හෝ වැඩසටහන, RH App යෙදවුම හෝ ඩයලොග් ෆිනෑන්ස් ගිණුම අනිසි ලෙස භාවිත කිරීම
  • සිල්ලර වෙළෙන්දා විසින් අදාළ යම් නීතියක් හෝ තෙවන පාර්ශවයක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම; සහ
  • සිල්ලර වෙළෙන්දා විසින් ඩයලොග් හෝ ඩයලොග් ෆිනෑන්ස් වෙත ලබා දෙන ලද කිසිදු නිවැරදි නොවන, අසම්පූර්ණ හෝ මුළා කරවන තොරතුරු.; මෙම වන්දිපූරණය, වැඩසටහන සහ ඊට සිල්ලර වෙළෙන්දාගේ සහභාගීත්වය අවසන් කිරීමෙන්, අත්හිටුවීමෙන් හෝ ආපසු ගැනීමෙන් පසුවද බලාත්මකව පවතිනු ඇත.

11. පාලන නීතිය සහ අධිකරණ බලය

11.1. මෙම නියමයන් සහ කොන්දේසි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිවලට අනුකූලව පාලනය වන අතර අර්ථ නිරූපණය කරනු ලැබේ.

11.2. මෙම නියමයන් සහ කොන්දේසි වලින් හෝ ඊට සම්බන්ධව පැන නගින ඕනෑම ආරවුලක් තීරණය කිරීමේ අධිකරණ බලය ශ්‍රී ලංකා අධිකරණ සතුව සතුවේ.

12. සාමාන්‍ය

12.1. මෙම නියමයන් සහ කොන්දේසිවල යම් විධිවිධානයක් වලංගු නොවන හෝ බලාත්මක කළ නොහැකි එකක් ලෙස තීරණය වුවද, ඉතිරි විධිවිධාන පූර්ණ බලයෙන් යුතුව ක්‍රියාත්මක වේ.

12.2. ඩයලොග් විසින් යම් විධිවිධානයක් බලාත්මක කිරීමට අපොහොසත් වීම එම විධිවිධානය හෝ වෙනත් ඕනෑම විධිවිධානයක් අතහැර දැමීමක් (Waiver) ලෙස නොසැලකේ.

12.3. මෙම නියමයන් සහ කොන්දේසි මඟින් ඒවා බලාත්මක වන දින සිට වැඩසටහනට අදාළ සියලුම පූර්ව නියමයන් සහ කොන්දේසි සංශෝධනය කෙරේ, නැවත ප්‍රකාශ කෙරේ, එමෙන්ම අවලංගු කෙරේ. එසේවුවද, පසුබිම් කොටසෙහි දක්වා ඇති පරිදි පූර්ව නියමයන් සහ කොන්දේසි යටතේ සිල්ලර වෙළෙන්දන් විසින් වලංගු ලෙස උපයාගත් පොයින්ට්ස් ඉදිරියට ගෙන යන අතර නොවෙනස්ව පවතිනු ඇත. මෙම නියමයන් සහ කොන්දේසි වැඩසටහන සම්බන්ධයෙන් ඩයලොග් සහ සිල්ලර වෙළෙන්දා අතර ඇති සම්පූර්ණ ගිවිසුම සාදයි.

12.4. මෙම නියමයන් සහ කොන්දේසිවල කිසිවක් ඩයලොග් සහ සිල්ලර වෙළෙන්දා අතර කිසිදු හවුල්කාරිත්වයක්, නියෝජිතායතනයක්, ඒකාබද්ධ ව්‍යාපාරයක් හෝ රැකියා සබඳතාවක් නිර්මාණය නොකරන අතර, අනෙකා බැඳ තැබීමට කිසිදු පාර්ශවයකට බලයක් නොමැත.

12.5. මෙම නියමයන් සහ කොන්දේසි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශයට පත් කෙරේ. යම් නොගැලපීමක් සිදුවුවහොත්, ඉංග්‍රීසි පාඨය බලපැවැත්වෙනු ඇත.

12.6. https://www.dialog.lk/legal හි ප්‍රකාශයට පත් කර ඇති අල්ලස් විරෝධී සහ දූෂණ විරෝධී, සම්බාධක, තොරතුරු ආරක්ෂාව, ජාල ප්‍රවේශය සහ දත්ත ආරක්ෂණ වගන්ති මෙම නියමයන් සහ කොන්දේසිවල කොටසක් ලෙස ඇතුළත් කර ඇති අතර ඒවා මෙම නියමයන් සහ කොන්දේසිවල අනිවාර්ය කොටසක් වේ. කලින් කලට යාවත්කාලීන වන පරිදි ඇතුළත් කර ඇති මෙම වගන්ති සමාලෝචනය කළ බවටත් ඒවාට අනුකූල වීමටත් සිල්ලර වෙළෙන්දා පිළිගනී.