Dialog SIM හිමිකාරිත්ව විස්තර ලියාපදිංචි කිරීම
ජාතික ආරක්ෂාව සහ නියාමන වලට අනුව සියලුම මොබයිල් සම්බන්ධතා නිවැරදි හිමිකරු යටතේ ලියාපදිංචි කළ යුතුය. එබැවින් පාරිභෝගිකයාගේ හිමිකාරීත්වය තහවුරු කිරීම පුද්ගල සහ ජාතික ආරක්ෂාවට වැදගත් වන නෛතික අවශ්‍යතාවයකි. ඔබේ මෙම අංකය ඇතුලත් ජංගම දුරකතනයෙන් #132# ඩයල් කර ඔබේ මොබයිල් සම්බන්ධතාවයට අදාළ හිමිකාරීත්ව විස්තර පරීක්ෂා කර තහවුරු කරගන්න.
Smartphone එකක් හෝ Laptop එකක් මගින් www.dialog.lk/ownership-reg වෙත පිවිස, ඔබේ මොබයිල් සම්බන්ධතාවයට අදාළ නිවැරදි හිමිකාරීත්ව විස්තර/ ලේඛන ඉතා පහසුවෙන් update කළ හැක. (කැමරා පහසුකම් තිබිය යුතුය).
මොබයිල් සම්බන්ධතාවය සඳහා ඔබේ හිමිකාරීත්වයේ විස්තර update කළ යුත්තේ ඇයි?
-
නීතිමය පැතිකඩ
-
<පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීමේ මාර්ගෝපදේශය> ගැසට් පත්‍රයට අනුව ‘1991 අංක 25 දරණ සංශෝධිත ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ නිකුත් කර ඇති 2019 අංක 1 දරණ පරිශීලක සිම් කාඩ්පත් රෙගුලාසි ප්‍රකාරව, සියලුම ජංගම දුරකතන සම්බන්ධතා එය භාවිත කරන තැනැත්තාගේ නමට නිවැරදිව ලියාපදිංචි කර හිමිකාරීත්වය update කළ යුතු වේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ලබාදී තිබෙන උපදෙස් වලට අනුව අසම්පූර්ණ හිමිකාරීත්ව විස්තර සහිත ඕනෑම සම්බන්ධතාවයක් මේ වසර අවසානය වන විට විසන්ධි කෙරෙනු ඇත.
-
පෞද්ගලිකත්වය සහ දත්ත සුරක්ෂිත කරගැනීම
-
ඔබේ මොබයිල් සම්බන්ධතාවය ඔබට පෞද්ගලිකයි. එමගින් ඔබේ දෛනික ජීවිතය සහ පෞද්ගලික තොරතුරු බාහිර ලෝකය සමඟ සම්බන්ධ කරයි. සමහරවිට ඔබේ මූල්‍ය ගනුදෙනු සහ සමාජ මාධ්‍ය ගිණුම් සඳහා ඔබ ඔබේ අංකය ලබා දී තිබෙනවා විය හැක.
-
එබැවින්, සැබෑ පාරිභෝගිකයාගේ නම යටතේ සම්බන්ධතාවය ලියාපදිංචි කර නොමැති විට, සමාගමක් වශයෙන් අපට සම්බන්ධතාවයට අදාළ තොරතුරු ලබාදිය හැක්කේ සම්බන්ධත්වයේ ලියාපදිංචි පාරිභෝගිකයාට පමණි.
-
ඔබගේ හැඳුනුම්පත යටතේ ඔබේ මොබයිල් සම්බන්ධතාවය ලියාපදිංචි කර නැත්නම් (ජාතික හැඳුනුම්පත / විදෙස් ගමන් බලපත්‍ර අංකය) එමගින් මූල්‍ය මෙන්ම සමාජ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලු මතුවනු ඇත. එහෙයින් සම්බන්ධතාවයට අදාළ නිවැරදි හිමිකාරීත්ව විස්තර යටතේ ලියාපදිංචි කර ඔහුගේ/ ඇයගේ පෞද්ගලිකත්වය සහ දත්ත සුරක්ෂිතතාව තහවුරු කිරීම පාරිභෝගිකයා සතු වගකීමකි.
සම්බන්ධතාවයේ හිමිකාරීත්වය update කිරීමට අවශ්‍ය ලේඛන මොනවාද?
