ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් Yeheli.lk හරහා පැය 24 පුරා, භාෂා තුනෙන්ම, AI Chat & Voice සහය ඩයලොග් වෙතින්
වගකීම් සහගත AI තාක්ෂණය ඔස්සේ, ශ්‍රී ලාංකිකයින්ගේ යහ පැවැත්ම වෙනුවෙන් උපදේශන සේවා සමීප කරයි
2026 මාර්තු 09 කොළඹ
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙරට ප්‍රථම වරට සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නොමිලේ උපදේශන සහාය ලබාදෙන Yeheli.lk වෙත නවතම AI Chat & Voice Bot පහසුකම හඳුන්වා දී ඇත. වගකීම් සහගත මෙන්ම, සියලු දෙනා ඇතුළත් AI විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන 'Dialog AI' වැඩසටහන යටතේ, Yeheli.lk මෙලෙස AI විශේෂාංග සමගින් අලුත් කිරීමෙන්, ’අනාගතය අදයි’ යන ඩයලොග් තේමා පාඨයට අනුව ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ හා ඔවුන්ගේ පවුල්වලට උපදේශන අවශ්‍යතා සපුරාලීම සඳහා AI තාක්ෂණය වගකීමෙන් යුතු භාවිතා කිරීමට, ඩයලොග් සමාගමේ කැපවීම මෙයින් පිළිබිඹු වේ.
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, Without Boundaries, Doc990 සහ හිතවතී සමඟ සහයෝගීතාවන් ඔස්සේ ශක්තිමත් වන Yeheli.lk, පරිශීලකයින්ට අවශ්‍ය තොරතුරු මඟින් සහය දැක්වීම සඳහා සායනික විශේෂඥතාව, උපදේශන සේවා සහ ඩිජිටල් සෞඛ්‍ය සේවා ඊට ඇතුළත් කර තිබේ. අලුතින්ම ඊට එක් කරන ලද AI-Chat Bot හා Voice Bot මඟින් විශේෂාංග මගින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර, ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නිර්නාමිකව උපදෙස් ලබාගැනීමටද පහසුව සලසා තිබේ.
Yeheli .lk ශ්‍රී ලාංකේය කාන්තාවන්ට තමන් පීඩා විඳින මානසික සහ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් මෙන්ම පුද්ගලික යහ පැවැත්ම හා අනෙකුත් පවුලේ ගැටලු ආදිය පිළිබඳව කිසිදු පැටලීමකින් තොරව, උපදෙස් හා මග පෙන්වීම් ලබා ගත හැකි ඩිජිටල් platform එකකි. අලුතෙන්ම ඊට එක් කර ඇති AI Chat & Voice Bot විශේෂාංග මඟින් එම ගැටලු සඳහා උපදේශන ලබාදේ. ඒ හැරුණු විට තවදුරටත් සහය අවශ්‍ය නම්, අදාළ ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයින් වෙතද එම ගැටලු යොමු කරනු ලැබේ. මේ සියලු සහය පිරිනමනු ලබන්නේ පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ඉහළින්ම ආරක්ෂා කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස සලකමිනි.
