තෑගි මල්ල IVR සේවාව


තෑගි මල්ල IVR සේවාව, Dialog පාරිභෝගිකයන් වෙනුවෙන් හඳුන්වාදෙන, සාමාන්‍ය දැනීම උරගා බලන ප්‍රශ්න විචාරාත්මක තරඟයකි. මෙහිදී දිනපතා ප්‍රශ්න 5ක් හිමිවන අතර, ලබාදී ඇති පිළිතුරු තුනක් අතරින් නිවැරදි පිළිතුර පාරිභෝගිකයා විසින් තෝරාගත යුතු වේ. එමෙන්ම, අමතර ප්‍රශ්න මිලදී ගැනීමටද හැකියාව පවතී.

සෑම නිවැරදි පිළිතුරක් සඳහාම ලකුණු 10 ක් හිමි වන අතර, දිනපතා SMS මගින් මුළු ලකුණු දැනුම් දෙනු ලැබේ. ජයග්‍රාහකයින් සතිපතා තෝරාගනු ලබන අතර දුරකතන ඇමතුම් මගින්ද දැනුවත් කෙරේ.

තරගකරුවන්ට සතිපතා ත්‍යාග හිමිවන අතර සතිය අවසානයේ වැඩිම ලකුණු ලබාගන්නා තරගකරුවන්ට ජංගම දුරකතන, රීලෝඩ්, රයිස් කුකර්, LED රූපවාහිනී යන්ත්‍ර, මයික්‍රොවේව් අවන්, ටෝස්ටර්, බ්ලූටූත් ස්පීකර්, ගෘහ උපකරණ ඇතුළු සැනසිලි ත්‍යාග රැසක් හිමිවේ. වසර අවසානයේ වැඩිම ලකුණු ලබාගන්නා තරගකරුවාට රු 50,000 ක සුපිරි මුදල් ත්‍යාගය දිනාගැනීමට අවස්ථාව ඇත.

Activate කිරීම හා deactivate කිරීම

  • සේවාව activate කරගන්නේ කෙසේද?

  • 3575 අමතා උපදෙස් පිළිපඳින්න.

  • සේවාව deactivate කරන්නේ කෙසේද?

  • 3575 අමතා උපදෙස් පිළිපඳින්න.

ගාස්තු

  • දිනකට රු. 2.40 ක් සහ බදු අදාළ වේ.

  • අමතර ප්‍රශ්න 5 ක් සඳහා රු. 2.40 ක් සහ බදු අදාළයි.

වැඩි විස්තර

  • මෙම සේවාව 2024 මැයි 06 වැනිදා සිට 2025 මැයි 06 වැනිදා දක්වා වලංගු වේ.

  • තෑගි මල්ල IVR සේවාව, සිංහල භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක වන අතර සතියට අදාළ ලකුණු ගණනය කිරීම සෑම ඉරිදා දිනකම සිදුකෙරේ.

  • අමතර සහය සඳහා, මෙම සේවාව සඳහාම ඇති 011 772 5698 hotline අංකය අමතන්න.