ශ්‍රී ලාංකිකයෙකු නම්
ජාතික හැඳුනුම්පත් අංකය යටතේ සම්බන්ධතාවය ලියාපදිංචි කළ යුතුය
-
පාරිභෝගිකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය, මුහුණ, නම හා ලිපිනය පැහැදිලිව පෙනෙන හඳුනාගැනීමේ ලේඛනයක මුල් පිටපත
-
ජාතික හැඳුනුම්පත
-
රියදුරු ගමන් බලපත්‍රය
-
විදේශ ගමන් බලපත්‍රය
-
විදෙස් ගමන් බලපත්‍රයේ හෝ ජාතික හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනය, පාරිභෝගිකයා පදිංචි ලිපිනයෙන් වෙනස් වන විට බිල්පතක් හෝ / ලිපිනය තහවුරු කරන ලේඛනයක් ඉදිරිපත් කළ යුතුයි.
-
පසුගිය මාස හය ඇතුළත ලැබුණු විදුලි, ජල බිල්පත්, හෝ ටෙලිකොම් බිල්පත්
-
සක්‍රියව පවතින Dialog මොබයිල් පසුගෙවුම් / Dialog Television / Home Broadband සම්බන්ධතාවයේ බිල්පතක්
-
අවසන් මාස දෙක තුළ සඳහන් කළ ලිපිනයට ලද ඕනෑම බැංකු ප්‍රකාශයක්/ සිහිකැඳවීමේ නිවේදනයක්
-
ග්‍රාම සේවක සහතිකය
විදෙස් ජාතිකයෙක් නම්
සම්බන්ධතාවය විදෙස් ගමන් බලපත්‍ර අංකය යටතේ ලියාපදිංචි කළ යුතුය
-
අංකය, මුහුණ, නම හා වෙනත් තොරතුරු පැහැදිලිව පෙනෙන පාරිභෝගිකයාගේ විදෙස් ගමන් බලපත්‍රයේ මුල් ලේඛනය
-
පදිංචි වත්මන් ලිපිනය (ටයිප් කර හෝ ඉල්ලීමට අනුව යොමු කළ යුතුය)
Dialog ස්වයං සේවාව හරහා හිමිකාරීත්ව විස්තර update කරන ක්‍රමවේදය කුමක්ද?
-
හිමිකාරීත්වය update කිරීම සඳහා මොබයිල් අංකය ඇතුළත් කරන්න/ ලබාදෙන්න
-
Dialog ජංගම දුරකතනයට ලද OTP අංකය ඇතුළත් කරන්න / ලබාදෙන්න
-
දේශීය ද විදේශීය ද යන්න තෝරා හඳුනාගැනීමේ අංකය ඇතුලත් කර ඉදිරියට යන්න
-
ශ්‍රී ලාංකික - ජාතික හැඳුනුම්පත් අංකය
-
විදෙස් ජාතික - විදෙස් ගමන් බලපත්‍ර අංකය
-
හඳුනාගැනීමේ ලේඛනයේ ඡායාරූපයක් ලබාගන්න
-
අවශ්‍ය නම් ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයේ ඡායාරූපයක් ලබාගන්න
-
ඔබේ ඡායාරූපයක් ලබාගැනීමට ඉඩදෙන්න / ඔබේ Selfie ඡායාරූපයක් ලබාගන්න
-
නියමයන් සහ කොන්දේසි, වන්දි වලට එකඟවී ඔබේ අත්සන යොදන්න
-
'Submit' බොත්තම ඇතුලත් කර, ලේඛන සනාථ කිරීමේ ඉල්ලීම තහවුරු කරන තුරු රැඳී සිටින්න
-
හිමිකාරීත්ව ලේඛන උපරිම වැඩ කරන දින තුනක් තුළ තහවුරු කරනු ලැබේ.
-
යම් හේතුවක් මත හිමිකාරීත්ව ලේඛන update කිරීම අසාර්ථක වී නම් / ප්‍රතික්ෂේප වී නම් ඊට හේතුව සහ එය නිවැරදි කරන ආකාරය SMS එකක් මගින් දැනුම්දෙනු ඇත
-
අදාළ සම්බන්ධතාවයේ හිමිකාරීත්ව විස්තර තහවුරු කිරිමට එම අංකය ඇතුලත් ජංගම දුරකතනයෙන් #132#1# ඩයල් කරන්න.
