ඩයලොග් 4G Broadband ජාලය පුළුල් කිරීම සඳහා 3G ජාලය නොවැම්බර් 15 වැනිදා සිට අත්හිටුවයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීල්සී සමාගම, ඉකුත් වසරේ ප්රකාශ කළ පරිදි, 2023 නොවැම්බර් මස 15 වැනිදා සිට සිය 3G ජාලය අත්හිටුවීමට කටයුතූ කරන බව දැනුම් දී තිබේ. උසස්ම හා නවීනතම තාක්ෂණය හඳුන්වාදෙමින් පාරිභෝගිකයන්ට සැමවිටම හොඳම අත්දැකීමක් ලබාදීමට ගන්නා උත්සාහයේ තවත් පියවරක් ලෙසින් 4G Mobile Broadband ජාලයේ ධාරිතාවය වැඩි කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
அடிக்கடி கேட்கப்படும் கேள்விகள்
Mobile 4G ජාලයේ ධාරිතාවය තවදුරටත් පුළුල් කරමින් Dialog 4G Mobile Data පාරිභෝගිකයින්ට වඩා හොඳ අත්දැකීමක් හිමි කර දීමට TRCSL මගින් තහවුරු කල පරිදි 2023 නොවැම්බර් 15 වන දින සිට Dialog Mobile 3G ජාලය අත්හිටුවා තිබේ.
ඔබ 3G SIM පතක් හෝ 3G උපාංගයක් භාවිත කරන්නේ නම්, 2023 නොවැම්බර් 15 වන දින සිට Mobile 3G ජාලය හරහා Data භාවිතා කළ නොහැකි අතර, Calls සහ SMS තවදුරටත් බාධාවකින් තොරව භාවිතා කළ හැකිය.
ඔබේ ඩයලොග් ජංගම දුරකතනයෙන් ‘4GREADY’ ලෙස ටයිප් කර, 678 ට SMS පණිවිඩයක් යැවීමෙන් ඔබේ ජංගම දුරකථනය සහ Dialog SIM පත 4G සඳහා භාවිත කල හැකිදැයි පහසුවෙන් තහවුරු කර ගත හැකිය.
ළඟම ඇති Dialog අලෙවිසැලට හෝ ඕනෑම Dialog Experience Centre එකක් වෙත පිවිසීමෙන් ඔබට ඔබේ 3G සිම් එක පහසුවෙන් 4G සිම් එකකට upgrade කර ගත හැක. මේ සදහා ගාස්තු අය කෙරෙන්නේ නැත.
eSIM පහසුකම සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් ඔබ සතුව තිබේ නම්, 4G eSIM එකකට නොමිලේ upgrade කිරීම සඳහා Dialog.lk/eSIM වෙත පිවිසෙන්න.
මේ සදහා පුළුල් පරාසයක 4G ස්මාර්ට්ෆෝන් තෝරාගැනීමට ඇති අතර, Dialog Experience Centre වෙත පිවිසීමෙන්, ඔබ කැමති 4G smartphone එකක් මිලදී ගත හැකිය. ඔබට 'Dialog ලේසි pay ඔස්සේ මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකමද ලබාගත හැක
Upgrade කිරීමෙන් පසුව, ඔබගේ ජංගම දුරකතන අංකයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. ඊට අමතරව, කලින් activate කළ plan එකෙහි ප්රතිලාභ ආදියද එලෙසම පවතී.
ඔබගේ ජංගම දුරකථනය අපගේ 4G ජාලයට සම්බන්ධ කර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
Android
Go to the Settings menu on your Android phone > Connections > Mobile Networks > Network Mode > Select 4G / LTE
iPhone
iPhone> Mobile Data > Mobile Data Options > Voice & Data > Select 4G / LTE & VoLTE