பொருள் விரிவாக்கம்

ඩයලොග්,‘International Customer Experience Awards 2026’ උළෙලේදී රනින් පිදුම් ලබයි

2026 නොවැම්බර් 26         කොළඹ

 

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, පාරිභෝගික අත්දැකීම් ක්ෂේත්‍රයේ ලොව පිළිගත් ජයග්‍රහණ වෙනුවෙන් පිරිනැමෙන International Customer Experience Awards (ICXA) 2026 සම්මාන උළෙලේදී, රන් සම්මානයක් හිමිකරගැනීමට සමත් විය. පාරිභෝගිකයා සමඟ සිදුකරන සෑම ගනුදෙනුවකදීම විශිෂ්ට සේවාවක් සැපයීමට ඩයලොග් දක්වන අඛණ්ඩ කැපවීම මෙමගින් ඇගයීමට ලක් කරමින් ඩයලොග් වෙත මෙම සම්මානය පිරිනැමිණී. පාරිභෝගිකයින් වෙත ප්‍රමුඛතාවය ලබාදෙන නවතම නිෂ්පාදන හා සේවාවන් හඳුන්වාදීම වෙනුවෙන් සමාගම සිදුකරන අඛණ්ඩ ආයෝජනවල වැදගත්කමද අවධාරණය කෙරෙන මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින්, ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලාංකීය සන්නාම විශිෂ්ටත්වයද සාඩම්බරයෙන් සනිටුහන් තැබිණි.

‘Customers at the Heart of Everything’ කාණ්ඩය යටතේ ඩයලොග් වෙත මෙම රන් සම්මානය හිමි විය. පාරිභෝගිකයින් කේන්ද්‍රකර ගත් සේවාවන් සඳහා ඔවුන්ට අවස්ථා සැලසීම තුළින්ද, ක්‍රමවේදීය සැලසුම්, නවතම හඳුන්වාදීම් තුළින් මෙන්ම, ආයතනික සංස්කෘතිය හරහා සහ පාරිභෝගික තෘප්තිය සම්බන්ධ ඇගයීම්වල සාර්ථකත්වය ආදිය සම්බන්ධයෙන් තම ආයතනික විශිෂ්ටත්වය විදහා විදහා දක්වන ලොව පුරා ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර වේ.

රටවල් 50කට අධික සංඛ්‍යාවක තරගකාරී ආයතන රැසක් අභිබවමින් ලබාගත් මෙම ජයග්‍රහණය, පාරිභෝගික අදහස්වලට නිරන්තරයෙන් සවන් දෙමින් සහ නව තාක්ෂණය ඔස්සේ සේවාවන් වැඩිදියුණු කරමින් පවත්වාගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය මැනවින් පිළිබිඹු කරයි.

රටවල් 50කට අධික සංඛ්‍යාවකින් ඉදිරිපත් වන ඇතුළත් කිරීම්වලින් සමන්විත, ලොව ප්‍රමුඛතම පාරිභෝගික අත්දැකීම් සම්මාන වැඩසටහන්වලින් එකක් ලෙස පිළිගැනෙන ICXA උළෙලේදී ඩයලොග් මෙලෙස රනින් පිදුම් ලැබීම, පාරිභෝගිකයින්ට නිරන්තරයෙන් සවන් දෙමින්, නවෝත්පාදන සහ සේවාවන් වැඩිදියුණු කිරීම් හරහා, පාරිභෝගිකයින් වෙත පිරිනමන සෑම අත්දැකීමක්ම ඉහළ නැංවීමට ඩයලොග් දරන නොසැලෙන උත්සාහයේ ප්‍රතිඵලයකි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ පාරිභෝගික අත්දැකීම් ප්‍රධානී, ආයෝමාල් ගුණසේකර මහතා මෙසේ පැවසීය.

“ඩයලොග් කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය වෙනුවෙන් සහ වටිනා අදහස් දැක්වීම් තුළින්, අපගේ සේවාවන් නිරන්තරයෙන් වැඩිදියුණු කර ගැනීමට උපකාරී වීම සම්බන්ධයෙන්, අපගේ පාරිභෝගිකයින්ට මාගේ හදපිරි ස්තූතිය පුද කරනවා. මෙය, අපගේ කණ්ඩායම් දිනපතා දරන කැපවීම වෙනුවෙන් ලැබුණු ඉහළම සම්මානයක්. විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක්, එක රැයකින් නිර්මාණය කළ හැකි දෙයක් නොවෙයි. එය දිනපතා සිදුවන දහස් ගණනක් වූ සූක්ෂ්ම තීරණ, අන්තර්ක්‍රියා සහ අඛණ්ඩ සේවා වැඩිදියුණු කිරීම්වල එකතුවෙන් නිර්මාණය වන දෙයක්. ඒ නිසා මෙය සමස්ත ඩයලොග් පවුලේම සාමූහික ජයග්‍රහණයක්. ගෝලීය වේදිකාවකදී ලැබුණු මෙම පිළිගැනීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වන අතර, ශ්‍රී ලංකාවේ පාරිභෝගික සේවා ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට අපි සැමවිටම කැපවී සිටිනවා.”

ඊට අමතරව, මෙම සම්මාන උළෙ‌ලේ, ‘Best Use of AI in Telecommunications’ කාණ්ඩය යටතේ, අවසන් වටයටද ඩයලොග් තේරී පත් විණි. පාරිභෝගික අත්දැකීම් වඩාත් සරුසාර කිරීමේ අරමුණෙන්, නවෝත්පාදන හා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමට ඩයලොග් දක්වන අඛණ්ඩ අවධානය තවදුරටත් විදහා දක්වමින්, එලෙස අවසන් වටය සඳහා තේරී පත්විණි.

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් හා අත්වැල් බැඳගෙන ඩයලොග් මේ දක්වා පැමිණී ගමන්මඟේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සුවිශේෂී සම්මානය, නවතම නිෂ්පාදන හා සේවාවන් හඳුන්වාදෙමින්, වගවීමෙන් සහ සේවා විශිෂ්ටත්වයෙන් යුත් ආයතනික සංස්කෘතියක් තුළින් පාරිභෝගිකයින් වෙත නිරන්තරයෙන් උසස් සේවාවක් පිරිනැමීමට සමගාම දක්වන කැපවීම තවත් තහවුරු කරන්නකි. එමෙන්ම, ජාත්‍යන්තර වේදිකාවේ විශිෂ්ටත්වය විදහා දක්වමින්, ජයග්‍රහණ අත්පත් කරගැනීමට, ශ්‍රී ලාංකීය සමාගම් සතු වර්ධනීය හැකියාවද මෙයින් මැනවින් විදහා දැක්වේ.