பொருள் விரிவாக்கம்

ශ්‍රී ලංකාවේ ප්‍රථම, AI තාක්ෂණය පාදක කරගත් වගා උපදෙස් සේවාව වන ඩයලොග් ‘ගොවි මිතුරු’ දැන් Dialog AI මගින් බලගැන්වෙයි

නවතම AI විශේෂාංග ලෙසින් AI Chat හා Voice Bot ද, AI Voice Assistant සහයද එක්කරයි

2025 ඔක්තෝබර් 25         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ගොවීන් සහ ගෙවතු වගා කරන පිරිස‌ගේ විශ්වාසවන්ත ඩිජිටල් සහකරු ලෙස තම කාර්යභාරය තහවුරු කරමින්, ඔවුන්ට වඩාත් ඵලදායී වගා උපදෙස් පිරිනමන නවතම AI විශේෂාංග, දැන් ගොවි මිතුරු සේවාවට එක් කර තිබේ. AI තාක්ෂණය හරහා ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සරුසාර කිරීමේ අරමුණෙන්, Dialog AI මගින් මෙම සේවාව බලගැන්වේ. ඒ අනුව, දැන් භාෂා තුනෙන්ම AI Chat හා Voice Bot ක්ෂණික සහය විශේෂාංගය සමගින්, ඡායාරූප මගින් වගාවට බලපාන පළිබෝධ හා‌ හඳුනාගැනීමේ පහසුකමද, ගොවි මිතුරු 616 හි ද්විභාෂා Voice Assistant සහය පිරිනමන AI විශේෂාංගයද එක්කර තිබේ. මෙම නවතම විශේෂාංග හරහා ඩයලොග්, ස්මාර්ට් වගාවක් සඳහා අවශ්‍ය විශේෂඥ උපදෙස් පහසුවෙන් ලබාගැනීමට හැකියාව සලසමින් ගොවීන් මෙන්ම, ගෙවතු වගාවේ නිරත ශ්‍රී ලාංකිකයින්ද බලගන්වයි.

ගොවි මිතුරු සේවාවට එක්කර ඇති නවතම විශේෂාංග ලෙසින් දැන් පාරිභෝගිකයින්ට, තමන්ගේ වගාව සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටලුවකදී, ගොවි මිතුරු මොබයිල් App එක හරහා AI Chat හා Voice Bot වෙතින් සැණෙකින් භාෂා තුනෙන්ම සහය ලබාගැනීමේ හැකියාව පවතී. එමගින් පාරිභෝගිකයින්ට ලබාදෙන ක්ෂණික ප්‍රතිචාර, තහවුරු කරන ලද විශ්වාසනීය මූලාශ්‍ර පදනම් කරගත් ඒවාය. එම මොබයිල් App එකට ඡායාරූපයක් එවීමෙන්, වගාවට හානිකරන පළිබෝධ හා රෝග පිළිබඳ විස්තර මෙන්ම ඒ සඳහා වන ප්‍රතිකර්ම පිළිබඳව AI උපදෙස් සැණෙකින් ලබාගත හැකි වීමද තවත් පහසුකමකි. AI තාක්ෂණය පාදක කරගත් වගා උපදෙස් සමගින් අසමසම කෘෂි අත්දැකීමක් විඳීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදාකරමින්, ගොවි මිතුරු මොබයිල් App එකට එක්කළ මේ නවතම විශේෂාංග දෙක මුල් මාස තුන පුරාම නොමිලේ පිරිනැමේ.

එමෙන්ම, ස්මාර්ට් ජංගම දුරකතන භාවිත නොකරන පාරිභෝගිකයින්ට ගොවි මිතුරු සේවාව වෙත පහසුවෙන් පිවිසීම සඳහා ගොවි මිතුරු 616 Voice සේවාවටද, නවතම AI විශේෂාංගයක් එක් කර තිබේ. දැන් එම සේවාවට, AI Voice Assistant සහය හඳුන්වා දී ඇති අතර ඒ හරහා පාරිභෝගිකයින්ට දුරකතන ඇමතුමක් මගින්, සිංහල හෝ දෙමළ බසින්, වගාව සම්බන්ධ තමන්ගේ ගැටලුවලට විසඳුම් ලබාගත හැකි වේ. මෙහිදී, පාරිභෝගිකයින්ට තම ගැටලුවට පිළිතුරු සංවාදාත්මක ආකාරයෙන් එසැණෙන් ලබාගත හැක. ඒ අනුව, මෙම සේවාව මගින්, ස්මාර්ට් වගාවක් සඳහා ඉවහල් වන AI තාක්ෂණය, ග්‍රාමීය ජනතාවට සමීප කිරීමට ඩයලොග් කටයුතු කරයි. ඒ, තම මූලික ජංගම දුරකතන සම්බන්ධතාව මත විශ්වාසය තබා ඇති පාරිභෝගිකයින්ට AI සහය ලබාගත හැකි පරිදි, එය Voice සේවාවක් ලෙස හඳුන්වාදෙමිනි.

