பொருள் விரிவாக்கம்

Sayuru මොබයිල් App එක හරහා ධීවර කර්මාන්තය සඳහා සුදුසු කලාපවල Location දැනගැනීමේ හැකියාව සලසමින්, ඩයලොග් හා NARA ආයතනය අත්වැල් බැඳගනියි

Google Play Store හරහා App එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැක

2025 මැයි 28         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ඡායාරූපය - NARA ආයතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි සහ ඩයලොග් ආසිආටා පීඑල්සි හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව. (වමේ සිට) NARA ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්- පර්යේෂණ හා සංවර්ධන ආචාර්ය කේ. එච්. එම්. එල් අමරලාල්, NARA ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අරුලනාදන් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාරත්ව ප්‍රධානී සහ අවදානම් හා අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන යන පිරිස ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක හරහා ශ්‍රී ලාංකික ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණෙන්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ඒජන්සිය (NARA) හා අත්වැල් බැඳගනියි. ඒ අනුව, ධීවර ජනතාවට අතිශයින් වැදගත්, ධීවර කර්මාන්තය සඳහා සුදුසු කලාප (PFZs) පිළිබඳව NARA ආයතනය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාදෙන සජීවී Locations, Sayuru මොබයිල් App එක හරහා ධීවරයින්ට බලාගැනීමට හැකියාව සලසයි. ඒ හරහා මෙරට ධීවර ජනතාව‌ගේ ආරක්ෂාව මෙන්ම, කර්මාන්තයේ තිරසාරභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා ඩයලොග් කටයුතු කරයි. මෙම ප්‍රයත්නය සඳහා විධිමත්ව එළඹීම සනිටුහන් තබමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ NARA ආයතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා අතර මැයි මස 23 වැනි දින, අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් තැබුණු අතර, Sayuru මොබයිල් App එකට ඇතුළත් කළ නවතම PFZ විශේෂාංගය දියත් කිරීමද සිදු කෙරිණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගනිමින් 2020 වසරේදි හඳුන්වා දුන් පුරෝගාමී Sayuru සයුරු සේවාවෙන් මේ වන විට, මුහුදු ගමන්වල නිරත 110,000කට අධික කුඩා බෝට්ටු හිමි ධීවරයින්ට හදිසි කාලගුණ නිවේදන පිළිබඳ දැනගත හැකි Voice හා SMS සේවාවවන් නොමිලේ පිරිනමනු ලැබේ. නවතම Sayuru මොබයිල් App එක මගින්, මුහුදු ගමන්වල නිරත ධීවරයින්ට location පාදක කරගත් හදිසි කාලගුණ අනාවැකි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව කරන හදිසි දැනුම්දීම් පිළිබඳව එසැණින් දැනගැනීමට හැකියාව ඇති අතර, ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා මුහුදු ගමන්වලදී අත්‍යවශ්‍ය තොරතුරුවලින්ද ඔවුන් දැනුවත් කෙරේ. එමෙන්ම ධීවරයින්ට, මුහුදු මාර්ග සිතියම් සේවාව හා ඩිජිටල් මාලිමාව යන පහසුකම් වෙතද පිවිසිය හැක. දැන්, මෙම නවතම සහයෝගිතාවය ඔස්සේ, ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාවගේ සුබසිද්ධිය උදෙසා තාක්ෂණය උපයෝගී කර ගනිමින් සහය දැක්වීමේ සුවිශාල ඉදිරි පියවරක් සනිටුහන් තබයි.

