பொருள் விரிவாக்கம்

ඩයලොග්, Samsung Galaxy Z Fold8 සහ Z Fold8 Ultra 5G නවතම ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වාදෙයි

2026 ඔක්තෝබර් 01         කොළඹ

 

වමේ සිට: Stelacom Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ, චාමික ගොඩමාන්න මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපාංග ව්‍යාපාර, වර්ධන සහ මෙහෙයුම් අංශ ප්‍රධානී, දේශාන් විජේවීර මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ආයතනික සැලසුම්, උපාය මාර්ග සහ වර්ධන අංශයේ සහකාර උප සභාපතිනි, ශිරෝමි අලි මෙනෙවිය, Samsung ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, SangHwa Song මහතා, Samsung ආයතනයේ B2C නාලිකා අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, නුවන් උක්වත්ත මහතා සමඟ John Keells Office Automation (Pvt) Ltd හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු සහ ජංගම දුරකතන අංශ ප්‍රධානී, මාර්ක් ගුණතිලක මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Samsung ආයතනය සමඟ එක්ව, මෙරට පාරිභෝගිකයින්ට Samsung Galaxy Z Fold8 සහ Galaxy Z Fold8 Ultra 5G ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වාදුන් බව සතුටින් දැනුම් දෙයි. ඒ අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් සජීවී 5G කලාප 1,000කට අධික සංඛ්‍යාවක් හරහා විහිදෙන, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වේගවත්ම ‘Dialog 5G Ultra’ ජාලය සමඟින් මෙම නවතම උපාංගවල අසමසම අත්දැකීම විඳගැනීමට පාරිභෝගිකයින්ට දැන් අවස්ථාව උදා වී ඇත.

Galaxy Z Fold8 ස්මාර්ට් ජංගම දුරකතනය අඟල් 7.6ක විවෘත කළ හැකි තිරයකින්, 12GB RAM සහ 256GB අභ්‍යන්තර මතක ධාරිතාවකින්, 4,800mAh බැටරියකින් සහ 50MP + 50MP ක dual rear camera කැමරා පද්ධතියකින් සමන්විත වේ. එමෙන්ම, Galaxy Z Fold8 Ultra ස්මාර්ට් ජංගම දුරකතනය අඟල් 8.0ක විවෘත කළ හැකි තිරයකින්, 12GB RAM සහ 256GB අභ්‍යන්තර මතක ධාරිතාවකින්, 5,000mAh බැටරියකින් සහ 50MP, 200MP සහ 10MP ත්‍රිත්ව පසුපස කැමරා පද්ධතියකින් සමන්විතය. පාරිභෝගිකයින්ට ඉහළම ක්‍රියාකාරිත්වයක් අත්විඳිය හැකි පරිදි, Android 17 මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මෙම ස්මාර්ට් ජංගම දුරකතන දෙකම, foldable තාක්ෂණය සමඟින් AI විශේෂාංගවලින් පරිපූර්ණව මෙරට වෙළෙඳ පොළට නිකුත් වේ.

මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන ඩයලොග් වෙතින් හෝ සියලු Samsung බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් මිලදී ගන්නා, ඩයලොග් පාරිභෝගිකයින්ට මාස හතරක් පුරා, මසකට 250GB බැගින් නොමිලේ 1TB Data දීමනාවක්ද පිරිනැමෙන අතර, 'Lesi Pay' හරහා මාස 18ක පහසු වාරික ක්‍රමයට ගෙවීමේ පහසුකමද සලසා දී ඇත. ඒ අනුව, රු. 732,429 කට, Galaxy Z Fold8 ස්මාර්ට් ජංගම දුරකතනය සහ රු. 815,999 ක මුදලකට ඇති, Galaxy Z Fold8 Ultra ස්මාර්ට් ජංගම දුරකතනය දිවයින පුරා පිහිටි ඩයලොග් අලෙවි සල් 120කට අධික සංඛ්‍යාවක් හරහා සහ බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් මෙන්ම, Samsung බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින්ද දැන් ලබාගත හැකිය.