Body

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩිකාවෝ නේපාල තරගාවලියේදී විශිෂ්ට ප්‍රතිඵල අත්කරගැනීමේ බලාපොරොත්තුවෙන් තරගබිමට

2023 මැයි 18         කොළඹදී

 

Dialog powers Sri Lanka Junior Netballers

පසුපෙළ ක්‍රීඩිකාවන් (වමේ සිට දකුණට) අප්සරා සෙව්මලී, අයේෂා මධුරිකා, කවීෂා ලක්ෂානි, පුහුණුකරු ජගත් සේනාධීර, ප්‍රධාන පුහුණුකරු චාල්ස් තිලකරත්න, සහකාර පුහුණුකාරිණී චන්දිමා අකරවිට, සංජීවනී කරුණාරත්න, තිළිණි වාසනා, කාංචනා චතුරාණි

ඉදිරිපෙළ ක්‍රීඩිකාවන් දිලූෂා සංජීවනී, ප්‍රීතිකා ප්‍රමෝදිනී, ඉරේෂා උමයංගනී, අර්නා වසන්ති, පියුමි භාෂිණී, ජේ.තිලකරාජ්, සචිනි චාරුකා, නඳුනි හිමංසලා

නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ජාතික වොලිබෝල් කණ්ඩායම බලගැන්වීමට මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කටයුතු කර ඇත.

මැයි 22 වෙනිදා ආරම්භ වන මෙම තරගාවලිය දින 6 ක් පුරාවට ක්‍රියාත්මක වේ. ‘B කාණ්ඩයෙන්’ තරග වදින ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මැයි 22 වෙනිදා උස්බෙකිස්තාන කණ්ඩායමට එරෙහිව සිය පළමු පළමු තරගයට මුහුණදීමට නියමිතයි. මැයි 23 වෙනිදා කසකස්තාන කණ්ඩායමට එරෙහිව තරවදින ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ඉන් අනතුරුව මැයි 24 වෙනිදා මාලදිවයින කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතව තිබේ.

තරගාවලියේ සත්කාරකත්වය දරන වත්මන් ශූරයන් වන නේපාල කණ්ඩායම මෙම තරගාවලිය තුළ ක්‍රීඩා කරන්නේ ‘Aකාණ්ඩයෙනි’. ඔවුන් තරග වදිනු ලබන්නේ කිරිගිස්තානය, බංග්ලාදේශ සහ ඉන්දියානු කණ්ඩායමට එරෙහිවය.අවසන් මහා තරගය මැයි 28 වෙනිදා පැවත්වෙනු ඇත.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.