Body

ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ විශාලතම 5G අත්හදාබැලීමේ ජාලයට 200,000කට අධික පාරිභෝගිකයින් ප්‍රමාණයක් සම්බන්ධ කරයි

January 04, 2023         Colombo

 

 Official Website to Support Inclusive Online Journeys

ආසියාවේ පළමුවරට 5G හැකියාව ප්‍රදර්ශනය කළ විදුලි සංදේශ සේවා සම්පාදකයා ලෙසින් 2018 වසරේදී එම තාක්ෂණය පාරිභෝගිකයා වෙත පිදීමට කටයුතු කළ ඩයලොග් ආසිආටා පී.එල්.සී, එම තාක්ෂණ සැපයුමේ සුවිශේෂී මංසලකුණක් සටහන් කරමින් සිය 5G අත්හදා බැලීමේ ජාලය අත්විඳි මෙරට පාරිභෝගිකයන් ගණන 200,000 ඉක්මවා යෑම ඉකුත්දා සටහන් කරන ලදි.

මෙම 5G අත්හදාබැලීමේ ජාලය මගින් අධිවේගී ඩේටා භාවිතාවක් සඳහා අවස්ථාව සලසා දෙමින්, 1Gbps අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් වේගයක් සමගින් 5G තාක්ෂණයෙන් පිරිනැමෙන පරිපූර්ණ අන්තර්ජාල අත්දැකීම විඳගැනීමට අවස්ථාව සලසා දී ඇත්තේය. කලාපයේ අසමසම 5G අත්දැකීම පිරිනැමීම සඳහා අතිනවීන තාක්ෂණික යටිතලයක් ගොඩනැගීමෙන් නොනැවතී, එම තක්ෂණය භාවිතා වන සිය පාරිභෝගිකයින් සඳහා ඩයලොග් ආසිආටා වෙතින් මාසිකව 5GB ඩේටා නොමිලේ පිරිනැමීමද සුවිශේෂයි.

දේශිය වශයෙන් පමණක් නොව, ඉන්දියාව ඇතුළු ලොව පුරා ගමනාන්ත 50ක, 100කට අධික දුරකථන ජාල ඔස්සේ අධිවේගී 5G සබදතාවය අත්විදීමට ඩයලොග් රෝමිං පාරිභෝගිකයන් හට දැන් අවස්ථාව හිමිවේ. මේ අතර ශ්‍රී ලංකාවේ දැවැන්තම 5G අත්හදාබැලීමේ ජාලය ගොඩනැගීමටද ඩයලොග් සමත්ව සිටියි. ඒ අනුව, කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක්ම ආවරණය වන පරිදි, 70කට අධික ප්‍රදේශ ගණනක ඩයලොග් 5G අත්හදාබැලීමේ ජාලය ව්‍යාප්තව පවතී. www.dialog.lk/5g මගින් එම ප්‍රදේශ ලැයිස්තුව දැක්වේ.

දෙලක්ෂයකට අධික පාරිභෝගිකයන් හට 5G අත්හදාබැලීමේ ජාලය අත්විඳීමට අවස්ථාව සලසාදීමේ මං සලකුණ ඩයලොග් විසින් සනිටුහන් කරනු ලබනුයේ, ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපීය වශයෙන්ද 5G තාක්ෂණයේ විශාල පරාසයක සාඩම්බර සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමේ ‍ගෞරවයත් සමගින් වීම කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ පළමු වරට 5G සඳහාම වූ සංඛ්‍යාත යොදාගනිමින් හෙවත් Standalone 5G අත්හදාබැලීමේ ජාලයක් ක්‍රියාත්මක කිරීම, ඒ ඔස්සේ මෙරට පළමුවරට Voice over 5G (VoNR) සේවාව අත්හදා බැලීම, ශ්‍රී ලංකාවේ පළමුවරට Apple iPhone භාවිතා කරන්නන් සඳහා 5G භාවිතා කිරීමේ හැකියාව පිරිනැමීම, කලාපයේ පළමු 5G අත්හදා බැලීමේ ජාලය ක්‍රියාත්මක කිරීම සහ වර්ෂ 2018දී standards-based රැහැන් රහිත 5G නියමු සම්ප්‍රේක්ෂණය සිදුකිරීම ආදිය ඒ අතර වේ. මේ අයුරින් ‘අනාගතය අදයි’ යන සිය සන්නාම පාඨය නිරතුරුව සනාථ කරමින් ජාතියේ මෙන්ම කලාපයේද තාක්ෂණික පෙරගමන්කරුවා බවට පත්වෙමින් ඩයලොග් ඒ වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කරයි.

මේ අයුරින් ඩයලොග් විසින් අන් සැමට පෙර තාක්ෂණයේ මීළඟ තලය වෙත සිය පාරිභෝගිකයා රැගෙන යන ගමනේදී, 5G අත්හදාබැලීමේ ජාලය ඔස්සේ 1Gbps දක්වා ඉහළ නැංවූ වේගයක් පිරිනැමීම, 70කට අධික ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරිම, Apple මෙන්ම ඇන්රොයිඩ් භාවිතා කරන්නන් වෙතද මාසිකව 5GB ඩේටා නොමිලේ පිරිනැමීමට අමතරව eSIM තාක්ෂණය ඔස්සේ iOS මෙන්ම ඇන්රොයිඩ් සඳහා dual sim ලෙසින් ක්‍රියාකිරීමට හැකියාව ලබාදීම, ලොව අනෙකුත් රටකදී වුවද එරටට අදාළ සිම්පතක් භාවිතා කිරීමෙන් තොරව අදාළ දුරකතන ජාලයට පිවිසීමේ හැකියාව සලසනු ලබන මෙන්ම ස්මාර්ට්වොජච් සහ fitness trackers සඳහාද යොදාගත හැකි stand-alone සබඳතාව සලසන eSIM තාක්ෂණයද පිරිනමනු ලැබීය. භෞතික සිම්පතක් භාවිතයෙන් තොරව එහි කාර්යයන් ඉටුකරනු ලබන මෙම eSIM තාක්ෂණය ඔස්සේ One Number සේවාව යොදාගනිමින් iPhone Apple Watch Cellular මාදිලියේ ස්මාර්ට්වොච් භාවිතා කරන්නන් හට සිය iPhone දුරකතනය නොමැතිව ඇමතුම් ලබාගැනීමටත් අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීමටත් හැකියාව සැලසේ. ඩයලොග් පාරිභෝගිකයන් වෙත පිරිනැමෙන තවත් සුවිශේෂී පහසුකමක් බවට පත්වන VoWiFi සේවාවේදී HD තත්ත්වයේ හඬ විශිෂ්ටත්වයක් සහිත ඇමතුමක යෙදී සිටිමින් වුවද කිසිදු බාධාවකින් තොරව අන්තර්ජාල භාවිතයේ යෙදිය හැකිය.

ඩයලොග් පාරිභෝගිකයන් හට www.dialog.lk/5g වෙත පිවිසීමෙන් ඩයලොග් 5G අත්හදාබැලීම් ජාලය තවදුරටත් ව්‍යාප්ත වීමේ තොරතුරු දැනගැනීමට අවස්ථාව හිමිවේ.