Body

Dialog Gaming Game Hero සිව්වෙනි අදියරයේ අවසන් මහා තරගයේ නිමාව සාර්ථකව සනිටුහන් වූ වගයි.

2019 දෙසැම්බර් 05         කොළඹ

 

news-1

(වමේ සිට දකුණට) - ශෂික කුරුප්පු (9 වන ස්ථානය), ජෝන් විනෝත් (5 වන ස්ථානය), චතුරංග ප‍්‍රගීත් (4 වන ස්ථානය), කේ. එස්.එල්.ඞී. බණ්ඩාර (8 වන ස්ථානය), ජනිත් චින්තක (3 වන ස්ථානය), ඩයලොග් ආසිආටා පීඑල්සී හි අලෙවි ප‍්‍රධානී ශමීල් බිෂ්රි, පසන් නිර්මාණ (1 වන ස්ථානය), ඩයලොග් ආසිආටා පීඑල්සී හි ගෝලීය හා අන්තර්ගත සේවා පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී මංගල හෙට්ටිආරච්චි, අනුරංග ආරියදාස (2 වන ස්ථානය), බිනුර ධර්මසිරි (6 වන ස්ථානය), සම්පත් බණ්ඩාර තෙන්නකෝන් (7 වන ස්ථානය) සහ උශානි දේවංගනී තෙන්නකෝන් (10 වන ස්ථානය)

ශ‍්‍රී ලංකාවේ අංක 1 ජාලය වන ඩයලොග් ආසිආටා පිඑල්සී ගෙන එන Dialog Gaming Game Hero තරගාවලියේ සිව්වෙනි අදියර වන Kingdom Battles හි, අවසන් මහා තරගය දෙසැම්බර් 05 වෙනිදා ඩයලොග් ආසිආටා ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී ශ‍්‍රී ලංකාව තුල මොබයිල් gaming තරගාවලියකදී ලබාදෙන විශාලතම ත්‍යාග මුදල වන රුපියල් මිලියන 3ක් ජයග‍්‍රාහකයන් 30දෙනෙකු වෙත ප‍්‍රදානය කරන ලදී. තවද තරගකරුවන්ට පසුගිය තරග titles සඳහා යළිත්වරක් ක‍්‍රීඩාකර ජයග‍්‍රාහකයෙකුවීමේ අවස්ථාව උදාකරදෙන “Dialog Gaming Game Hero App” එකද Dialog Gaming විසින් හඳුන්වාදෙන ලදී. මෙහිදී තරගකරුවන්ට පසුගිය Gaming Hero තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන අතර, එහිදී සෑම තරගයකම leaderboard එකේ ඉහළම වර්ගීකරණය ලබාගන්නා මුල් තරගකරුවන් තිදෙනාට වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරේ.

Dialog Gaming Game Hero App එක Google Play Store වෙතින් ඩවුන්ලෝඞ් කරගතහැකි අතර, නොමිලේ භාවිත කල හැකිය. තරගකරුවන් මුදල් ගෙවිය යුත්තේ ඔවුන් subscribe කරගන්නා Game titles සඳහා පමණි. මීට අමතරව Dialog Gaming හි පස් වන අදියර ලෙස තවත් ත‍්‍රාසජනක game එකක් වන “Knight Clash” ද ඔබට දැන් Game Hero ඇප් එක මගින් හඳුන්වාදී ඇත.