Body

ඩයලොග් සමාගම මෙවර පොසොන් පොහොය සඳහා ඩිජිටල් ආලෝක පූජා අත්දැකීමක් මිහින්තලාවේදී එළිදැක්වෙයි

2019 ජුනි 17        

 

news-1

මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන්" ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම ගමගේ සහ තවත් අය ඉදිරියේ ඩයලොග් ආසිආටා සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය ඩිජිටල් පහන් සි`ඵවක් දැල්වූ අවස්ථාව'

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ‘ඩයලොග් නේත්‍රාභිවන්දනා පොසොන් ඩිජිටල් ආලෝක පූජා’ නමින් අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් පොසොන් අත්දැකීමක් මිහින්තලේ රජ මහා විහාරයේ පොසොන් ආලෝක පූජා ආරම්භක මහෝත්සවයට සමගාමීව ජුනි 15 - 16 දෙදින තුළ poson.dialog.lk වෙබ් අඩවිය හරහා ගෙන එනු ලැබීය.

මිහින්තලය වෙත පැමිණෙන වන්දනාකරුවන්ට සහ ශ්‍රී ලංකාව පුරා වෙසෙන බෞද්ධ බැතිමතුන්ට poson.dialog.lk වෙබ් අඩවියේ ඇති මිහින්තලා ස්ථූපයේ ඩිජිටල් පහන් සිළුවක් දල්වා ඩයලොග් නේත්‍රාභිවන්දනා පොසොන් ඩිජිටල් ආලෝක පූජා වෙත සම්බන්ධ වීමට හැකිියාව තිබිණ. එය මිහින්තලේ රජ මහා විහාරයේ ඇති LED තිරය මත ද දර්ශනය කෙරිණි.

ඩිජිටල් ආලෝක පූජා සමාරම්භය මිහින්තලේ රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම ගමගේ සහ ඩයලොග් ආසිආටා සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය අතින් සිදුවිණ. මෙය සැකසීමට සම්ප්‍රදායික පහන් පූජාව අනුව පහන් 84,000 ක් දැල්වීම පාදක කරගෙන තිබූ අතර, පොසොන් පොහෝ දින මැදියම් රැය වන විට poson.dialog.lk වෙබ් අඩවියේ හා මිහින්තලේ රජ මහා විහාරයේ LED තිරය මත ඩිජිටල් පහන් සිළු 84,000 ක් දැල්වීම එහි අරමුණ විය. පොසොන් පොහෝ දින පස්වරු 9.30 වනවිට ලංකාවාසී බෞද්ධ ජනතාව අතින් සියලූම ඩිජිටල් පහන් සිළු දැල්වී තිබිණ.

ශ්‍රී ලාංකික උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් ඩයලොග් සමාගම මහනුවර පෙරහැර, කැලණිය දුරුතු මහා පෙරහැර, ගංගාරාම නවම් මහා පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය, කතරගම ඇසල පෙරහැර, ගැටබරු ඇසල පෙරහැර සහ කෝට්ටේ රජ මහා විහාරය පෙරහැර ඇතුළු සංස්කෘතික අවස්ථා රැසකට දිගු කාලීනව තම දායකත‍වය ලබා දී ඇත. මෙය ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය සහ උරුමය රැකගැනීම වෙනුවෙන් ඩයලොග් සමාගමේ තවත් පියවරක් වන අතර, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙහි වාහල්කඩ සැකසීමේදී ද සංස්කෘතියෙන් පොහොසත් ශ්‍රී ලංකා ඉතිහාසය ගොඩනගාලන්නට දායකත‍වය සපයා ඇත.