பொருள் விரிவாக்கம்

ඩයලොග්, ‘ජනතාවගේ වඩාත්ම ආදරයට පාත්‍රවන සේවා සන්නාමය’ හා ‘ජනතාව වඩාත්ම ආදරය කරන සන්නිවේදන සන්නාමය’ ලෙසින් නම්කරනු ලැබූ වගයි

June 03rd, 2024         Colombo

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, LMD මගින් පවත්වන Brands Annual වාර්ෂික අධ්‍යයනයේදී ‘ජනතාවගේ වඩාත්ම ආදරයට පාත්‍රවන සේවා සන්නමය’ හා ‘ජනතාව වඩාත්ම ආදරය කරන සන්නිවේදන සන්නාමය’ ලෙසින් නම් කරනු ලැබිණි. මෙම වාර්ෂික අධ්‍යයනය තුළින් එලෙසින් ගෞරවයට පාත්‍රවීම, ක්ෂේත්‍රයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා ලෙස ඩයලොග් සතු දීර්ඝ කාලීන ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරන්නකි.

ඩයලොග් විසින් අත්කර ගත් මෙම පිළිගැනීම, ගුණාත්මකබවෙන් අසමසම ජාලයක් පාරි‌භෝගිකයින්ට තිලිණ කරමින්, ඔවුන් වෙත සුවිශේෂී වටිනාකම් හිමිකර දීම වෙනුවෙන් සමාගම දක්වන නොසැලෙන කැපවීම පිළිබිඹු කරන සාක්ෂියකි. එමෙන්ම, මෙරට ඩිජිටල් අන්තර්කරණය උදෙසා මෙන්ම, විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තාක්ෂණික නවෝත්පාදන බිහි කිරීම උදෙසා වන සමාගමේ නොපසුබට ප්‍රයත්නයන් පිළිබඳවද මෙය සාක්ෂි දරයි. ඩයලොග්, ‘ශ්‍රී ලාංකීය ජන ජීවිත සහ ව්‍යවසාය සවිබල ගන්වමින් නගාසිටුවීමේ’ අරමුණෙන් කටයුතු කරන අතර, නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඩිජිටල් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මග ශක්තිමත් කිරීම පිණිසය. ඒ සඳහා, ඩිජිටල් අන්තර්කරණ විසඳුම් සහ නවෝත්පාදන තුළින් මෙරට සුබවාදී අනාගතයක් සඳහා මග පාදන අතර, පාරිභෝගික ප්‍රජාවගේ ජීවිත නඟා සිටුවීමට ද කැප වී කටයුතු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, "මෙලෙස පිළිගැනීමට පාත්‍ර වීම, අප ලබන ඉහළම ගෞරවයක්. ඒ වගේම, මෙවැනි පිළිගැනිමක් තුළින් අවධාරණය කරන්නේ, පාරිභෝගිකයින් වෙනුවෙන් සැමවිටම ඉහළම මට්ටමේ විශිෂ්ටත්වය පිරිනමමින් නව්‍යකරණයන් තුළින් සේවය සැලසීමට අප සතු නොසැලෙන කැපවීමයි." යනුවෙනි. එමෙන්ම, “මෙම ජයග්‍රහණයෙන් අපගේ වටිනා පාරිභෝගිකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ පක්ෂපාතිත්වය පිළිබිඹු කෙරෙනවා. එපමණක් නොවෙයි, ශ්‍රී ලංකාව ඩිජිටල් වශයෙන් සවිබල ගන්වමින් සේවා ක්ෂේත්‍රයේ නියමුවන් ලෙස අප යන ගමන්මග ඔස්සේ තවදුරටත් යාමට අපව දිරිමත් කරනවා."

ශ්‍රී ලංකාව අනාගත ඩිජිටල් රටක් බවට බවට පරිවර්තනය කිරීම උදෙසා කටයුතු කරන, ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසනීය ඩිජිටල් සහකරුවා‌ වන Dialog, මෙරට ඩිජිටල්කරණයේ අභිවෘද්ධිය උදෙසා නිරතුරුවම කැපවී සිටී.