Dialog AI හි තවත් එක් පියවරක් ලෙසින් මෙලෙස යෙහෙළි වෙත AI විශේෂාංග එක් කිරීම, ශ්‍රී ලාංකික කාන්තාවන් පෞද්ගලිකව අත්විඳින ගැටලු හමුවේ, ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරන අතර, විශ්වාසනීය විසඳුම් පිරිනැමීම සඳහා AI තාක්ෂණය භාවිත කිරීමේ ඩයලොග් සමාගමේ සාර්ථක ප්‍රවේශය විදහා දැක්වේ. ‘අනාගතය අදයි’ යන ඩයලොග් දැක්මට අනුව, පුරාම ඩිජිටල් විසඳුම් සඳහා සියලු දෙනා ඇතුළත් කර ගැනීම ප්‍රවර්ධනය කරමින්, නැවතම තාක්ෂණය වගකිවයුතු අන්දමින් ජනතාව යහපැවැත්ම උදෙසා භාවිත කිරීමට ඩයලොග් අඛණ්ඩව කටයුතු කරයි. භාෂා තුනෙන්ම සහය පිරිනැමීමත්, ඕනෑම තැනක සිට ඕනෑම මොහොතක එම සහය ලබාගැනීමට හැකියාව සැලසීමත් මගින්, සියලු දෙනා ඇතුළත් ඩිජිටල්කරණ පහසුකම් සමගින්, සමාජ වගකීම පෙරදැරි නවෝත්පාදන සඳහා ඩයලොග් සමාගමේ කැපවීම තවත් තහවුරු වෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ මෙලෙසයි. "Dialog AI යටතේ Yeheli.lk වෙත AI Chat & Voice Bot හඳුන්වා දීමෙන් අප බලාපොරොත්තු වන්නේ තාක්ෂණය උපයෝගී කරගනිමින් ඕනෑම අයෙකුට විශ්වාසයෙන් යුතුව මගපෙන්වීම් ලබාගත හැකි සුරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමයි. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, මේ හරහා ශ්‍රී ලාංකීය කාන්තාවන්ට භාෂා තුනෙන්ම උපදෙස් හා මඟ පෙන්වීම් ලබා ගැනීමට අපි හැකියාව සලසනවා. අවශ්‍ය අවස්ථාවන්වල, විශේෂඥ සේවාවන් වෙත යොමු කිරීමට ඇති හැකියාවත් මේ හරහා පුළුල් වෙනවා."
මෙලෙස Yeheli.lk නවීනතම AI පහසුකම් සමගින් අලුත් කිරීමෙන්, තහවුරු වන්නේ, තම ආයනික පරිසරයෙන් පමණක් නොනැවතී, ශ්‍රී ලංකාව පුරාම විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්කරණය (DEI) ඇති කිරිම උදෙසා ඩයලොග් සමාගමේ කැපවීමයි. එම ප්‍රයත්නයන් අගයමින්, යුරෝපා සංගමය හා ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලයේ සම මුල්‍ය අනුග්‍රහය ලබන, ලංකා වාණිජ මණ්ඩලයේ SCOPE වැඩසටහන මගින් සංවිධානය කළ DEI Champions Awards 2025 සම්මාන උළෙලේදී 'හොඳම DEI වැඩසටහන' (Best DEI Initiative) සඳහා වන ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබීමට ඩයලොග් සමාගමට හැකිවිණි. එම ප්‍රයත්නයන් එලෙස ඇගයීමට පාත්‍රවීමෙන්, සියලු දෙනාට පොදු හා සමාන සහභාගිත්වය සැලසෙන නිර්මාණය කිරීමටත් ඩිජිටල් නවෝත්පාදන හරහා සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම යහපැවැත්ම නංවමින් ඔවුන් සවිබල ගැන්වීමට ඩයලොග් සමාගමේ අඛණ්ඩව අධිෂ්ඨානය තහවුරු වේ.
ඩයලොග් සමාගමේ තිරසාරභාවය සහ ESG (පාරිසරික, සමාජීය සහ පාලන) ඉලක්කයන්ටද අනුකූලව Yeheli.lk වෙත මෙලෙස නවතම AI විශේෂාංග ඒකාබද්ධ කිරීම මගින්, නවීනතම ඩිජිටල් යටිතල පහසුකම් උපයෝගී කරගනිමින්, ශ්‍රී ලාංකීය ජනතාවගේ යහපැවැත්ම ඉහළ නැංවීමටත්, ඔවුන්ට වඩාත් නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය සම්පත් ලබාදීමටත් අවස්ථාව සැලසේ.
දැන් www.yeheli.lkවෙබ් අඩවියට පිවිස, ශ්‍රී ලංකාව පුරා පරිශීලකයින්ට මෙම AI Chat & Voice Bot පහසුකම හරහා දවසේ පැය 24 පුරාම නොමිලේ උපදේශන සේවාවන්ලබාගත හැකි වේ.