-
පැහැදිලි සහ හඳුනාගත හැකි ඡායාරූපයක් update කර ඇති බවට වගබලා ගන්න
- අදාළ ලේඛනය මුල් පිටපතක් විය යුතු අතර ඡායා පිටපතක් / ස්කෑන් කළ පින්තූරයක් / වෙනත් උපාංගයකින් ලබාගත් පින්තූරයක් නොවිය යුතුයි
-
පැහැදිලි පසුබිමක් සහිත සමතලා පෘෂ්ඨයක් මත ලේඛනය තබන්න
-
- ඔබේ කැමරාවෙන් ලේඛනය focus කරන්න
-
ඔබ ලබාගත් ඡායාරූපය බොඳ වී නොමැති බවට සහ පැහැදිලිව කියවිය හැකි බවට වගබලා ගන්න
-
බිල්පතක් (Proof of Billing) හෝ ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
-
මෙය ඔබේ වත්මන් ලිපිනය තහවුරු කළ හැකි ලේඛනයකි
-
බිල්පතක් හෝ ලිපිනය තහවුරු කරන ලේඛනයක අවශ්‍යතාවය මතුවන අවස්ථාවන්ට උදාහරණ
-
හඳුනාගැනීමේ ලේඛනය වශයෙන් විදෙස් ගමන් බලපත්‍රය ලබාදී තිබෙන විට
-
හඳුනාගැනීමේ ලේඛනය වශයෙන් ලබාදී තිබෙන රියදුරු බලපත්‍රයේ ලිපිනය සඳහන් නොවන විට
-
වත්මන් / ගනුදෙනු කරන ලිපිනය හඳුනාගැනීමේ ලේඛනයෙන් ලබාදී තිබෙන ලිපිනයෙන් වෙනස් වන විට
-
බිල්පත් විස්තර/ ලිපිනය තහවුරු කිරීමේ ලේඛන වල වලංගුභාවය පහත සඳහන් කර ඇති ආකාරයට තීරණය වේ.
-
ලිපිනය තහවුරු කරන ලේඛනයේ නම ඔබ විසින් ලබාදී තිබෙන හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ / විදෙස් ගමන් බලපත්‍රයේ නම සමඟ ගැලපිය යුතුයි
-
අදාළ ලේඛනය පිළිගත හැකි වලංගු කාල සීමාවක් තුළ විය යුතුය.
-
බිල්පතක් (Proof of Billing) හෝ ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයක් ලෙස සැපයිය හැකි ලේඛන
-
පසුගිය මාස හය ඇතුළත ලැබුණු විදුලි, ජල බිල්පත්, හෝ ටෙලිකොම් බිල්පත්
-
සක්‍රියව පවතින Dialog මොබයිල් පසුගෙවුම් / Dialog Television / Home Broadband සම්බන්ධතාවයේ බිල්පතක්
-
අවසන් මාස දෙක තුළ සඳහන් කළ ලිපිනයට ලද ඕනෑම බැංකු ප්‍රකාශයක් / සිහිකැඳවීමේ නිවේදනයක්
-
ග්‍රාම සේවක සහතිකය
அடிக்கடி கேட்கப்படும் கேள்விகள்
මෙම මොබයිල් සම්බන්ධතාවයේ හිමිකාරීත්වයට අදාළ ලේඛන වෙනස් කර ඇති බව/ අසම්පූර්ණ බව හෝ අපගේ තොරතුරු පද්ධතියේ නොමැති බව Dialog ආයතනය විසින් හඳුනාගෙන තිබේ. එහෙයින් බාධාවකින් තොර අඛණ්ඩ සම්බන්ධතාවයක් සඳහා හිමිකාරීත්ව විස්තර update කළ යුතු වේ.
