Body

ආසියානු ශූරතාවය වෙනුවෙන් තරග වදින ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම බලගැන්වීමට ඩයලොග් කටයුතු කරයි

2023 ජූනි 06         (කොළඹදී)

 

Dialog powers Sri Lanka Junior Netballers

වමේ සිට දකුණට (අසුන්ගෙන) : ශිරෝමි පිලපිටිය (වෛද්‍යවරිය), වජිරා පුෂ්පකුමාරි (කළමනාකාරිණී), වික්ටෝරියා ලක්ෂ්මි (සභාපති - ජාතික දැල්පන්දු සම්මේලනය), ඒ.මුතුමාලා (අධ්‍යක්ෂ ජනරාල්, ක්‍රීඩා අමාත්‍යාංශය), ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන්, අමල්කා ගුණතිලක (ප්‍රධාන පුහුණුකාරිණී), ශෂිකා සමරසිංහ (සහාය පුහුණුකාරිණී), සජිනි රත්නායක (නායිකා).

වමේ සිට දකුණට (සිටගෙන) : ඉදූෂා ජනනි, චලිනි නීෂා, සාරා පීරීස්, භාෂි උඩගෙදර, දිල්මි විජේනායක, මිනාජි කංකානිගේ, ටිමී වසන්තප්‍රිය, නෙත්මි විජේනායක, නෙතංගා ගුණරත්න, ජිනාලි බාලසූරිය, රනුදි පෙරේරා.

මෙම ජුනි මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත 2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවට තරගවැදීම සඳහා ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම (වයස අවුරුදු 21න් පහළ) ජුනි මස 6 වෙනිදා දිවයිනෙන් පිටත්ව ගියහ.

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ පන්දු විදින්නියක වන සජිනි රත්නායක විසිනි.තරගාවලිය තුළ 'බී' කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරු,බෲනායි, තායිවාන, දකුණු කොරියා සහ පකිස්තාන කණ්ඩායම් සමඟ තරගවැදීමට නියමිතයි. මැලේසියාව, හොංකොං, තායිලන්තය, ජපානය, ඉන්දියාව සහ මාලදිවයින මෙම තරගාවලියේදී තරග වදින්නේ 'ඒ' කාණ්ඩයෙනි.

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ජුනි 11 වෙනිදා දකුණු කොරියානු කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට මුහුණදීමට නියමිත අතර, ජුනි 12 වෙනිදා බෲනායි කණ්ඩායම සමගත්, ජුනි 13 වැනිදා සිංගප්පූරුව සමගත්, ජුනි 14 වෙනිදා චීන තායිපේ කාණ්ඩායමට එරෙහිව තරග වදිමින් තරගාවලියේ දෙවැනි අදියර හෙවත් පිළිමළුන් පිටුදැකීමේ අදියරට වරම් සොයනු ඇත.

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා ඉතිහාසයේ 1998, 2002 සහ 2015 යන වර්ෂවල ශූරයින් ලෙස අභිසෙස් ලබන්නට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.