பொருள் விரிவாக்கம்

Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනු සඳහා Cool Planet එක්වෙයි

2026 අගෝස්තු 24         කොළඹ

 

(වමේ සිට) : ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ඩිජිටල් Platforms හා සහයෝගිතා අංශයේ උප සභාපතිනි මුදිතා ප්‍රේමරත්න මෙනෙවිය, Cool Planet ආයතනයේ අලෙවි මෙහෙයුම් සහ පාරිභෝගික සබඳතා කළමනාකරණ ප්‍රධානී, රිෆ්ලාන් හැරිස් මහතා සහ Cool Planet ආයතනයේ, අලෙවි ප්‍රධානී ආකාම් වහාබ්දීන් මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි සියලුම Cool Planet ප්‍රදර්ශනාගාර හරහා Dialog Pay ඔස්සේ ආරක්ෂිතව LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පාරිභෝගිකයින්ට දැන් උදාකර දී ඇති බව සතුටින් නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ, විලාසිතා සහ පාරිභෝගිකයින් කැමති ජීවන රටාවට ගැළපෙන භාණ්ඩ සම්බන්ධ සන්නාමයක් වන Cool Planet, දිවයින පුරා විහිදුණු ප්‍රදර්ශනාගාර 14 කට අධික ජාලයක් සමඟින් මෙලෙස Dialog Pay වෙළෙඳ පද්ධතිය සමඟ අත්වැල් බැඳගැනීමත් සමඟ, පාරිභෝගිකයින්ට වඩාත් ප්‍රතිලාභදායක ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් හිමි වේ. එමෙන්ම, සෑම LankaQR ගනුදෙනුවක් සඳහාම, නොමිලේ ඩයලොග් Data වාසි ලබාගැනීමේ අවස්ථාවද මෙම සහයෝගිතාවය තුළින් පාරිභෝගිකයින්ට හිමි වේ.

ඒ අනුව, දැන් පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි Cool Planet ප්‍රදර්ශනාගාර මඟින් විවිධ විලාසිතාවේ ඇඳුම් පැළඳුම්, පාවහන්, රූපලාවන්‍ය උපාංග හා නිෂ්පාදන, සෙල්ලම් බඩු, ගෘහ භාණ්ඩ, ත්‍යාග සහ දෛනික ජීවිතයට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී, Dialog Pay හරහා ගෙවීම් කළ හැකිය. මෙම සහයෝගිතාවය තුළින්, වඩාත් ආරක්ෂිත සහ පහසු ගෙවීම් ක්‍රමවේදයක් අත්විඳිමින්, පවුලේ සියල්ලන් සිදුකරන සාප්පු සවාරි අත්දැකීම තවත් වාසිදායක කරගැනීමට අවස්ථාව ඔවුන්ට උදා වී තිබේ.

මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් Cool Planet ආයතනයේ අලෙවි ප්‍රධානී, අකාම් වහාබ්දීන් මහතා මෙලෙස සඳහන් කළේය. "ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මුළු පවුලේම කැමති ජීවන රටාවට ගැළපෙන විලාසිතා සමඟින් කිසිදු වෙහෙසකින් තොර වාසිදායක සාප්පු සවාරි අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සලසාදීම Cool Planet හි අපේ අරමුණයි. අපගේ ප්‍රදර්ශනාගාර සඳහා භාණ්ඩ තෝරාගැනීමේදී පටන්, එම භාණ්ඩ පාරිභෝගිකයින් අතට පත් කිරිම දක්වාම සෑම කටයුත්තකදීම, පාරිභෝගිකයින් මූලික කරගැනීමට අපි කටයුතු කරනවා. දැන් අපගේ ප්‍රදර්ශනාගාර තුළින් Dialog Pay හඳුන්වාදීම, එහිම තවත් පියවරක්. එමඟින් අපගේ පාරිභෝගිකයින් සිදුකරන LankaQR ගනුදෙනු සඳහා නොමිලේ Data වාසි හිමිකර ගනිමින්, මුදල් ගෙවීම සඳහා ආරක්ෂිත සහ පහසු විසඳුමක් ලබාදෙනවා. ඒ අනුව, පාරිභෝගිකයින්ගේ හොඳම තේරීම මෙන්ම ඔවුන් ගෙවන මුදල සම්බන්ධයෙන් විශ්වාසනීය සන්නාමයක් ලෙස, ඔවුන් අපගේ ප්‍රදර්ශනාගාරවලින් භාණ්ඩ මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම තවත් වාසි ලබාදීමට හැකිවීම, අපට ආඩම්බරයට කාරණයක්."

MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමිවන ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි. වැඩි විස්තර සඳහා https://dialog.lk/dialog-pay වෙත පිවිසෙන්න.