Body

ඩයලොග් සමාගම මෙවර පොසොන් පොහොය සඳහා ඩිජිටල් පොසොන් ආලෝක පූජා අත්දැකීමක් ගෙන එයි

2019 ජූනි 14        

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම ‘ඩයලොග් නේත්‍රාභිවන්දනා පොසොන් ඩිජිටල් ආලෝක පූජා’ නමින් අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් පොසොන් අත්දැකීමක් මිහින්තලේ රජ මහා විහාරයේ පොසොන් ආලෝක පූජා ආරම්භක මහෝත්සවයෙන් පසු ජුනි 15 දින පස්වරු 8.00 සිට poson.dialog.lk වෙබ් අඩවිය හරහා ගෙන එයි.

මිහින්තලය වෙත පැමිණෙන වන්දනාකරුවන්ට සහ ශ්‍රී ලංකාව පුරා වෙසෙන බෞද්ධ බැතිමතුන්ට poson.dialog.lk වෙබ් අඩවියේ ඇති මිහින්තලා ස්ථූපයේ ඩිජිටල් පහන් සිළුවක් දල්වා ඩයලොග් නේත්‍රාභිවන්දනා පොසොන් ඩිජිටල් ආලෝක පූජා වෙත සම්බන්ධ විය හැකිිය. එය මිහින්තලේ රජ මහා විහාරයේ ඇති LED තිරය මත ද දර්ශනය වේ.

මෙය සැකසීමට පාදක කරගෙන ඇත්තේ සම්ප්‍රදායික පහන් පූජාව අනුව පහන් 84,000 ක් දැල්වීමයි. පොසොන් පොහෝ දින මැදියම් රැය වන විට poson.dialog.lk වෙබ් අඩවියේ හා මිහින්තලේ රජ මහා විහාරයේ LED තිරය මත ඩිජිටල් පහන් සිළු 84,000 ක් දැල්වීම මෙහිදී අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලාංකික උරුමයේ සහ සංස්කෘතියේ ප්‍රධාන දායකයෙකු වන ඩයලොග් සමාගම මහනුවර පෙරහැර, කැළණිය දුරුතු මහා පෙරහැර, ගංගාරාමය නවම් මහා පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධාලෝක වෙසක් කලාපය, කතරගම ඇසල පෙරහැර, ගැටබරු ඇසල පෙරහැර සහ කෝට්ටේ රජ මහා විහාරය පෙරහැර ඇතුළු සංස්කෘතික අවස්ථා රැසකට දිගු කාලීනව තම දායකත‍වය ලබා දී ඇත. මෙය ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය සහ උරුමය රැකගැනීම වෙනුවෙන් ඩයලොග් සමාගමේ තවත් පියවරක් වන අතර, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙහි වාහල්කඩ සැකසීමේදී ද සංස්කෘතියෙන් පොහොසත් ශ්‍රී ලංකා ඉතිහාසය ගොඩනගාලන්නට දායකත‍වය සපයා ඇත.