Body

ඩයලොග් සහ Samsung වෙතින් නවතම Galaxy A Series Smartphone සමඟ YouTube සඳහා Unlimited ඩේටා සහ Dialog ViU Premium සඳහා මාසික ගාස්තු නැති සුවිශේෂී දීමනාවක් පිරිනමයි

ඔක්තෝබර් 14, 2019        

 

news-1

 

ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්රී ලංකාවේ අංක එකේ ස්මාට් ජංගම දුරකතන සන්නාමය වන Samsung සමඟ එක්ව, අලුතින්ම හඳුන්වාදෙනු ලැබූ Galaxy A Series Smartphone මිලදීගැනීමේදී, Youtube වලට unlimited ඩේටා සහ Dialog ViU Premium සඳහා මාසික ගාස්තු නොමැති සුවිශේෂී දීමනාවක් මාස තුනක් පුරා ලබාදීමට කටයුතු කර ඇත.

ඩයලොග් 4G මොබයිල් පාරිභෝගිකයන්ට 2019 ඔක්තෝබර් 01 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා මෙම දීමනාව හිමිකරගත හැකි අතර, ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබ කැමතිම වීඩියෝ සිත්සේ නැරඹීමට පුළුවන. තවද මිලදීගන්නා සෑම Galaxy A Series Smartphone එකක් සමඟම Dialog 4G සිම්පතක් නොමිලේ හිමිවේ.

ඩයලොග් 4G මඟින් නව Galaxy A Series Smartphone සඳහා ලබාදෙන මෙම දීමනාව මගින් පාරිභෝගිකයන්ට YouTube ඔස්සේ විවිධ විනෝදාත්මක සහ අධ්යාපනික වීඩියෝ වැඩසටහන් රාශියක් නැරඹිය හැකි අතර, ශ්රී ලංකාවේ අංක එකේ විඩියෝ සහ Live TV App එක වන Dialog ViU, වෙතින් චිත්රපට, දේශීය ටෙලිනාට්ය, Live TV , කලාපීය සහ ජාත්යන්තර විඩියෝ වැඩසටහන්, ක්රිකට්, රගර්, Basket Ball වැනි ජනප්රිය දේශීය ක්රීඩා නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිකර දේ. Samsung Galaxy A ස්මාට් ජංගම දුරකතනයේ වැඩිදියුණු කල සුපිරි AMOLED තිරය සහ ඩයලොග් 4 G ජාලයෙන් කිසිඳු බාධාවකින් තොරව සුපිරි වීඩියෝ අත්දැකීමක් ලබාදේ.

Samsung Galaxy A Series Smartphone සඳහාම නිර්මාණය කෙරුනු අති නවීන කැමරාවත්, පුළුල් තිරයත්, වැඩි ධාරිතාවකින් යුතු බැටරියත් අසමසම ‘Live’ අත්දැකීමක් හිමිකර දේ. එමෙන්ම මෙමගින් ‘Infinity Display’ සුපැහැදිලි සහ විචිත්රවත් රූප මවන සිනමාරූපි දසුන් පෙළක් නැරඹිය හැක.

මේ පිළිබඳව අදහස් දක්වමින් Samsung ශ්රී ලංකා හි කළමනාකාර අධ්යක්ෂ Kevin SungSu YOU මහතා පැව්සුවේ “ අද තරුණ පරම්පරාව වීඩියෝ නැරඹීමට බෙහෙවින් ප්රිය කරන අතර, ඒ සඳහාම වැඩි ධාරිතාවකින් යුතු බැටරියක් සහ Infinity Display සහිතව නව Galaxy A series Smartphone නිෂ්පාදනය කර ඇත. එමෙන්ම ඩයලොග්, ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදක සමඟ අප අත්වැල් බැඳගනිමින්, Youtube සඳහා Unlimited ඩේටා සහ Dialog ViU Premium සඳහා මාසික ගාස්තු නොමැතිව මාස තුනක් පුරා නොමිලේ ලබාදෙමින්, අසමසම වීඩියෝ අත්දැකීමක් උදෙසාවූ සුවිශේෂී වාසියක් හිමිකර දෙයි. මෙම දීමනාව නිසා නව Galaxy A Series තරුණයන් අතර ඉතා ජනප්රිය Smartphone එකක් වනු ඇති බව අපි විශ්වාස කරනවා.”

ඩයලොග් සහ Samsung සහයෝගීතාවයෙන් ක්රියාත්මක වන මෙම විශේෂ දීමනාව පිළිබඳව ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය රේනර් ඩොයිෂ්මන් මහතා මෙලෙස පැවසීය. “චිත්රපට, ටෙලි නාට්ය, ක්රීඩා සහ වීඩියෝ වැඩසටහන් නැරඹීමට කවුරුත් ඉතා ප්රිය කරයි. ඔවුන් සඳහාම Youtube සඳහා Unlimited ඩේටා සහ ශ්රී ලංකාවේ අංක එකේ විඩියෝ සහ Live TV App එක වන Dialog ViU Premium සඳහා මාස තුනක් පුරා මාසික ගාස්තු නැති, සුවිශේෂී දීමනාවක් නව Galaxy A Series පාරිභෝගිකයන්ට හිමිකරදීමට කටයුතු කර ඇත. මෙම දීමනාව MyDialog app එක හරහා ඉතා පහසුවෙන් ලබාගත හැක.”

‘Dialog077’ promo code එක MyDialog මොබයිල් app එකට ඇතුළත් කර මෙම දීමනාව සක්රීය කිරීමට පුළුවන. මෙම මොබයිල් ඇප් එක Google Play Store මඟින් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව පවතී. තවද www.dialog.lk/promo වෙත පිවිස මෙම දීමනාව සක්රීය කිරීම පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට හැකිය. SMS හෝ ‘MyDialog app Notification’ එකක් මගින් මාස තුනකට වලංගු මෙම දීමනාව තහවුරු වූ පසු ඔබට දැනුම් දෙනු ලැබේ.

ඩයලොග් පාරිභෝගික සේවා මධ්යස්ථාන, www.dialog.lk ,wOw.lk, දම්රෝ, සිංගර්, සිංහගිරි, Softlogic Retail, Softlogic මොබයිල් සහ John Keells Office Automation යන දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් නව Galaxy A Series Smartphone මිලදීගත හැක. මෙම වෙළඳසැල්වල Samsung වෙළඳනාමය ප්රදර්ශනය කර ඇති බැවින්, ඉතා පහසුවෙන් මෙම වෙළඳසැල් හඳුනාගැනීමට පුළුවන. එමෙන්ම ජනප්රිය අන්තර්ජාල වෙළඳසැල් මගින්ද මිලදීගත හැක. සඳුදා සිට ඉරිදා පෙ.ව. 8.30 සිට රාත්රී 8.30 දක්වා A series Smartphone සඳහා අවශ්ය ඕනෑම පාරිභෝගික සේවාවන් ලබාදීමට Samsung පාරිභෝගික ක්ෂණික ඇමතුම් සේවාව විවෘතව ඇත.