பொருள் விரிவாக்கம்

Dialog Future Zone, නවතම VR ක්‍රීඩා සමගින් Sports Fiesta 2024 ක්‍රීඩා සැණකෙළිය බබලවයි

2024 අගෝස්තු 27         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

Sports Fiesta 2024 ක්‍රීඩා සැණකෙළි පරිශ්‍රයේ Dialog Future Zone ඩිජිටල් කලාපයෙන් VR අත්දැකීම ලබාගන්නා නරඹන්නන්

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සි, ඉකුත්දා කොළඹ තුරඟ තරග පිටියේ පැවති, ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ සහ විනෝදාස්වාදයේ දැවැන්තම සැමරුම වූ Sri Lanka Sports Fiesta 2024 ක්‍රීඩා සැණකෙළියේදී නවෝත්පාදන සඳහා වූ සිය කැපවීම සාඩම්බරයෙන් විදහා දක්වමින් එම සැණකෙළි පරිශ්‍රයේ Dialog Future Zone ඩිජිටල් කලාපය පිහිටුවනු ලැබීය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සමරමින් අගෝස්තු 16 දා සිට 18 වැනිදා දක්වා පැවති මෙරට දැවැන්තම ක්‍රීඩා සැණකෙළියේදී, නවතම ප්‍රමිතීන්ට අනුව ඩිජිටල් විනෝදාස්වාද අත්දැකීමකට පාරිභෝගිකයන් එක්කර ගනිමින්, සිය නවතම තාක්ෂණික මහිමය විදහා දැක්වීමට ඩයලොග් සමත් විය. ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ අරමුණෙන්, සංචාරක අමාත්‍යාංශය හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය අත්වැල් බැඳගෙන මෙම දැවැන්ත ක්‍රීඩා සැණකෙළිය සංවිධානය කර තිබිණි. දින තුනක් පුරා පැවති ක්‍රීඩා සැණකෙළියේදී ක්‍රීඩා හතක් ඔස්සේ තරග ඉසව් රාශියකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කට අධික පිරිසක් සහභාගි කර ගැනුණු අතර, ක්‍රීඩාවේ දක්ෂතාවන් විදහා දැක්වීමට සේම, නවතම තාක්ෂණය අත්හදා බැලීමට Dialog Future Zone හරහා පාරිභෝගිකයින්ට ඉඩකඩ සලසා දුන් හොඳම තෝතැන්න බවටද එම ක්‍රීඩා සැණකෙළිය පත්ව තිබිණී.

ක්‍රීඩා සැණකෙළි භූමියේ නොමඳ ආකර්ෂණය දිනාගත් තැනක් වූ Dialog Future Zone ඩිජිටල් කලාපය, ක්‍රීඩා සැණකෙළියට නව මානයක් එක් කරමින් නරඹන්නන් නවතම Virtual Reality (VR) අත්දැකීම් වෙත කැඳවමින්, තාක්‍ෂණික සීමා මායිම් අභිභවා යාමේ ඩයලොග් කැපවීම විදහා දැක්වූ පරිශ්‍රයකි. VR Bungee Jumping අත්දැකීම, ඊට සහභාගිවූවන්ට කොළඹ නෙළුම් කුළුණෙන් බිමට පනිනා ත්‍රාසජනක අත්දැකීම Virtual Reality ආකාරයට අත්විඳීමට ඉඩකඩ සැලසූවක් වන අතර, උසකින් ඇදවැටෙන බියකරු අත්දැකීමත්, එවන් අවස්ථාවක ඉහළ අහසේ සිට දිස්වන ආකාරයත්, ආරක්ෂිත හා මුළුමනින්ම පාලනය කළ පරිසරයක සිට අත්විඳීමට එමගින් අවකාශ සලසා දෙනු ලැබිණි. ඊට අමතරව, නුවර එළියේ හා ගාල්ලේ මනරම් වටපිටාවක බයිසිකල් සංචාරයක් වෙත සහභාගි වූ පිරිස රැගෙන යමින් VR Cycling ඔස්සේ බයිසිකල් පැදීමේ VR අත්දැකීම ඔවුන්ට ලබා දීමටද කටයුතු කර තිබිණි. එම වටපිටාවන්හි මනරම් පාරිසරික දර්ශන හා හඬද ඇතුළත් කරමින් මේ VR අත්දැකීම, සැබෑ අත්දැකීමක් ලෙසින් ඔවුන් වෙත සමිප කර තිබිණි.

ඊට වෙනස් Virtual Reality අත්දැකීම් ලෙසින් එක්කර තිබූ VR Archery සහ VR Golf සඳහාද Dialog Future Zone ඩිජිටල් කලාපය නැරඹීමට පැමිණි පිරිසගේ, උද්යෝගිමත් සහභාගිත්වය හිමිවිණි. නරඹන්නන්ට ඔවුන් කැමති විවිධාකර VR අත්දැකීම් ලබාගත හැකි පරිදි, නවතම ඩිජිටල් විකල්ප හඳුන්වා දීමේ ඩයලොග් කැපවීම, මෙම Dialog Future Zone ඩිජිටල් කලාපයට එක්කර තිබූ මේ ආකාරයේ ක්‍රියාකාරකම් මගින් පෙන්නුම් කෙරිණි.

අනාගතය සඳහාම වන විසඳුම් සඳහා සිදුකරන අඛණ්ඩ ආයෝජන සිහිගන්වන මෙම නවතම VR අත්දැකීම් මගින් නව තාක්ෂණය වැලඳ ගැනීමටත්, තාක්ෂණික වැඩිදියුණු කිරීම් සිදු කිරීමටත් ඩයලොග් දක්වන අප්‍රතිහත කැපවීම පිළිබිඹු කෙරෙයි. බහුවිධ සංස්කෘතික අංගයන්ගෙන් සැදුම්ලත් මෙම දැවැන්ත ක්‍රීඩා සැණකෙළියෙහි ඩයලොග් දායකත්වය තුළින් අවධාරණය කෙරෙන කරුණක් නම්, පාරිභෝගිකයින් දායක කරගැනෙන විනෝදාස්වාද අත්දැකීම් පිරිනමන අතරෙහි මෙරට ක්‍රීඩාව හා සංස්කෘතිය වෙනුවෙන් වන කැපවිමයි. ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ හා විනෝදාස්වාදයේ දැවැන්තම සැමරුම වූ Sri Lanka Sports Fiesta 2024 ක්‍රීඩා සැණකෙළි පරිශ්‍රයේ පැවති Dialog Future Zone ඩිජිටල් කලාපයෙන් මෙලෙස ඉහළම තාක්ෂණික අත්දැකීම් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දුන් ඩයලොග්, ශ්‍රී ලංකාවේ අනාගත විනෝදාස්වාදයේ සහ සම්බන්ධතාවයේ හැඩරුව සකස් කිරීමට ඒ ඔස්සේ පිටුබලය සපයනු ලැබිණි.