பொருள் விரிவாக்கம்

ඩයලොග් වෙළෙඳ නියෝජිතයින් සඳහා තෑගි පිරිනමන ශ්‍රී ලංකාවේ විශාලතම ලෝයල්ටි වැඩසටහන, ඩයලොග් ස්වර්ණශක්ති යළි දියත් කරයි

120,000 කට වැඩි වෙළෙඳ නියෝජිතයින්ට තෝරාගැනීමට, රු. මිලියන 350 කට අධික වටිනකාමකින් යුතු තෑගි 2000 කට වැඩියෙන්

2024 නොවැම්බර් 18         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, වෙළෙඳ නියෝජිතයින් සඳහා වටිනාම තෑගි පිරිනමන ශ්‍රී ලංකාවේ විශාලතම ලෝයල්ටි වැඩසටහන වන ස්වර්ණශක්ති දැන් අලුත් මුහුණුවරකින් යළිත් ආරම්භ කර ඇත. Wow Super App සමග ඒකාබද්ධ කරමින් ක්‍රියාවට නංවන මෙම වැඩසටහන, වෙළෙඳ නියෝජිතයින්ට ඔවුන් කැමතිම තෑගි තෝරාගෙන නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව සලසා දෙන, මුළුමනින්ම ඩිජිටල්කරණය වූ වැඩසටහනකි. එමගින් දිවයිනේ 120,000 කට වැඩි වෙළෙඳ නියෝජිතයින්ට, WOW Mall වල ඇති 2000 කට වැඩි තෑගි ප්‍රමාණයක් ඇති අතරෙන් තෑගි තෝරාගත හැකි අතර ඒ සඳහා රු. මිලියන 350 කට අධික වටිනකාමකින් යුතු තෑගි ප්‍රමාණයක් ඩයලොග් වෙන්කර තිබේ.

වෙළෙඳ නියෝජිතයින්ට, ඔවුන්ට හිමි ප්‍රතිලාභ ඉතාමත් පහසුවෙන්ම ලබාගැනීමට අවස්ථාව සලසා ඇති මෙම වැඩසටහන තුළින්, තමන්ම තෑගි තෝරාගෙන කිසිදු බාධාවකින් තොරව ගෙදරටම තෑගි ගෙන්වා ගතහැකි පරිදි සුවිශේෂී අත්දැකිමක් වෙළෙඳ නියෝජිතයින් වෙත පිරිනමයි. ඔවුන්ට හිමි ප්‍රතිලාභ පහසුවෙන්ම ලබාදෙමින් ක්‍රියාවට නැංවෙන එකම ලෝයල්ටි වැඩසටහන වන්නේද මෙම වැඩසටහනයි. ඒ හේතුවෙන්, වෙළෙඳ නියෝජිතයින්ට ප්‍රතිලාභ සැලසීම අතින්ද මෙය වෙළෙඳ පොළේ පුරෝගාමී වැඩසටහන බවට පත් වේ.

ඩයලොග් හා අත්වැල් බැඳ සිටින වෙළෙඳ නියෝජිතයින් දක්වන පක්ෂපාතීත්වය අගය කර, ඔවුන් වෙනුවෙන් වටිනා තෑගි පිරිනමමින් ස්වර්ණ ශක්ති වැඩසටහන 2016 වසරේදී මුල්වරට දියත් කරන ලදී. මෙම වැඩසටහන අලුත් මුහුණවරකින් යළිත් ආරම්භ කෙරෙන්නේ, පෙරටත් වඩා පහසුවෙන් තැගි ලබා ගැනීමටත්, වැඩි තෑගි ප්‍රමාණයක් අතරෙන් තෑගි තෝරාගැනීමටත් වෙළෙඳ නියෝජිතයින්ට හැකියාව සලසා දෙමිනි. එපමණක් නොව, තමන් කැමතිම තෑගි කිසිදු බාධාවකින් තොරව ගෙන්වා ගැනීම සඳහා මුළුමනින්ම ඩිජිටල්කරණය වූ අත්දැකීමක්ද වෙළෙඳ නියෝජිතයින් වෙත සමීප කරමිනි.

නව මුහුණුවරකින් දියත් කෙරෙන මෙම ස්වර්ණශක්ති වැඩසටහන මගින්, වෙළෙඳ නියෝජිතයින්ට පහසුම ක්‍රමවේදයකින් තෑගි ලබාගැනීමට හැකියාව සැලසීමෙන් ඔවුන් Dialog වෙත දක්වන පක්ෂපාතිත්වය සහ සහයෝගය වෙනුවෙන් උපරිම ප්‍රතිලාභ පිරිනැමීම සහතික කෙරේ. සිය වෙළෙඳ නියෝජිත ජාලය හා දිගුකාලීනව ශක්තිමත් සහයෝගිතාවක් ගොඩනැගීම වෙනුවෙන් ඩයලොග් දක්වන කැපවීමද මෙම වැඩසටහන තුළින් අවධාරණය කෙරේ. එමෙන්ම, මෙය දෙපාර්ශවය අතර අන්‍යොන්‍ය සාර්ථකත්වය උදෙසා ඉවහල් කර ගැනීමද ඩයලොග් අපේක්ෂාවයි. වැඩි විස්තර සඳහා කරුණාකර https://www.dialog.lk/ වෙත පිවිසෙන්න.