Body

ශ්‍රී ලාංකිකයන් වෙත විශාලතම ඉන්දියානු විනෝදාස්වාද වැඩසටහන් එකතුව ගෙන ඒමට ඩයලොග්, ZEE5 සමග අත්වැල් බැඳගනී

2019 පෙබරවාරි 20         කොළඹ

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පී. එල්. සී සමාගම, විශාලතම ඩිජිටල්මය ඉන්දියානු විනෝදාස්වාද වැඩසටහන් එකතුව ගෙන එමින් ඩයලොග් ViU ඔස්සේ ශ්‍රී ලාංකීය නරඹන්නන්ට පැය 100,000 කට අධික කාලයක් පුරා රසවින්දනයට අවස්ථාව ලබාදෙයි.

දැන් ලොව පුරා රටවල් 190 කටත් අධික ප්‍රමාණයකට ZEE5 විසින් ඉංග්‍රීසි, දෙමළ, හින්දි, මලයාලම්, තෙළිඟු, කන්නඩ, මරාති, බෙංගාලි, ඔරිය, භෝජ්පුරි, ගුජරාටි සහ පන්ජාබි යන භාෂාවන්ගෙන් සහ විවිධ ශෛලීන්ගෙන් යුතු විශාල වැඩසටහන් එකතුවක් ලබා දෙයි. ඉල්ලූම අනුව සැකසෙන අන්තර්ගතයන් ගෙන් යුතු වූ චිත්‍රපටි, රූපවාහිනී ටෙලිසිත්තම්, සංගීත, සෞඛ්‍ය හා ජීවන රටාවන් ඇතුළත් වීඩියෝ දර්ශනවල මුල් පිටපත් විශාල සංඛ්‍යාවක්, පැය 1,00,000 පුරා නැරඹිය හැකි භාෂා 12 කින් යුතුව ZEE5 ඉදිරිපත් වේ. එය ජනප්‍රිය සජීව රූපවාහිනී නාලිකා 60 කටත් අධික ප්‍රමාණයක් සමඟින් සම්බන්ධව සජීවී රූපවාහිනි පහසුකමද සපයයි.

මෙහි අන්තර්ගතය සහ දර්ශනය වන භාෂා අවශ්‍ය පරිදි සකසා ගැනීම වැනි සුවිශේෂ ලක්ෂණ දැකිය හැකි අතර, මෙයින් හඬ මගින් සෙවීම්, offline option යටතේ නැරඹීම සඳහා download කිරීම, HD Quality වීඩියෝ, bit rate මත අනුවර්තනය වීම ආදියද සිදුකළ හැකි වේ.

මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි ගෝලීය හා අන්තර්ගත සේවා පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී මංගල හෙට්ටිආරච්චි පැවසුවේ " ජාත්‍යන්තර දියත් කිරීමට යුහුසුලූව එක් වන ZEE5 හා අත්වැල් බැඳගැනීමට ලැබීම වෙනුවෙන් ඉතා ආඩම්බර වන බවයි. එසේම පාරිභෝගිකයින්ට කලාපයේ හොඳම විනෝදාස්වාද වැඩසටහන් එකතුව විවෘත කිරීම මගින් ඩයලොග් ViU විසින් සපයන ලද අන්තර්ගතය මෙම සහයෝගීතාවයෙන් තවත් ශක්තිමත් කරන බව පැවසුවේය. ඩයලොග් පාරිභෝගිකයින්ට දැන් ඕනෑම අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔස්සේ වෙළෙඳ දැන්වීම් මගහරිමින් ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම මොහොතක හොඳම වීඩියෝ ජාලයෙන් හොඳම විනෝදාස්වාද වැඩසටහන් නැරඹිය හැකි බව තවදුරටත් දක්වා සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ZEE5 Global හි ප්‍රධාන ව්‍යාපාරික නිලධාරීනී අර්චානා ආනන්ද් පැවසූයේ ඩයලොග් ආසිආටා සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ZEE5 සිය දියත් කිරීමට හැකිවීම පිළිබඳව තමන් අතිශයින් සතුටට පත්ව සිටින බවයි. ඩයලොග් පාරිභෝගිකයින්ට පැය 100,000 කට අධික කාලයක් පුරා විවිධ ශෛලීන්ගෙන් යුතුව, භාෂා රැසකින් යුතුව එකම තැනකින් රසවින්දනය ලබා ගැනීමට දැන් මෙයින් අවස්ථාව උදා වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද අන්තර්ගතයන් සඳහා වන වෙළෙඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ඩයලොග් ආසිආටා සමඟ එක්ව මෙම අවස්ථාවන් ඉදිරියේදී ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය දක්වා සිටියාය.

ඩයලොගa ViU භාවිතා කරන්නන්ට මසකට රුපියල් 350 ක මුදලකට කලාපයේ හොඳම අන්තර්ගත එකතුව සඳහා අතිවිශේෂ ග්‍රාහකත්වයක් ලැබෙනු ඇත. ඩයලොග් පාරිභෝගිකයින්ට හාස්‍යජනක Veere Di Wedding ආදී ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයන්හි මුල් පිටපත් වෙතද, Zero Kms, Karenjit Kaur ආදී ටෙලි නාට්‍යමාලාවන් හි මුල් පිටපත් වෙතද, ZEE5 ඔස්සේ පිවිසීමට හැකි වනු ඇත. දෙමළ මාධ්‍යයෙන් යුතු විනෝදාස්වාද වැඩසටහන් නරඹන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් Sembaruthi, Poove Poochoodava සහ Yaaradi Nee Mohini ආදී ප්‍රේක්ෂකයන් හද බැඳගත් ටෙලි නාට්‍යමාලාවන්ද, ZEE5 නිෂ්පාදනයන් වන Kallachirippu සහ America Mapillai නාට්‍යමාලාවන්ද Mersal වැනි මෑතකදී ඉහළ වාර්තා තැබූ චිත්‍රපටද ZEE5 ඔස්සේ ඉදිරිපත් කෙරෙයි.