Body

පරිපූර්ණ ඩිජිටල් ගමනකට, ඩයලොග් නිල වෙබ් අඩවිය යළි දියත් කරයි

ආබාධ සහිත පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ සලසා ඇත

2023 නොවැම්බර් 20         කොළඹදී

 

 Official Website to Support Inclusive Online Journeys

ඡායාරූපය (වමේ සිට දකුණට): ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ කවුන්සිලයේ ගරු සභාපති සුගත් වසන්ත ද සිල්වා, ඩයලොග් ආසිආටා පී.එල්.සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනි සැන්ඩ්‍රා ද සොයිසා, ඩයලොග් ආසිආටා පී.එල්.සී හි සමූහ විකුණුම් සාමාන්‍යාධිකාරිනී අශානි සේනාරත්න, ඩයලොග් ආසිආටා පී.එල්.සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති

නව ප්‍රවේශයෙන් සහිත පරිපූර්ණ සන්නිවේදන ගමනක් සඳහා සමාගමේ නොසැලෙන කැපවීම විදහා පාමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, සිය නිල වෙබ් අඩවිය වන https://www.dialog.lk/ තවත් ප්‍රශස්ත ලෙසින් වැඩි දියුණු කර ඇත්තේ, ආබාධ සහිත පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිද්දෙන් හා වඩාත් පරිශීලක හිතකාමී ස්වරූපයෙනි.

මෙමගින්, වෙබ් අඩවිය වෙත පුළුල් පාරිභෝගික ප්‍රවේශයක් මෙන්ම පරිපූර්ණ ඩිජිටල් ගමනකට ප්‍රවිශ්ට වීමේ අභි ලාෂය සාක්ෂාත් කරමින්, වර්ණ අන්ධභාවය ඇතුළු පෙනීමේ දුර්වලතා, ස්නායු දුර්වල වීමෙන් ඇතිවන විවිධ ආබාධ, සංජානන හා සංවර්ධන අභියෝගවලින් පීඩා විඳිනන්න්, අවධානය අඩු හා අධි ක්‍රියාකාරිත්වය (ADHD), මෙන්ම අපස්මාරය වැනි රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් dialog.lk වෙබ් අඩවිය වෙත සාදරයෙන් කැඳවමින් ඔවුනට පහසු ප්‍රවේශය සලසා තිබේ. එවැනි ඩයලොග් පාරිභෝගිකයින් වෙනුවෙන් තිර කියවන (screen reader compatibility) වර්ණ පටිපාටි (colour schemes), ඡායාරූප හා වීඩියෝ සඳහා අකුරෙන් වන විස්තර කිරීම් ඇතුළත් අතර, පැහැදිලි හා සරල භාෂාවෙන් ඉදිරිපත් කෙරේ.

සමාගමේ සියලුම ඩිජිටල් සන්නිවේදන ප්‍රවේශයන් ප්‍රතිසංස්කරණයන්ට බඳුන් කිරීමේ ක්‍රියාදාමයක පළමු පියවර මෙය වෙයි. එමගින් ඩයලොග්හි අපේක්ෂාව වන්නේ, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 9 සාක්ෂාත් කරගැනීමත්, ඩිජිටල් යටිතල පහසුකම් සකස් කිරීමත්, පුළුල් හා තිරසර කාර්මිකකරණය ව්‍යාප්ත කිරීම මෙන්ම, නවෝත්පාදන නැංවීමත් වේ. ඒ අනුව, සිය වෙබ් අඩවිය තුළින් ආබාධ සහිත පුද්ගලයන්ට මෙලෙස සිය සේවාවන් සදහා පහසු ප්‍රවේශයක් ඩයලොග් විසින් සහතික කර තිබේ.

“ඩයලොග් සිය සේවාවන් වෙත ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ වීමට හැකි අයුරින් මෙලෙස වෙනස්කම් සිදු කිරීම සතුටට කාරණයක්. ඔවුන්ට ඩයලොග් වෙබ් අඩවිය තුළින් ස්වාධීනව එම සේවාවන් සමඟ සම්බන්ධ විය හැකි බව සහතික කිරීමට දක්වන මෙම කැපවීම, සැමට වඩාත් සාධාරණ ලෝකයක් ගොඩ නැගීමේ වැදගත් පියවරක්. ඒ වගේම ඩයලොග්, සහකම්පනයෙන් යුත් වගකිවයුතු ආයතනයක් ලෙසින් ලෝකයට විශිෂ්ට ආදර්ශයක් ද සපයන ප්‍රවේශයක්ද වෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ කවුන්සිලයේ ගරු සභාපති සුගත් වසන්ත ද සිල්වා පවසයි.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හි තිරසර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා මේ පිළිබඳ අදහස් දක්වන්නේ මෙලෙසිනි. dialog.lk වෙබ් අඩවිය වඩාත් ප්‍රශස්ත කරමින්, මෙලෙස ආබාධිත පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබා දීමට හැකිවීම අපට ආඩම්බර විය හැකි කාරණයක්. මෙම පියවර අපගේ සේවාවන් වෙත සියලු දෙනාට සමාන ප්‍රවේශ ඇති බව සහතික කරන වැදගත් පියවරක්‍ද වෙනවා. විවිධ ආබාධ සහිත ඩයලොග් පාරිභෝගිකයින් සඳහා තිර කියවනය, ප්‍රවේශ විය හැකි වර්ණ හා තාක්‍ෂණික උපකාරක සහාය ආදී ඩිජිටල් විශේෂාංග ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම අපගේ අරමුණ වුණා. පරිපූර්ණ ඩිජිටල් සේවාවන් සැලසීමේ අපගේ වැඩපිළිවෙලට අනුගතව, ආබාධ සහිත අය ඇතුළු සියලුම පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි පරිශීලක- හිතකාමී ඩිජිටල් අත්දැකීම් හරහා දිවයින පුරාම ඩයලොග් පාරිභෝගිකයින් සවිබල ගැන්වීමට අපි කැපවෙනවා. මෙම වෑයම ඊට එක් නිදසුනක්."

ඩයලොග්, ආබාධ සහිත ප්‍රජාවට සහය සැලසීමේ කැපවීම එදා සිට අද දක්වාම එකසේ විදහා දක්වමින්, 2007 වසරේ පටන් රත්මලාන ශ්‍රව්‍ය විද්‍යා මධ්‍යස්ථානය හා යාපනය කථන චිකිත්සක මධ්‍යස්ථානය යන ආයතන ක්‍රියාත්මක කරනු ලබයි. එමෙන්ම, කථන ආබාධ සහිත පුද්ගලයින්, සංඥා භාෂා පරිවර්තකයින් හා සජීවීව සම්බන්ධ කෙරෙන DeafTawk App වැනි සේවාවන් ඔස්සේ ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීමටද කටයුතු කරනු ලබයි.