කෘෂි අස්වැන්න අඩුවීම, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මෙන්ම වගාවන් සම්බන්ධ විශේෂඥ උපදෙස් ලබාගත හැකි ඉඩකඩ සීමිත වීම ආදී වශයෙන්, මෙරට කෘෂි ක්ෂේත්‍රය මුහුණපාන අභියෝගවලට විසඳුමක් ලෙසින්, 2015 වසරේදී, ශ්‍රී ලංකාවේ ප්‍රථම, ජංගම දුරකතන පාදක කරගත් කෘෂිකාර්මික උපදේශන සේවාව ලෙසින් ගොවි මිතුරු ඩයලොග් විසින් දියත් කරන ලදී. අද වන විට, බෝග වර්ග 32 කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් යාවත්කාලීන, විශේෂඥ උපදෙස් ලබාගත හැකි මෙම සේවාව, මහා පරිමාණ වශයෙන් වගාකටයුතු සිදු කරන පිරිසට පමණක් නොව, කෘෂි ව්‍යවසායකයින්ටද, තම ගෙමිදුලෙහි වගා කටයුතු සිදුකරන පිරිසටද මෙරටට ගැළපෙන වගා උපදෙස් ලබාදේ. ඒ අනුව, වගාව නිසි පරිදි නඩත්තු කිරීමට, අස්වනු හානි අවම කිරීමට මෙන්ම තිරසාර වගා පිළිවෙත් අනුගමනය කිරීමට AI තාක්ෂණය මගින් ගොවි මිතුරු අසමසම සහයක් පිරිනමයි. එමගින්, ඩයලොග් හි අරමුණ වන්නේ, සියලු පුරවැසියන් ඇතුළත්, ඩිජිටල් අන්තර්කරණ ඉලක්ක සාක්ෂාත් කරගන්නා අතරම ආහාර සුරක්ෂිතාව සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්කරමින්, වඩාත් තිරසාර හා සාධාරණ අනාගතයක් ගොඩනැගීමට මෙරට ගොවීන් හා ප්‍රජාව සවිබල ගැන්වීමයි.

“ඩයලොග් හි අපේ අරමුණ, සෑම ශ්‍රී ලාංකිකයකුම තාක්ෂණයෙන් සවිබල ගැන්වීමයි. ඒ වගේම, ගොවි මිතුරු සේවාවට එක්කළ මෙම අලුත් විශේෂාංග, මෙරට කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් තිරසාර නවෝත්පාදන හඳුන්වාදීමට අප තුළ පවතින ගැඹුරු කැපවීම විදහා දක්වනවා.” යැයි ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා පැවසීය. “ගොවි මිතුරු සේවාවට නවතම AI විශේෂාංග එක් කිරීමෙන් ගොවීන්ටත්, තම ගෙමිදුලේ වගාකරන පිරිසටත් තමන්ගේ ගැටලුව සඳහාම විශේෂ වන වගා උපදෙස් ඒ මොහොතේම ලබාගත හැකියි. ඒ හරහා වගා කටයුතුවල නියැළෙන ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ ජීවනෝපාය සරුසාර කරගැනීමටත්, ස්මාර්ට් ගොවිතැනෙහි සැබෑ හැකියාවන් අත්විඳීමටත් හැකියාව සැලසෙනවා.”

ඩයලොග් ගොවි මිතුරු සේවාවට එක්කර ඇති AI විශේෂාංග අත්විඳීමට කැමති පරිශීලකයින්ට Google Play Store වෙතින් ගොවි මිතුරු App එක ඩවුන්ලෝඩ් කිරීමට හෝ 616 Voice සේවාව සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතී. මෙම නවතම විශේෂාංග සමඟින් ඩයලොග් ගොවි මිතුරු සේවාව, මෙරට සමස්ත කෘෂි ක්ෂේත්‍රයට හා ගෙවතු වගා ක්ෂේත්‍රයට අවශ්‍ය උපදෙස් පිරිනමමින්, අනාගතය සඳහා සූදානම් සේවාවක් බවට පත්වෙයි. වැඩි විස්තර සඳහා www.dialog.lk/govi-mithuru වෙත පිවිසෙන්න.