பொருள் விரிவாக்கம்

ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ ප්‍රමිතිය,ගුණාත්මකබව සහ ජීවගුණය නංවමින් වඩාත් විධිමත් කිරීම වෙනුවෙන් ස්වාධීන තාක්ෂණික උපදේශන කමිටුවක්

2024 මැයි 22         කොළඹදී

 

Dialog Customers Contribute to Little Hearts

මනුජ නිම්මාන - ප්‍රධාන ලේකම් ,ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය, පොලිස් ක්‍රීඩා සමාජයේ සහ ජාතික කණ්ඩායමේ හිටපු නායක සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.එච් මාර්සෝ, ලෝක රග්බි සංගමයේ සුදුසුකම් ලත් විනිශ්චය නිලධාරී අරුණ ජයසේකර, ශ්‍රී ලංකා රග්බි හිටපු සභාපති ලසිත ගුණරත්න, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතී‍ෆ්, ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සහ ආසියානු රග්බි සංගමයේ සහ ලෝක රග්බි සංගමයේ තරග දින වෛද්‍ය, වෛද්‍ය නමිත් සංකල්පන , ක්‍රීඩා වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය කේ.ඒ.පී කිරිඇල්ල සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති රංජිත් චන්ද්‍රසේකර , ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ

එලැඹෙන ඩයලොග් පාසල් රග්බි ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ගුණාත්මකබව, විනය සහ ක්‍රීඩක සුරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සහයෝගය මත ස්වාධීන තාක්ෂණ උපදේශන කමිටුවක් පත්කරනු ලැබ ඇත. ක්ශේත්‍රයේ ගෞරවයට පාත්‍ර වූ වෘත්තිකයන් පිරිසකගෙන් සැදුම්ලත් මෙම කමිටුව තරගාවලිය පැවැත්වීමේදී එයට වෘත්තීය මුහුණුවරක් ලැබෙන සේ එහි ප්‍රමිතිය ඉහළ නැංවීමට සහ සමබර ක්‍රීඩා ක්ශේත්‍රයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මකවීමට යෙදී තිබේ.

ලෝක රග්බි ක්‍රීඩාවේ මූලධර්ම, සාරධර්ම සහ මාර්ගෝපදේශයන් සහ නියාමනයන්ට අනුව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයට උපදෙස් සහ මගපෙන්වීම අදාළ උපදේශන කමිටුව වෙත පැවරී ඇති වගකීම වේ.

අභිනවයෙන් පිහිටුවන ලද මෙම කමිටුව, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතී‍ෆ්, පොලිස් ක්‍රීඩා සමාජයේ සහ ජාතික කණ්ඩායමේ හිටපු නායක සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.එච් මාර්සෝ, ශ්‍රී ලංකා රග්බි හිටපු සභාපති ලසිත ගුණරත්න, ලෝක රග්බි සංගමයේ සුදුසුකම් ලත් විනිශ්චය නිලධාරී අරුණ ජයසේකර, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති රංජිත් චන්ද්‍රසේකර, ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සහ ආසියානු රග්බි සංගමයේ සහ ලෝක රග්බි සංගමයේ තරග දින වෛද්‍ය, වෛද්‍ය නමිත් සංකල්පන සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය කේ.ඒ.පී කිරිඇල්ල යන අයගෙන් සමන්විත වේ.

‘‘ රග්බි තාක්ෂණ උපදේශක කමිටුව පත්කිරීම පිළිබඳව අපි මහත් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකා රග්බි ක්ශේත්‍රයේ සිටින මෙම දැවැන්තයන්ගේ විශේෂඥභාවයන් උපයෝගී කරගනිමින් අපගේ තරගාවලියේ ගුණාත්මකබව සහ ප්‍රමිතීන් ඉහළ නංවාලීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඔවුන්ගේ සුවිශේෂී වූ දැනුම් සම්භාරය තරගාවලියේ ප්‍රමිතිය ඉහළ නැංවීමට පමණක් නොවෙයි ශිෂ්‍යයන්ගේ පෙර දැක්මටත් අගනා ප්‍රතිලාභ හිමිකර දෙනු ඇත. එපමණක් නොවෙයි, ඔවුන්ගේ මග පෙන්වීම හරහා අවදානම් අවම කරගැනීමට, විනය කාරණා ආමන්ත්‍රණය කිරීමට සහ ආරක්ෂක ගැටලු නිසි පරිදි කළමනාකරණය කරගැනීමට උපකාර වනු ඇත’’යි ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහතා පවසයි.

අදාළ උපදේශක කමිටුව තරග ව්‍යුහය, නීති රෙගුලාසි, ආරක්ෂ පියවර, දත්ත කළමනාකරණය, පාලනය, පරිපාලනය, ඩිජිටල් විසඳුම්, ක්‍රීඩක සංවර්දන මංපෙත් සහ ක්‍රීඩක සුබසාධනය ආදී ලීගයේ විවිධ පැතිකඩ ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වෙමින් මෙම තීරණාත්මක පැතිකඩ ආමන්ත්‍රණය කිරීම ඔස්සේ පිටියේ මෙන්ම ඉන් පිටතද ක්‍රීඩාව බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සහතික කෙරෙනු ඇත.

සාමූහික විශේෂඥභාවයන් සහ නොසැලෙන විශ්වාසය ඔස්සේ මෙම කමිටුව, 2024 ඩයලොග් පාසල් රග්බිවාරය නිසැක ජයග්‍රාහී, ආරක්ෂාකාරී මෙන්ම සහභාගී වන සියළුදෙනා හට අත්දැකීම් සපිරි තරගාවලියක් බවට පත්වනු ඇත. පාසල් රග්බි ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීම පිණිස පෝෂණය කිරීම එහි ඒකායන අරමුණ වේ