பொருள் விரிவாக்கம்

සියලූම බලයලත් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් අන්තර්ජාල පැකේජ සදහා 10% අමතර ඩේටා දීමනාවක් ලබා දේ.

2017 අගෝස්තු මස 22 වැනිදා        Colombo

 

රජය විසින් නිවේදනය කරනු ලැබූ විදුලි සංදේශන බදු සංශෝධනයට සමගාමීව, සියලූම බලයලත් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් ජංගම සහ ස්ථාවර ග්‍රාහකයින්ට විශේෂ දීමනාවක් ලෙස අන්තර්ජාල පැකේජ, කාඩ් සදහා 10% අමතර ඩේටා ලබාදීමට කටයුතු කර ඇත.

එමෙන්ම අප රටේ ජනතාව වෙත ඩිජිටල් ලෝකය වඩාත් සමීප කරමින් තැබූ මෙම පියවර, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දක්වා යන ගමනේ තැබූ විශාල පියවරක් ලෙස සැලකිය හැකියි.

මෙම අමතර අන්තර්ජාල දීමනාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය මත, විදුලි සංදේශන සේවා බදු ලිහිල් කිරීමට සමගාමීව 2017 සැප්තැම්බර් 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.