Per Day Insurance - හදිසි අනතුරු ආවරණය (PA 2016)
2016 මැයි 19 වෙනිදා සිට 2017 නොවැම්බර් 22 දක්වා ලියාපදිංචිවූ පාරිභෝගිකයන් සඳහා පමණි.
රු.2 යි ශත 67 ක අවම දෛනික වාරිකයකට ඔබේ ජංගම දුරකතනය ඔස්සේ පහසුවෙන් සක්‍රීය කරගත හැකි, හදිසි අනතුරු ආවරණයක් සහ හදිසි අනතුරු නොවන ආවරණයක් (අවමංගල්‍යය වියදම්) ඔබට ඉදිරිපත්කිරීමට හැකිවීම පිළිබඳව අප ආඩම්බර වෙනවා. හදිසි අනතුරකදී හෝ පූර්ණ ආබාධිත තත්තවයකදී මේ යටතේ රක්ෂණ ප්‍රතිලාභය හිමිවේ. හදිසි අනතුරකින් සිදුනොවන මරණයකදී අවමංගල්‍ය වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් පහත සඳහන් කර ඇති පරිදි ප්‍රතිපූරණය කෙරෙන අතර, අත්‍යවශ්‍ය මොහොතකදී ප්‍රතිලාභියාගේ පිහිටට හේතුවන මෙමඟින් රක්ෂණ හිමියා ඉතා දරුණු අනතුරකට මුහුණදීමෙන් හෝ එම තැනැත්තාගේ / තැනැත්තිය මරණයට පත්වීමෙන් පවුලේ අයට දැරීමට සිදුවන වියදම් පියවාගැනීමට සහාය වෙයි
COVID-19 Coverage
For deaths due to COVID-19, a non-accidental death benefit up to Rs. 100,000/- is paid.
මිල නියම කිරීම
|
දෛනික ලියාපදිංචි ගාස්තුව |
ඊළඟ මාසය සඳහා රක්ෂණාවරණය |
---|---|---|
පෙරගෙවුම් |
රු. 2.67 |
හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු.1,200,000.00 ක වන්දි ප්රතිලාභයක්ද, හදිසි අනතුරකින් සිදුනොවන මරණයකදී රු.100,000 ක අවමංගල්‍ය ආධාරයක්ද මේ යටතේ හිමිවේ. |
|
මාසයක් සඳහා සඳහා ලියාපදිංචි ගාස්තුව |
ඊළඟ මාසය සඳහා රක්ෂණාවරණය |
---|---|---|
පසුගෙවුම් |
රු. 80.00 |
හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු.1,200,000.00 ක වන්දි ප්රතිලාභයක්ද, හදිසි අනතුරකින් සිදුනොවන මරණයකදී රු.100,000 ක අවමංගල්‍ය ආධාරයක්ද මේ යටතේ හිමිවේ. |
රු. 129.00 |
හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු.2,400,000.00 ක වන්දි ප්රතිලාභයක්ද, හදිසි අනතුරකින් සිදුනොවන මරණයකදී රු.100,000 ක අවමංගල්‍ය ආධාරයක්ද මේ යටතේ හිමිවේ. |
අදාළ බදු එකතු වේ.
රක්ෂණය සඳහා ප්රතිලාභ හිමිවන ආකාරය
මරණය හෝ ආබාධිතබවේ ස්වභාවය |
රක්ෂණ ප්‍රතිලාභයේ උපරිම ගෙවීම % |
---|---|
හදිසි මරණය |
100% (උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 1.2 ක උපරිම වන්දි ප්‍රතිලාභයක් මේ යටතේ හිමිවේ.) |
දෙඅත් සහ දෙපා දෙකම අහිමිවීමකදී |
100% |
දෙඅත් හෝ මහපට ඇඟිලි ඇතුළුව ඇඟිලි සියල්ල අහිමිවීම |
100% |
පූර්ණ වශයෙන් අංශභාග තත්ත්වයට පත්වීම |
100% |
පූර්ණ උමතුභාවය |
100% |
පූර්ණ ආබාධිත තත්ත්වයට හේතුවන තුවාල සිදුවීම |
100% |
පූර්ණ ආබාධිත තත්ත්වයට හේතුවන වෙනත් තුවාල සිදුවීම |
100% |
පූර්ණ අන්ධභාවය |
100% |
උරහිසෙන් පහල අත අහිමිවීම |
50% |
උරහිස සහ වැලමිට අතර කොටසින් අත අහිමිවීම |
50% |
වැලමිට සහ මැණික් කටුව අතර කොටසින් අත අහිමිවීම |
50% |
වැලමිට කොටසෙන් අත අහිමිවීම |
50% |
පාදයක් අහිමිවීම - උකුලෙන් පහල |
50% |
පාදයක් අහිමිවීම - උකුල සහ දණහිස අතර |
50% |
පාදයක් අහිමිවීම - දණහිසෙන් පහල |
50% |
එක් ඇසක පූර්ණ අන්ධභාවය |
50% |
එක් අතක මහපට ඇඟිල්ල සහ ඇඟිලි හතරක් අහිමිවීම |
50% |
කථන හැකියාව සම්පූර්ණයෙන් අහිමිවීම |
50% |
සටහන්
රක්ෂණ සහකරු: - සෙලින්කෝ රක්ෂණ සමාගම
-
රක්ෂණාවරණය සඳහා ලියාපදිංචි වන අවස්ථාවේදී වයස අවුරුදු 18 ත් 69 ත් අතර පුද්ගලයන්ට මේ සඳහා ඉල්ලුම් කල හැකිය.
-
ලියාපදිංචි පාරිභෝගිකයෙකුට වයස අවුරුදු 70 දක්වා හිමිකම් ප්‍රකාශ කල හැකිය. මෙම වයස් සීමාවට පැමිණි කල සේවාව ස්වයංක්‍රීයව අක්‍රීය වේ.
-
මෙම මොබයිල් සම්බන්ධතාවය භාවිත කරන පුද්ගලයා වෙනුවෙන් රක්ෂණ ආවරණය සක්‍රිය කළ හැක.
-
පාරිභෝගිකයා විසින් ලියාපදිංචියේදී රක්ෂණයට අදාළව ලබාදුන් තොරතුරු හිමිකම් පෑමේ ක්‍රියාවලියේදී සැලකිල්ලට ගනු ලැබේ.
නියම සහ කොන්දේසි - [PDF]
හිමිකම් සඳහා ඉල්ලුම් කිරීමේ අයැදුම්පත - [PDF]