NARA ආයතනය මගින් චන්ද්‍රිකා සහ සාගර විද්‍යාත්මක පර්යේෂණවලට අදාළව සිදුකරන දත්ත විශ්ලේෂණයන්ට අනුව, 2020 වසරේදි, PFZ කලාප පිළිබඳව, Sayuru මොබයිල් App එක හරහා යාවත්කාලීන හා නිවැරදි තොරතුරු ධීවරයින්ට ලබාගත හැකිවේ. ඒ සඳහා, Sayuru මොබයිල් App එකට ඒකාබද්ධ කර ක්‍රියාත්මක ‌කෙරෙන මෙම නවතම PFZ විශේෂාංගය මගින් ටූනා මසුන් බහුලව ගැවසෙන ප්‍රදේශ නිවැරදිව දැනගත හැකි වේ. එම ස්ථාන කල්තියා දැනගත හැකි වීමෙන්, මුහුදු ගමනට වැය වන ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීමටත්, තම මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමටත් ධීවරයින්ට ඉඩකඩ සැලසේ. ධීවර ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සඳහා වන අඛණ්ඩ කැපවීමෙහි පියවරක් ලෙසින් ඩයලොග් ක්‍රියාවට නංවන මෙම සේවාව සඳහා ධීවරයින්ගේ කිසිදු ගාස්තුවක් අය නොවේ. ඒ අනුව, සමස්ත ධීවර ප්‍රජාවට, ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය ගැන කරදර නොවී, තම ජීවනෝපාය නගාසිටුවීම සඳහාම වන මෙම වැදගත් තොරතුරු, Sayuru මොබයිල් App එක හරහා පහසුවෙන් ලබාගත හැකි වේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි: "ධීවර කර්මාන්තය සඳහා සුදුසු PFZ කලාප පිළිබඳ ධීවරයින් දැනුවත් කරන මෙම සේවාව පිළිබඳ NARA ආයතනයේ දැක්ම සැබෑවක් කර ගැනීමට සහය වීමට හැකිවීම, ඩයලොග් සතුටට පත්වන කාරණයක්. තාක්ෂණය සම්බන්ධයෙන් අප සතු විශේෂඥතාව උපයෝගී කරගනිමින්, විද්‍යාත්මක තොරතුරු, සජීවීව ධීවර ප්‍රජාව වෙත ලබා දීම අපේ අපේක්ෂාවයි. ඒ ඔස්සේ, ධීවරයින්ට දැනුවත් තීරණ ගැනීමටත්, වඩාත් තිරසාර ක්‍රමවේද පිළිපදිමින් කර්මාන්තයේ නිරතවීමටත් ඔවුන් බලගැන්වෙනවා. Sayuru මොබයිල් App එකට මෙම සේවාව ඒකාබද්ධ කිරීම, ආරක්ෂාව, කාර්යක්ෂමතාවය සහ පාරිසරික භාරකාරිත්වය ප්‍රවර්ධනය කරන ජාතික වැඩසටහන් සඳහා සහය දැක්වීමට අප සතු කැපවීම පිළිබිඹු කෙරෙන්නක්." මේ පිළිබඳව අදහස් දක්වමින් NARA හි සභාපති, ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා මෙලෙස පැවසීය. "චන්ද්‍රිකා තාක්ෂණය පාදක කරගත් මෙම උපදේශන සේවාව මගින්, ධීවරයින්ට ඵලදායී/මසුන් බහුල ධීවර කලාපවල Locations දැනගැනීමටත්, මුහුදු ගමන් සඳහා වැයවන කාලය අඩු කිරීමටත්, කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත් හැකියි. NARA ආයතනය, ටූනා මත්ස්‍ය කර්මාන්තය සම්බන්ධ දැනුවත් කිරීම්, ඊමේල් පණිවිඩ, ගුවන් විදුලි නිවේදන සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට ලබාදී තිබෙන්නේ, 2008 වසරේ සිටයි. ඩයලොග් ආසිආටා පීඑල්සී සමඟ අත්වැල් බැඳගනිමින්, Sayuru මොබයිල් App එක හරහා දැන්, ධීවර ක්ෂේත්‍රයේ තිරසාර සහ පිරිවැය -කාර්යක්ෂම ක්‍රමවේද සඳහා වැදගත් වන අත්‍යවශ්‍ය තොරතුරු ලබාගැනීමට ඇති හැකියාව වැඩිකරමින්, පරිශීලක-හිතකාමී හා සජීවී විසඳුමක් පිරිනමනවා."

ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපාය වැඩිදියුණු කරමින්, පාරිසරික වශයෙන් වගකීම් සහගත ක්‍රමවේද අනුව කර්මාන්තයේ නිරතවීම ප්‍රවර්ධනය කෙරෙන මෙම සහයෝගිතාවය තුළින් අවධාරණය කෙරෙන්නේ, ක්ෂේත්‍රයේ තිරසාරභාවය වෙනුවෙන් ඩයලොග් සමාගමත්, NARA ආයතනයත් දක්වන කැපවීමයි. මෙරට ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් හා දත්ත ලබාදීමෙන්, තිරසාර සම්පත් කළමනාකරණයට දායක වන අතරම, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධති දිගුකාලීන වශයෙන් සංරක්ෂණය කිරීම සඳහාද මෙම වැඩසටහන මගින් දායක වේ.