ඔබ විසින්ම හිමිකාරීත්ව විස්තර update කරගැනීමට www.dialog.lk/ownership-reg මත Click කරන්න
Error message |
Clarification |
Corrective action |
1. කනගාටුයි. මෙම හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කළ හැකි උපරිමය වන සම්බන්ධතා 5 ක් මේ වනවිටත් ලියාපදිංචි කර ඇත. මෙම හැඳුනුපත යටතේ ලියාපදිංචි කර ඇති මොබයිල් සම්බන්ධතාවයකින් #132#4# ඩයල් කර මෙම හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කර ඇති සියලුම සම්බන්ධතා පරීක්ෂා කරන්න. භාවිතා නොකරන අංකයක් විසන්ධි කිරීමට ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත යන්න. |
පරිභෝගිකයෙකුට ඔහුගේ /ඇයගේ හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කර සක්‍රියව පවත්වාගත හැකි උපරිම සම්බන්ධතා ගණන 5 කි. |
ඔබේ හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කර ඇති නොදන්නා/ භාවිතා නොකරන අංක විසන්ධි කරන්න. වෙනත් පුද්ගලයන් විසින් භාවිතා කරන සම්බන්ධතා ඔවුන්ගේ හැඳුනුම්පත් අංක යටතට හරවන්න. |
2. කනගාටුයි. මෙම ජාතික හැඳුනුම්පත දරණ පුද්ගලයා බාල වයස්කරුවෙකු වන බැවින් සම්බන්ධතාවය මෙම හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කළ නොහැක. පෙරගෙවුම් සම්බන්ධතාවයක් ලියාපදිංචි කිරීම සඳහා පාරිභෝගිකයෙකු වයස අවුරුදු 16 ට වැඩි විය යුතු අතර, පසුගෙවුම් සම්බන්ධතාවයක් ලියාපදිංචි කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය. |
පාරිභෝගිකයෙකුගේ නමට සම්බන්ධතාවයක් ලියාපදිංචි කිරීම සඳහා ඔහු/ඇය නීත්‍යානුකූලව නිසි වයස සම්පූර්ණ කළ යුතුය. a. පසුගෙවුම් සම්බන්ධතාවයක හිමිකරුවෙකු වීම සඳහා පාරිභෝගිකයෙකු වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය. b. පෙරගෙවුම් සම්බන්ධතාවයක හිමිකරුවෙකු වීම සඳහා පාරිභෝගිකයෙකු වයස අවුරුදු 16 ට වැඩි විය යුතුය. |
කිසිඳු ක්‍රියාමර්ගයක් ගත නොහැක. සම්බන්ධතාවයක් ලබාගත හැකි නිසි වයසට පැමිණෙන තුරු මෙම සම්බන්ධතාවය දෙමව්පියන් / භාරකරුවෙකු යටතේ ලියාපදිංචි කළ යුතුය. |
3. කනගාටුයි. ඔබ ඇතුළත් කළ සම්බන්ධතා අංකය මෙම හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කළ නොහැක. මේ සම්බන්ධයෙන් සහාය ලබාගැනීමට කරුණාකර ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත පිවිසෙන්න. |
පාරිභෝගිකයාගේ හැඳුනුම්පත අසාදු ලේඛනයට (Blacklisted), එක් කර ඇති බැවින්, Dialog ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ස්වයං සේවා ලබාගැනීමට නොහැක. |
Dialog මධ්‍යස්ථානයක් වෙත ගොස් හැඳුනුම්පත අසාදු ලේඛනයට (Blacklisted), එක් කර ඇත්තේ ඇයිදැයි තහවුරු කරගෙන එය නිවැරදි කරගැනීමට අවශ්‍ය පියවර ගන්න. |
- Dialog විසින් SMS පණිවිඩයක් මගින් ඔබට එය දැනුම්දෙනු ඇත. ඔබට එවැනි පණිවිඩයක් ලැබී තිබේනම් www.dialog.lk/ownership-reg වෙත පිවිස එය සිදුකළ හැක.
- ඔබේ අංකය ඇතුලත් ජංගම දුරකතනයෙන් #132#1# ඩයල් කර update කර ඇති තොරතුරු තහවුරු කරගත හැක
- හිමිකාරීත්වය update කරන ලෙසට වූ ඉල්ලීම සාර්ථකව Dialog වෙත යොමුකළ විට, වැඩ කරන දින 3 ක් තුළ යොමුකරන ලද ලේඛන තහවුරු කිරීමට පියවර ගැනේ.
- එය සාර්ථක වුවහොත් update කිරීම සිදුවන අතර, #132#1# ඩයල් කර එය තහවුරු කරගත හැක.
- හිමිකාරීත්වය update කිරීම අසාර්ථක නම්, එය නිවැරදි කිරීම සඳහා ගතයුතු පියවර සඳහන් කරමින් ඔබට SMS පණිවිඩයක් යොමු කෙරෙනු ඇත.