பொருள் விரிவாக்கம்

ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ඩිජිටල් නවෝත්පාදකයින්ගේ දක්ෂතා විදහා දක්වමින්, Dialog Innovation Challenge, TV දෙරණ ඔස්සේ සහ චැනල් One ඔස්සේ විකාශය වේ

2024 ජූනි 14         කොළඹදී

 

Dialog Customers Contribute to Little Hearts

ඡායාරූපය - (වමේ සිට දකුණට) ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපති සහ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී ආචාර්ය රමේෂ් ෂන්මුගනාදන්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී සහ ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හි සභාපතිනි රේණුකා ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී අසේල පෙරේරා

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් නවෝත් පාදකයන්ගේ දක්ෂතා බලගන්වමින් ශ්‍රී ලංකාව ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවන නවෝත්පාදන අභියෝගය, Dialog Innovation Challenge මේ දිනවල ටෙලිවිෂන් ඔස්සේ විකාශය කෙරෙන බව සතුටින් දැනුම් දෙයි. ඒ අනුව, මෙරට දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ගේ දක්ෂතා රටට විදහා දක්වමින්, සෑම සෙනසුරාදා දිනකම ප.ව. 10.30 ට TV දෙරණ ඔස්සේද, සෑම ඉරිදා දිනකම ප.ව. 6.30 ට Dialog TV චැනල් One ඔස්සේද වැඩසටහන විකාශය කෙරේ.

ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින ඩිජිටල් න‌වෝත්පාදකයින්ගේ දක්ෂතා ඔප්නංවමින්, ඩයලොග් මෙම නවෝත්පාදන අභියෝගය දියත් කරනු ලැබුවේ මෙරට පුද්ගලයින්, ව්‍යාපාර හා ප්‍රජාව මුහුණ දෙන අභියෝග සඳහා ඵලදායි ඩිජිටල් විසඳුම් ලෙසින් වැඩිදියුණු කළ හැකි, ඩිජිටල් නවෝත්පාදන දිරිගන්වමනි. ශ්‍රී ලංකාව පරිවර්තනීය ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවීමේ හැකියාව විදහා දක්වන Dialog Innovation Challenge මගින් විශේෂිත ඇගයීම් ක්‍රියාවලියක් ඔස්සේ නවොත්පාදන අභියෝගය භාරගත් 1200 කට අධික පිරිසක් තෝරා ගැනුණු අතර, එයින් සිය හැකියාවන් විදහා දැක්වූ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් පනස් 50 දෙනෙකුගේ දක්ෂතා ජුනි 15 වැනිදා සිට රටට ප්‍රදර්ශනය කෙරේ.

ශ්‍රී ලංකාව පරිවර්තනීය ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවමින්, 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දියත් කරනු ලැබූ මෙම වැඩසටහනට සියලු ක්ෂේත්‍රවල ඩිජිටල් නවෝත්පාදකයින්ගේ ප්‍රතිචාර නොඅඩුව හිමි විණි. ඊට එක් වූ නවෝත්පාදකයන්ට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ හා තාක්ෂණික විශේෂඥයින්ගේද උපදෙස් හා මග පෙන්වීම් අනුව සිය ඩිජිටල් නවෝත්පාදන සංකල්ප තාක්ෂණිකමය හා වාණිජමය වශයෙන් ඵලදායී ඩිජිටල් නවෝත්පාදන ලෙසින් වැඩිදියුණු කිරීමට හැකියාව සැලසිණි. මේ පිළිබඳ සිය අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේ “අපේ ඉලක්කය, රටේ සුබවාදී වෙනසක් වෙනුවෙන් තාක්ෂණය භාවිතා කිරීමට කැමති නවෝත්පාදකයින්, මෙලෙසින් බලගන්වමින් රට තුළ ඩිජිටල් නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීමයි.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදන බල ගන්වමින් පැවැත්වෙන Dialog Innovation Challenge තුළින් මෙරට නවෝත්පාදන පෝෂණය කරමින්, ශ්‍රී ලංකාව ඩිජිටල් රටක් (e-nation) කිරිමෙහිලා ඩයලොග් ආසිආටා පීඑල්සී දක්වන කැපවීම ඉස්මතු කෙරේ. එම කැපවීමට අනුව, සාර්ථක ඩිජිටල් පරිවර්තනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන මෙම වැඩසටහන, මෙරට දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ගේ දක්ෂතා ඉස්මතු කරමින් ඔවුන්ගේ නවෝත්පාදන එළිදක්වන මාහැඟි වේදිකාව බවට පත්වෙයි. "ඩිජිටල් නවෝත්පාදනවල මහිමයෙන්, ශ්‍රී ලාංකික ජීවිත සහ ප්‍රජාව සාධනීය ලෙස වෙනස් කිරීමට හැකි බවට අපි විශ්වාස කරනවා. ඒ වගේම, මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ නවෝත්පාදකයින්ට සහය දැක්වීමට ඇති අපගේ කැපවීම විදහා දක්වන හොඳම නිදසුනක්" යනුවෙන් සුපුන් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ඩිජිටල් නවෝත්පාදකයින් අගයමින් ඔවුන්ට මගපෙන්වීම සඳහා ඩය‌ලොග් විසින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මෙම වැඩසටහන සඳහා පත්කර තිබේ. එම විනිසුරු මඩුල්ලට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපති සහ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී ආචාර්ය රමේෂ් ෂන්මුගනාදන්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ශෂී කණ්ඩම්බි, නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී හි සභාපතිනි ෂෙරින් කාදර්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී සහ ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හි සභාපතිනි රේණුකා ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී අසේල පෙරේරා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී රංග කාරියවසම් හා ඩයලොග් ආසිආටා පීඑල්සී හි තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර වෙබ්අඩවි පිළිබඳ ප්‍රධානී විරංග සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

තරගකරුවන් වෙනුවෙන් රු. මිලියන 5 ක තෑගි සංචිතයකින් සමන්විතව, තෝරාගත් නවෝත්පාදකයින්ට DIF (Digital Innovation Fund) මගින් රු. මිලියන 500 ක ආයෝජන සහයද ලබාදෙමින් පැවැත්වෙන මෙම වැඩසටහන TV දෙරණ හා Dialog TV චැනල් One ඔස්සේ නරඹන ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින ප්‍රේක්ෂකයින්ට, මෙරට ඩිජිටල් නවෝත්පාදකයින් සිය නිර්මාණශීලි හැකියාවන් තුළින් සාර්ථක හා ඵලාදායී ඩිජිටල් විසඳුම් රටට ඉදිරිපත් කරන ආකාරය කදිමට දැකබලා ගත හැකි වේ.