பொருள் விரிவாக்கம்

Dialog සහ Ideamart ආයතන Google Developer Group සමග සම්බන්ධ වී අඛණ්ඩ 4 වන වසරටත් අති සාර්ථකව Google I/O Extended සංවිධානය කරන ලදී.

2019 මැයි 9         කොළඹ

 

news-1

වමේ සිට : තාක්ෂණ බ්ලොග්කරු මලින්ද අලහකෝන්, භාෂා, හෙළකුරු මෙන්ම PayHere නිර්මාතෘ Dhanika Perera,තාක්ෂණ බ්ලොග්කරු Chanux Bro.

news-1

වමේ සිට : තාක්ෂණ බ්ලොග්කරු මලින්ද අලහකෝන් , Arimac Digital ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චමීර ජයසිංහ සහ තාක්ෂණ බ්ලොග්කරු Chanux Bro.

news-1

වමේ සිට : :තාක්ෂණ බ්ලොග්කරු මලින්ද අලහකෝන්, ගායක Bathiya සහ Santhush

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගම් ජාලයක් වන Dialog Axiata PLC සමාගම, Ideamart ආයතනය Google Developer Group Sri Lanka සමග සම්බන්ධව, බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් සිටින වසරේ විශාලතම තාක්ෂණික අංගය වන Google I/O Extended අඛණ්ඩ ව සිව්වෙනි වරටත් පසුගිය දා අතිසාර්ථක ව පවත්වනු ලැබුවා. මේ වසරේ සුවිශේෂීත්වය බවට පත් වූයේ Dialog Axiata PLC Auditorium හි සජීවීව පැවැත්වූ මේ අංගය thePapare කණ්ඩායමේ සහාය ඇති ව mobile, web, Facebook and Dialog TV යන මාධ්‍ය ඔස්සේ online video streaming තාක්ෂණය මඟින් විකාශය කිරීමයි. මේ අංගයේ අරමුණ බවට පත් වුණේ ලොව පුරා සිටින developersලා මෙන්ම Google සමාගමේ විශේෂඥයින් ද සමග අත්දැකීම්, අදහස් බෙදාගනිමින් තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම යි. California හි පැවැත්වූ Google I/O ප්‍රධාන සමුළුව, සහ Google සමාගමේ නවතම උපාංගයන් හා සේවාවන් පිළිබඳව හඳුන්වාදුන් එහි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායිගේ සැසිය මෙහි දී සජීවීව විකාශය කෙරුණා.

මේ live stream එකෙහි අරමුණ බවට පත්වුණේ රට පුරාම සිටින තාක්ෂණයට ඇල්මක් දක්වන්නන් සහ developer community එක වෙත Google I/O අත්දැකීම ලබා දීම යි. එහි සාර්ථකත්වය සනිටුහන් කරමින් 50,000කට අධික නරඹන්නන් පිරිසක් මේ විකාශයට සම්බන්ධ වුණා.

දේශීය තාක්ෂණ බ්ලොග්කරුවන් වන Chanux Bro සහ මලින්ද අලහකෝන් විසින් ලංකාවේ පළමු වරට පැවැත්වූ මේ virtual අංගය මෙහෙයවනු ලැබුවා. ඒ වගේම මේ අංගයට සම්බන්ධ වූ නරඹන්නන්ට විවිධ ත්‍යාගයන් දිනාගැනීමට අවස්ථාව උදා වුණා. 5G තාක්ෂණ නිදර්ශනයන් වගේ ම, AI (කෘතීම බුද්ධි) තාක්ෂණයෙන් බලගැන්වූ මිනිස් චලන අනුගමනය කරන රොබෝ අත් , 360 degrees virtual reality (අතත්‍ය සජිවිකරණ) සහිත video streaming, සහ අතිනවීන තාක්ෂණික නවෝත්පාදන අංගයන් පිළිබඳවත් එහි දී දැක බලා ගැනීමට අවස්ථාව උදා වුණා. මේ අංගයේ සුවිශේෂී අවස්ථාවක් ලෙසින් Google ආයතනයේ නවතම පෙරළිකාර තාක්ෂණික අංගයන් බවට පත් වූ Pixel 3A සහ 3A XL නිල වශයෙන් නිකුත් කිරීම සිදුවුණා. ඒ වගේ ම Google Nest Umbrella, Android Q beta මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය මෙන්ම live captioning, Project Mainline, Google Maps වෙත incognito mode එකක් ලබා දීම, Google Lens නවතම ලබාදීමට සුදානම් වෙන නවතම යාවත්කාලීනයන් සහ පසුගිය වසරේ විශාලම තාක්ෂණික නව්‍යතාවක් ලෙසින් සඳහන් කළ Google Duplex පහසුකම වෙබ් අඩවි වෙත ලබාදීමට සුදානම් බව ප්‍රකාශ කිරීමත් හඳුවන්න පුළුවන්.

Google I/O Extended 2019 අංගයේ දී අදහස් දැක්වූ Dialog Axiata PLC ආයතනයේ Digital Commerce ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නුෂාඩ් පෙරේරා සඳහන් කළේ මෙවරත් වැඩිම පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි තාක්ෂණික අංගය පැවැත්වීමට ලැබීම පිළිබඳව Dialog සහ Ideamart ආයතනයන් ආඩම්බර වන බව යි. මේ අංගයේ අරමුණ බවට පත් වන්නේ තාක්ෂණික කුසලතාවයන් ඇති ලාංකිකයින්ට ජාත්‍යන්තර තලයට පිවීසිමට අවකාශය ලබා දීම බව ඔහු විසින් ප්‍රකාශ කෙරුණා.

මේ වසරේ තාක්ෂණික ප්‍රවීණයන් ලෙසින් භාෂා, හෙළකුරු මෙන්ම PayHere නිර්මාතෘ ද වන ධනික පෙරේරා, සහ Arimac Digital ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චමීර ජයසිංහ සම්බන්ධ වුණා. මෙහි දී ධනික පෙරේරා ඔහුගේ අංශයන්ගෙන් ඉදිරියට පැමිණෙන ව්‍යවසායකයන්ට, සහ දේශීය තාක්ෂණ සමාගම් තිරසර වීමට යන ගමනේ දී මුහුණ පාන්නට සිදුවන අවස්ථාවන්, අභියෝගයන්, සහ බාධකයන් පිළිබඳව වාගේ ම ඒවාට මුහුණ දෙන ආකාරය ගැනත් අත්දැකීම් බෙදාහදා ගත්තා. චමීර ජයසිංහ ශ්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය හේතුවෙන් සිදුවන බුද්ධි ගලනය පිළිබඳ මෙන්ම, තාරුණ්‍යය තුළ තාක්ෂණික කුසලතාවයන් රඳවා ගැනීම සහ ඒවා ප්‍රායෝගිකව භාවිතා කෙරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළා. එසේම Arimac ආයතනයේ නව නිර්මාණයන් වන IMI Games, Arimac Airspace, WynkAR, සහ NERO වැනි නිර්මාණ සඳහා ඒ ක්‍රමෝපායන් භාවිත කළ අන්දම පිළිබඳවත් ඔහු විසින් පැහැදිලි කෙරුණා.